සෝතාපන්න වූ පුද්ගලයකු සතු ලක්ෂණ මොනවාද ?

Poster's name (Optional): 
scb

සෝතාපන්න වූ පුද්ගලයකු සතු ලක්ෂණ මොනවාද ? (මානසිකව සිදුවන )
යම් පුද්ගලයෙකු තමා සොතාපන්න බව හඳුනා ගන්නේ කෙසේද ?
සෝතාපන්න වූ භික්ෂුවක් කාම ආසාවන් මත සිවුරු හැර යාම සිදුවිය හැකිද? (මා අන්තර්ජායයේ මෙම කරැණ
දුටුවෙමි )

තෙරුවන් සරණයි...!!!

පින්වත් scb,

ඔබ අසා ඇති පළමු ප්‍රශ්න දෙකට පිළිතුරු සඳහා "දහම් දැකීම - තුන්වන කොටස" (http://www.trekmentor.com/si/daham/talks , daham-dakima-part-3-of-3-si-version-1.0-20141210.mp3) යන දහම් දේශනාවේ පැය 4යි, විනාඩි 46යි, තත්පර 34 න් පමණ ඉදිරියට ඇති කොටස අසා බලන්න. ත්‍රිපිටකයේ එම කරුණු ගැන තවත් විස්තර තිබෙනවා. ඒ නිසා එම දහම් දේශනාවේදී බොහෝ කරුණු ගැන විස්තර කියවුනත් ඔබ අසා ඇති ප්‍රශ්න වලට අදාළ ත්‍රිපිටකයේ ඇති සියළුම කරුණු එම දහම් දේශනාවේ කියවෙනවා යැයි හිතන්න එපා. ත්‍රිපිටකයේ තවත් කරුණු තිබෙනවා.

"සෝතාපන්න වූ භික්ෂුවක් කාම ආසාවන් මත සිවුරු හැර යාම සිදුවිය හැකිද?" යන්න ගැන නිශ්චිත පිළිතුරක් දෙන්න තරම් අවබෝධයක් මට නැහැ. එසේ විය හැකි දැයි යන්න මටත් ප්‍රෙහේලිකාවක්. යම් පුද්ගලයෙක් සෝතාපන්න වූ පමණින් කාම ආසාවන් නැත්තටම නැති වී යන්නේ නැහැ. නමුත් දෘෂ්ටියෙන් සෘජු එම පුද්ගලයා කාමයන් ප්‍රහාණය කිරීම කල යුතු බව පැහැදිලිවම දන්නවා. ඉතින් කාමයන් ප්‍රහාණය කිරීම කල යුතු බව පැහැදිලිවම දන්නා සෝතාපන්න භික්ෂූවක් කාම ආසාවන් මත සිවුරු හැර යා හැකිදැයි යන්න මටත් ප්‍රහේලිකාවක්. මේ ගැන පසු කාලයක හරි වඩාත් නිවැරදි වැටහීමක් ලැබුනොත් මම ඒ ගැන මෙතැන සටහන් කරන්නම්. ත්‍රිපිටකය ආදී තැනක මෙම කරුණ ගැන විස්තර සඳහන්ව ඇති බව ඔබට දැනගන්න ලැබුනොත් ඔබට අපහසුවක් නැත්නම් මටත් ඒ ගැන දන්වන්න. දැනටනම් එය මටත් ප්‍රහේලිකාවක්, එසේ විය හැකි දැයි යන්න විමතියට කාරණාවක්.

කමල්

ඹබට බොහොම පින් , තෙරුවන් සරණයි ...

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.