බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ සිරි සමන්තභද්‍ර මහ ස්වාමීන් වහන්සේ‍ගේ රහතෙකු වන නිවැරදි මග1 අතර වෙනස?

Poster's name (Optional): 
නයන

පින්වත් කමල්,

පහත හඬපටය ශ්‍රවනය කිරීමෙන් පසු,
1). සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ‍( ත්‍රිපිටක ධර්මය ඇසුරු කරන) ත්‍රිපිටකයේ එන නිර්වාණ මාර්ගය සඳහන් ධම්ම චක්කපවත්තන සූත්‍රය(http://thripitaka.org/view/sp/sp11p2/294) , සච්ච විභංග සූත්‍රය(http://thripitaka.org/view/sp/sp6/528) , මහා චත්තාරීසක සූත්‍රය(http://thripitaka.org/view/sp/sp6/227) වැනි සූත්‍ර ඉදිරිපත් නොකර උන්වහන්සේගේ විසින් පත්‍රයක්ෂ කොටගත්තේ යැයි පවසන උන්වහන්සේට සාපේක්ෂව නිවැරදි නිවන් මගක් දේශනා කිරීමේ හේතුව කුමක් විය හැකිද?

2). උන්වහන්සේට සාපේක්ෂ නිවැරදි නිවන් මග, උන්වහන්සේගේ දේශනාවලට අනුව තමන්ටද සාපේක්ෂව නිවැරදියැයි හැගීගොස් ඇති අනුගාමිකයින්ට ඔබ හට දිය හැකි උපදේශය කුමක්ද?

3). තමන් රහතන් වහන්සේ කෙනෙකු බවට පත්වී ඇති බව පවසන සිරි සමන්තභද්‍ර මහ ස්වාමීන් වහන්සේ‍ගේ රහත් භාවය පිලිබඳව ඔබගේ විග්‍රහය ත්‍රිපිටක ධර්මය ඇසුරෙන් බලාපොරොත්තු වෙමි.

ඔබට තෙරුවණ් සරනයි.
නයන

https://www.youtube.com/watch?v=op_notKmSSY

පින්වත් නයන,

සෑහෙන කලක් ගත උවත් ඔබ ගෙන හැර දැක්වීමෙන් පසුව අදාළ වීඩියෝව පූර්ණ ලෙස ශ්‍රවණය කරන්න තවමත් මම යොමු වූයේ නැහැ. බොහෝ කලකට පෙර මම එය පොඩ්ඩක් ශ්‍රවණය කලා.

ඔබ අසා ඇති ආකාරයේම ගැටළු සහ සැක මුසු තැන් තවත් බොහෝ අයට තිබෙනවා. සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ‍ ගැන පමණක් නොවෙයි, අන් සමහර ස්වාමීන් වහන්සේලා ගැනත් බොහෝ අයට සැක තිබෙනවා. මෙසේ ගැටළු ඇතිවීමට හේතු දෙකක් දැක්විය හැකියී. පළමු හේතුව නම් සැබෑවටම සමහර ස්වාමීන් වහන්සේලා දොස් සහිත දහම් දේශනා කිරීම. අනෙක් හේතුව නම් දහම් දේශනා කරන්නා දොස් රහිත දහම් දෙසුවත් අසන්නාගේ ධර්මාවබෝධය අඩු බව හේතුවෙන් දේශනා කරන්නා ගැන සැක ඇති කර ගැනීම.

මෙවන් ගැටළු සහ තවත් හේතූන් ගැන සැලකීමෙන් පසුව මම තීරණය කලා මීට යම් පිළියමක් යෙදිය යුතුයි කියා. ඒ නිසයි මම http://www.trekmentor.org/si වෙබ් අඩවිය ආරම්භ කලේ. එයට සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ‍ගේ දේශනාවනුත් අඩංගු කර තිබෙනවා.

නව වෙබ් අඩවියේ ඉදිරි කටයුතු කරගෙන යන විට ටිකෙන් ටික අධර්මය සහ අවිනය යටපත්ව ධර්මය සහ විනය මතු වේවි. යම් කාලයක් ගත උවත් එවිට සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ පවසන කරුණු වැරදීද, නැත්නම් නිවැරදිද යන්න ගැන බොහෝ දෙනෙකුට පැහැදිලි අවබෝධයක් ලැබේවි.

කමල්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.