ඔබගේ “රාජගිරියේ අරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම (http://www.trekmentor.com/si/content/book/886)“ ලිපිය හා සම්බන්දය.
සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.
නයන (not verified)
February 10, 2017 - 07:34 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
“රාජගිරියේ අරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම“ යන ඔබගේ ලිපියෙහි මාතෘකාව දෝශ සහිත බව අපගේ අදහස වෙයි.
බුදුන් සරණ යෑම බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී ගුණ පිලිබඳ පැහැදීම තුලින් සිදුවන බවත් ගිහි දිවිය හැර දමා පැවිදි බව ලබා ගැනීමද බුදුන් සරණයෑම තුලින්ම සිදුවන බවත්, ඔබ ගිහියෙකු ලෙස පැවිදි උතුමෙකුගේ බුදුන් සරණයෑම ප්‍රශ්න කල යුතු නැති බවත් අපගේ වැටහීම වෙයි.
මෙම ලිපියෙහි විස්තර වන බුදු හිමියන් විසින් දේශනාකොට වදාලා ඇති විනය එහිමියන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට ඔබතුල පවිතින තර්කයෙහි යම් තර්කාන්විත බවක් පවතින නමුදු එය එහිමියන් බුදුන් සරණ නොයෑම ලෙස අර්ථ දැක්වීමට තරම් නොවන බවද අපගේ අදහස වෙයි.
හිතවත්,
නයන