ලෝකය සහ මම යන දෙකෙහි එකිනෙකට අඤ්ඤමඤ්ඤ ස්වභාවයක් පවතිනවාද?
සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.
Kamal Wickramanayake
February 10, 2015 - 22:26 +0000
Permalink
පින්වත් ප්‍රගීත්,
පින්වත් ප්‍රගීත්,
මෙම ප්රශ්නය දෙන්න උත්තරයක් නැති ආකාරයේ ප්‍රශ්නයක්. නමුත් මෙම ප්රශ්නය යමෙකුට ඇතිවන්නට හේතුවත්, එයට දෙන්න උත්තරයක් නැත්තේ ඇයිදැයි දැනගැනීමත්, ඒ ගැන වඩ වඩාත් විමසා බලා තේරුම් ගන්න උත්සාහ කිරීමත් නම් ධර්ම අවබෝධය වැඩි දියුනු කරන, මිත්‍යා දෘෂ්ටීන් ප්‍රහානය පිණිස වන කරුණාවන්. මේ නිසා ඔබේ ප්‍රශ්නයට උත්තරයක් නොදී එසේ උත්තර නොදීමට හේතු කාරනාවන් පැහැදිලි කරන්නම්. එම කාරනාවන් හොදින් විමසා බලන්න.
යමෙක් තුල සක්කාය දිට්ඨිය පවතිනවානම් එම පුද්ගලයා තුල "ලෝකය" සහ "මම" අතර අන්‍යෝනය ප්‍රත්‍ය ස්වභාවයක් තියෙන්නේද යන ප්රශ්නය පැන නගින්න පුළුවන්.
"මම" යනු පරමාර්ථයෙන් නොමැති නමුත් සක්කාය දිට්ඨිය ප්‍රහානය නොවූ අයට ඇත්තේ යැයි හැඟෙන කාරනාවක්. මේ නිසා "මම" යන නොමැති දෙයට ප්‍රත්‍ය වන දෙයක් පරමාර්ථයෙන් පනවන්නට නොහැකියී. මේ නිසා "ලෝකය සහ මම යන දෙකෙහි එකිනෙකට අඤ්ඤමඤ්ඤ ස්වභාවයක් පවතිනවාද?" යන ප්‍රශ්නයට "ඔව්" කියුවොත් එය නිවැරදි පිළිතුරක් නොවෙයි. එම ප්‍රශ්නයට පිළිතුර ලෙස "නැහැ" යැයි කියුවොත් එයත් නිවැරදි පිළිතුරක් නොවෙයි. ඒ "මම" යන්න නොමැති කරුණක් නිසා. එයට ප්‍රත්‍ය වන යමක් තියෙනවාද, නැත්ද යැයි හිතන්න ගියොත් "මම" යන්න පරමාර්ථ ලෙස පවතින දෙයක් ලෙස සලකා මිස එම ප්‍රශ්නයන්ට උත්තර සොයන්න බැහැ. එය වෙන යමකට ප්‍රත්‍ය වන බවක් තියෙනවාද, නැත්ද යැයි හිතන්න ගියොත් ඒත් "මම" යන්න පරමාර්ථ ලෙස පවතින දෙයක් ලෙස සලකා මිස එම ප්‍රශ්නයන්ට උත්තර සොයන්න බැහැ. මේ නිසා "මම" යන්න සක්කාය දිට්ඨිය ප්‍රහානය නොවීම නිසා ඇත්තේ යැයි හැඟෙන නමුත් සැබැවින්ම නොපවතින කාරනාවක් ලෙස තේරම් ගෙන නොපවතින නිසා "මම" යන්නට ප්‍රත්‍ය වන හෝ නොවන කිසිම දෙයක පැනවීමක් කරන්නට නොහැකි බව දකින්න. එලෙසම පරමාර්ථයෙන් නොමැති "මම" යන්න වෙන යමකට ප්‍රත්‍ය වන හෝ නොවන බව පැනවීමටත් නොහැකි බව දකින්න.
පරමාර්ථයෙන් "මම" යන්න පැනවීමක් නොකලත් "මම" යන්න ඇතැයි යන හැඟීම ඇතිවීමට හේතු ප්‍රත්‍ය නම් පැනවීමට හැකියී. ඒ සක්කාය දිට්ඨියයි (අවිද්‍යාව ලෙස කියුවත් වැරදි නැහැ).
ඉහත දැක්වූ කරුණු නිසයි ඔබ ඇසූ ප්රශ්නය දෙන්න උත්තරක් නැති ආකාරයේ ප්‍රශ්නයක් යැයි පැවසුවේ. එම කරුණු හොදින් විමසා බලන්න. එසේ විමසීම නිවැරදි අවබෝධයේ වැඩි දියුණු වීම පිණිසමයි පවතින්නේ.
කමල්
Prageeth Mahendra (not verified)
February 11, 2015 - 02:36 +0000
Permalink
සාදු... සාදු...! ඔබගේ දහම්
සාදු... සාදු...! ඔබගේ දහම් දෑනුමත් එයින් දුන් සම්පූර්න පිලිතුරත් හරිම අසිරිමත්...!