අනත්ත යනු "තමන් වසඟයේ පවත්වාගන්න බැරි බව" ද?

Poster's name (Optional): 
Prasansa Kalukottege

Please excuse me for being unable to type in Sinhala.
The answer to the question in the Subject line looks like "Yes" with respect to the Anattha Lakkhana Suttha.
Can you explain this different concepts taking Anatta as 'harayak nethi' and what is mentioned in the Suttha?
Obathumata Bohoma Pin.

පින්වත් මැතිනියනි,

ආත්ම, අනාත්ම යන වචන සහ "තමන් වසඟයේ පවත්වාගන්න බැරි බව" ගැන වැඩි විස්තර සඳහන් තවත් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමකවග්ගයේ චූළසච්චක සූත්‍රය දැක්විය හැකියී.

පංචස්කන්ධය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ලෙස දැකිය හැකි ආකාරයන් එක් ලක්ෂණයකට එක් ආකාරය බැගින් සීමා නොවී එක් ලක්ෂණයකට ආකාර ගණනාවක් සේ පවතිනවා. මමත් එම විවිධාකාර ආකාරයන් ගැන පැහැදිලිව නොදැන සිටීම නිසා යම් ආකාරයකට සමහර ධර්ම කොටස් පටලවාගෙන ඇති බව මෑතකදී සැක මතු වුනා. ඒ නිසා එම කරුණු නිරවුල් කර ගැනීම පිණිස මම මේ දිනවල යොමු වී සිටිනවා. පාලි වචන වල අර්ථත්, සිංහල වචන වල අර්ථත්, මේ ගැන ඇති නොයෙක් සූත්‍ර, අටුවා, අන් දහම් පොත් සහ දහම් දේශනා ආදියද සසඳා බැලීම පිණිස යම් කාලයක් ගතවේවි. ඒ ගැන දැඩි විමසීමක් කර ඔබතුමිය අසා ඇති කරුණ ගැන විස්තර දක්වන්නම්.

කමල්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.