සදහම් අරබුදය

තෙරුවන් සරණයි!

ප්‍රිය මැතිතුමනි

වර්තමානයේ උපාසක සහ පැවිදි පිරිස පිල් බෙදිලා ධර්මයට හාසයජනක අර්ථකතන දෙමින් එකිනෙකාට චෝදනා කරමින් ඉතාම නරක වචනවලින් සංඝ රත්නයට ගරහමින් තිරිසන් ලීලාවෙන් හැසිරෙන්නේ ඇයි? මෙම වෙබ් අඩවියෙත් ඒ වරදම වෙනවා මට එය පැහැදිලි කරනවද?

තෙරුවන් සරණයි!

ප්‍රිය මැති තුමනි/මැති තුමියනි/පූජක තුමනි/පූජක තුමියනි,

මෙම වෙබ් අඩවියෙන් ඉතාම නරක වචනවලින් සංඝ රත්නයට ගරහමින් තිරිසන් ලීලාවෙන් හැසිරීමක් සිදු නොකෙරේ. ඔබට එසේ සිතේ නම් එය ඔබගේ දහම් අනවබෝධය නිසා ඔබට සිතෙන්නක් පමණි. එබැවින් එය මෙම වෙබ් අඩවිය අරභයා කියන ලද නම් මම එම චෝදනාව ප්‍රතික්ෂේප කරමි.

ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන කරුණු අරභයා පිල් බෙදී චෝදනා කිරීමක් වර්තමානයේ තිබේ. අතීතයේ පැවති ධර්ම සංගායනාවන්ට පාදක වූයේද එබඳුම කරුණුයි. එසේ නොමැතිව වර්තමානයේම එබඳු දෑ සිදුවෙනවා යැයි අමුතු දෙයක් නැත. ධර්මය විනය ජයගනිත්වා යැයි මම පතමි.

ධර්මයට හාස්‍යජනක අර්ථකථන දීම ගැන ඔබ සඳහන් කර ඇත. මෙම වෙබ් අඩවියෙන්ද එම ක්‍රියාව සිදුව ඇත්නම් ඒ පිළිබඳ වැඩි විස්තර දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. වැරදි වී ඇත්නම් මා හට අනුකම්පා සිතැතිව මට වැටහෙන අයුරින් වැරදි වැරදි ලෙස දැක්වීමට කටයුතු කරන්නේ නම් බෙහෙවින්ම කෘතඥ වෙමි. එය මටත් අන් බොහෝ අයටත් බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

කමල්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.