මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එන “ මෙසේ තමාගේද අනුන්ගේද ආශ්වාස ප්‍රශ්වාස අනුන්ගේ හා තමන්ගේද (ආශ්වාස ප්‍රශ්වාස) ශරිරයෙහි හෝ ආශ්වාස ප්‍

Poster's name (Optional): 
නයන

පින්වත් කමල්,

මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එන “ මෙසේ තමාගේද අනුන්ගේද ආශ්වාස ප්‍රශ්වාස අනුන්ගේ හා තමන්ගේද (ආශ්වාස ප්‍රශ්වාස) ශරිරයෙහි හෝ ආශ්වාස ප්‍රශ්වාස ශරිරය අනුව බලමීන් වාසය කරන්නේය. “
ලෙස අනුන්ගේ සතර සතිපට්ඨානය ගැන සිත යොමුකිරීමෙහි ප්‍රයෝජනය කුමක් විය හැකිද?

සටහන :
මෙලෙස අනුන්ගේ සතර ඉරියව් දෙස අවදානය යොමුකිරීමෙන් ඔවුන්ගේ සිත්තුල පහලවිය හැකි සිතුවිලිද, ඒ අනුව ඔවුන්ගෙන් විදහා දැක්විය හැකි ක්‍රියාකාරකම් ගැනද නිවැරදි ලෙසම අනුමාන කලහැකි බැවින්, අනුන්ගෙන් තමා බලාපොරොත්තු නොවන ක්‍රියාවන් සිදුවීම තුලින් තමාගේ චිත්ත සන්තානයතුල සිදුවිය හැකි පීඩාකාරී මානසික ස්වභාවයන්ගෙන් මුදවා ගතහැකි වීම.
උදා :-
පරාර්ථ චර්යාවේ යෙදෙන යමෙකු තම අනුගාමිකයන්ගේ චරියාවන් අධ්‍යනයකින් තොරවම ඔවුනගෙන්ද ස්වාර්ථය නොව පරාර්ථයම අපේක්ෂා කිරීම තුලින් ඇතිවිය හැකි මානසික අපහසුතාවයන්ගෙන් මිදීම පිනිස අනුන්ගේ සතර සතිපට්ඨානය අධ්‍යනයෙන් පසුව ඔවුන්ගෙන් ලැබීමට නියමිත චරියාවන් පමනක් අපේක්ෂා කිරීමට පෙලබීම තුලින් ඔහුගේ මනස අනුගාමිකයන්ගෙන් ලැබෙන පහත් චරියාවන් විශයෙහි චංචල නොවී පවත්වා ගැනීමට හැකිවීම.

නයන

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.