ත්‍රිපිටක සංරක්ෂණ පනතේ අරමුණ පහත කියවෙන කරුණ බැවින් එවන් පනතක් අත්‍යවශ්‍ය බවයි මගේ අදහස.

ත්‍රිපිටක සංරක්ෂණ පනතේ අරමුණ පහත කියවෙන කරුණ බැවින් එවන් පනතක් අත්‍යවශ්‍ය බවයි මගේ අදහස.
මාධ්‍යජාලයක තිබු පනත් කෙටුම්පතේ පලවෙනි පිටුවේ පනතේ අරමුණු වශයෙන් මෙසේ සඳහන් වී ඇත.
පනතේ අරමුණ
2) (i) ත්‍රිපිටක මණ්ඩලය විසින් පිළිගත් ථේරවාද පාලි ත්‍රිපිටකයේ, පාලි අට්ඨකථාවල, පාලි ටීකාවල හා ඒවයෙහි පරිවර්තනවල
(අ) අක්ෂර, පද, වාක්‍ය, ඡේද, ථේරවාදානුකූල හා පාලි ව්‍යාකරණානුකුල අර්ථ
(ආ) ථේරවාද පාලි ත්‍රිපිටකයේ සැලැස්ම, පාලි අට්ඨකථාවල සැලැස්ම, පාලි ටීකාවල සැලැස්ම හා ඒවායෙහි අන්තර්ගතය
කිසිදු ආකාරයකින් වෙනස් කිරීම, විකෘති කිරීම, විනාශ කිරීම, විනාශ වීමට ඉඩ සැලස්වීම, අවඥාවට ලක් කිරීම හා අයථා භාවිතය වැලැක්වීම

මෙහි (අ) කොටසේ දක්වා ඇති "අක්ෂර", "පද", "වාක්‍ය", "පාලි ව්‍යාකරණානුකුල අර්ථ" විකෘති කිරීම් දැනට සිදුවී ඇති බව ප්‍රකට කරුණක්, ඒ ගැන යූටියුබ් නාලිකා තුලින් බලා ගන්න පුලුවන්.

එවැනි විකුර්ති කිරීම් හඳුනා ගන්න, ත්‍රිපිටකය පිළිබඳ දැනුම ඇති, පාලි ව්‍යාකරණ උගත් කෙනෙකුට පුලුවන් කියල මම හිතනව.

මෙම පනතේ තමන්ට අවශ්‍ය කොටස් පමණක් උපුටා දක්වමින්, නිවන් යන්න ලැබෙන්නේ නෑ... ආදි මිථ්‍යා සමජගත කරමින් මෙවන් පනතකට සහමුලින්ම විරුද්ධවීම නොව, එහි (පනතේ) ඇති අඩුපාඩු පෙන්වාදී විකුර්තිකයන්ගෙන් සම්බුද්ධ ධර්මය රචිත, අප විසින් ලොවට දායාද කල එම වටිනා සම්පත රැක ගැනීම සියල්ලන්ගේම වගකීමක් බව සිතන්න පුරුදු වේවා කියල ප්‍රාර්ථනා කරනව.
ස්තුතියි.

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.