අප නිරතුරුවම වැඩිය යුත්තේ සතර සතිපට්ඨානයමද, නැතහොත් සතිපට්ඨාන සූත්‍රයෙහි එන එක් භාවනාවක්ද?

Poster's name (Optional): 
නයන

පින්වත් කමල්,

2017-07-03
අප නිරතුරුවම වැඩිය යුත්තේ සතර සතිපට්ඨානයමද, නැතහොත් සතිපට්ඨාන සූත්‍රයෙහි එන එක් භාවනාවක්ද?

අප ආස්වාස ප්‍රාස්වාසය මුල් කරගත් ආනාපාන සති භාවනාව වඩන විට, අපගේ අරමුණෙන් බැහැරව එන ශාරීරික වේදනාව මුල්කර ගත් සිතුවිලිද, අතීතයේදී අත්විදි පංච ඉන්ද්‍රියන්ගෙන් ගත් අරමුණක් මතකයට නැගීම හේතුවෙන් ඇතිවන සිතුවිලිද එවෙලෙහිම හඳුනාගෙන එහි හේතුව පංච නීවරණයන්ගෙන් හෝ සප්ත බොජ්ජංගයන්ගෙන් කුමක් පදනම් කරගත් සිතුවිල්ලක්ද යන්න විමසා,
එම සිතුවිලි අපගේ අරමුණෙන් අපව බැහැර කරමින් අපගේ සමාධියට භාදා ඇති කරමින් අපගේ ප්‍රඥාවෙහි වර්ධනයට බාදාවන් බව මෙනෙහි කර,
අපතුල ඇති කරගන්නා ස්තිරවූ නොසැලෙසන සමාධියම නිවනට හේතුවන බව දක්නා සම්මා දිට්ඨීය පදනම් කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය එවෙලෙහිම මෙනෙහි කර නැවතත් ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරමින් නොසැලෙන සහ ස්තිරවූ සමාධියක් ඇති කරගැනීම පිනිස නිරතුරුවම සතර සතිපට්ඨානයම වැඩිය යුතුබව අපගේ වැටහීම වෙයි.
ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.

නයන

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.