පින්වත් කමල්,
දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම නොව, දුක් වලින් මිදිය හැකි බව දැන ගැනීම බවට මතයක් (දුක් + ඛ (ඛය කිරීම)) පවතියි.
මේ පිලිබඳව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.
ඔබට තෙරුවන් සරණයි.
නයන
සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.
Kamal Wickramanayake
March 10, 2015 - 23:24 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
සමහරු "දුක්ඛ සත්‍යය යනු දුක් වලින් මිදිය හැකි බව දැන ගැනීම" යැයි සිතනවා නම් එසේ සිතීමට හේතුව දුක්ඛ සත්‍යය යනු දුක් + ඛ (ඛය කිරීම) ලෙසින් පද බේදීම නිසා යැයි ඔබ සඳහන් කර ඇත.
ඔබ දක්වා ඇති අන් අර්ථය ගැන සැලකුවොත් යම් අයෙක් "දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම" යැයි පවසනවානම් එයට හේතු කවරේද? ඒ කිනම් මූලාශ්‍ර ඇතිව පවසන කරුණක්ද?
කමල්
නයන (not verified)
March 11, 2015 - 03:25 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
"දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම" යැයි මා පවසන මූලාශ්‍ර නම් අප පාසල තුලදී ඉගනගත්, අදටත් පාසල් තුල ඉගැන්වෙන මූලාශ්‍රය වන අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු මගින් නිකුත් කරන පාඩම් පොතය.( http://www.edupub.gov.lk/Administrator/Sinhala/7/h/Chap%2015.pdf )
නයන
Kamal Wickramanayake
March 11, 2015 - 20:57 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
ඉහත පාඩම් පොතේ කවර පිටුවක, කවර තැනක "දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම" ලෙසින් සඳහන්ද?
එසේ නොමැතිව "දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම" යන අරුතම ඇති මුත් එය පාඩම් පොතේ සඳහන්ව ඇත්තේ වෙනත් වදන් වලින් නම් ඒ කවර පිටුවක, කවර තැනක, කවර ආකාරයෙන්ද?
කමල්
නයන (not verified)
March 12, 2015 - 08:42 +0000
Permalink
පින්වත් කමල්
පින්වත් කමල්
“පුද්ගලයා යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පංචකයේ හෙවත් දුකෙහි දිගින් දිගට පැවැත්මයි.'“
ඉහත ප්රකිශයට අනුව,
“පුද්ගලයා යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පංචකයේ දිගින් දිගට පැවැත්ම“ = “දුකෙහි දිගින් දිගට පැවැත්ම“
“පුද්ගලයා යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පංචකයේ දිගින් දිගට පැවැත්ම“ = “ජීවිතය“
“ජීවිතය“=“දුකෙහි දිගින් දිගට පැවැත්ම“= "දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම"
ප්රශ්නය වඩාත් නිරවුල් ලෙස නම්,
දුක්ඛ සත්‍යය දැන ගැනීම යනු ජාති,ජරා, මරණ,...,පංච උපාදානස්කන්දය දුක් සහිත බව දැන ගැනීම නොව
දුක්ඛ සත්‍යය දැන ගැනීම යනු ජාති,ජරා, මරණ,...,පංච උපාදානස්කන්දය දුක් වලින් මිදිය හැකි බව දැන ගැනීම බවට මතයක් පවතියි යනුවෙනි.
නයන
Kamal Wickramanayake
March 13, 2015 - 00:23 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
ඔබ මෙසේ ලියා ඇත: "දුකෙහි දිගින් දිගට පැවැත්ම" = "දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම"
මෙහි වම් අත පැත්තේ පැවැත්මක් ගැන කියවේ. දකුණු අත පැත්තේ හඳුනා ගැනීමක් ගැන කියවේ. මේ කරුණු දෙකේ සමාන බවක් කෙසේ තේරුම් ගන්නද?
කමල්
නයන (not verified)
March 13, 2015 - 05:26 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
කරුනාකර මෙලෙස තේරුම් ගැනීමට උත්සාහවත් වන්න.
"දුක්ඛ සත්‍ය " = "දුකෙහි දිගින් දිගට පැවැත්ම" = "ජීවිතය"
"දුක්ඛ සත්‍ය " හදුනා ගැනීම = "දුකෙහි දිගින් දිගට පැවැත්ම" හදුනා ගැනීම = "ජීවිතය" හදුනා ගැනීම
මෙය ආසන්න ලෙස "දුක්ඛ සත්‍ය " හදුනා ගැනීම යනු "ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම" ලෙස ගතහැකි බවටත්,
එය එසේ නොව
දුක්+ඛ සත්‍ය = දුක් නැති කල හැකි බව ලෙසත් (දුක්ඛ සත්‍ය = දුක නොව),
එනම්
"දුක්+ඛ සත්‍ය" හඳුනා ගැනීම යනු = "දුක් නැති කල හැකි බව" හඳුනා ගැනීම බවටත්(දුක් බව හඳුනා ගැනීම නොව) මතයක් පවතින බවයි.
ඔබ දකින ලෙස මාගේ ප්රශ්නය වැරදිනම් හෝ තේරුම් ගත නොහැකි නම් ඔබ දකින අප තේරුම් ගතයුතු බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා ඇති දුක්ඛ සත්‍යය කුමක්දැයි පහදා දෙන්න.
නයන
Kamal Wickramanayake
March 16, 2015 - 23:17 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
යම් කාඩ්බෝඩ් පෙට්ටියක් ගැන හිතමු. එය කෙතරම් බර දැයි එය භාවිතා කිරීම නිසාම අපට යම් හැඟීමකුත් ඇතැයි සිතමු. පසුව යම් කාලයක් හිස්ව චසා පැත්තක තිබූ එය නැවත උවමනා වීම නිසා ගන්න ගිය විට වෙනයම් කෙනෙක් හෝ එතුලට යමක් දමා වසා ඇති නිසා විවෘත නොකර උස්සන විට බර දෙයක් එතුල තිබෙන බව එම අවස්ථාවේ අප හඳුනාගන්නවා.
පෙට්ටිය තුල බර දෙයක් ඇති බව හඳුනා ගැනීම පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීමට සමානද?
කමල්
නයන (not verified)
March 17, 2015 - 03:43 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
පෙට්ටිය තුල කිලෝ 1ක බරක් දමා ඇති විට එය තරාදියක් මත තබා ද, තමා විසින් ඔසවා බලාද හදුනා ගත හැක.(“පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීම“)
පෙට්ටිය තුලට කිලෝ 2ක බරක් දමා ඇති විට ද එය තරාදියක් මත තබා ද, තමා විසින් ඔසවා බලාද හදුනා ගත හැක.(“පෙට්ටිය තුල බර දෙයක් ඇති බව හඳුනා ගැනීම“)
මෙම දෙ ආකාරයේ හදුනා ගැනීම් මේ දීම ,
“පෙට්ටිය තුල බර දෙයක් ඇති බව හඳුනා ගැනීම පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීමට“ සමාන නොවන අතර
මෙම එක් ක්‍රම වේදයකට අනුව “පෙට්ටිය තුල බර දෙයක් ඇති බව හඳුනා ගැනීම පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීමට“ අනෙක් ක්‍රමය අනුව හදුනා ගැනීම කොහෙත්ම සමාන ද නොවේ.
නයන
Kamal Wickramanayake
March 17, 2015 - 09:02 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
යම් කාඩ්බෝඩ් පෙට්ටියක් ගැන හිතමු. එය කෙතරම් බර දැයි එය භාවිතා කිරීම නිසාම අපට යම් හැඟීමකුත් ඇතැයි සිතමු. පසුව යම් කාලයක් හිස්ව චසා පැත්තක තිබූ එය නැවත උවමනා වීම නිසා ගන්න ගිය විට වෙනයම් කෙනෙක් හෝ අපට නොදන්වා එතුලට යමක් දමා වසා ඇති නිසා විවෘත නොකර උස්සන විට බර දෙයක් එතුල තිබෙන බව එම අවස්ථාවේ අප හඳුනාගන්නවා.
පෙට්ටිය තුල බර දෙයක් ඇති බව හඳුනා ගැනීම පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීමට සමානද?
කමල්
නයන (not verified)
March 17, 2015 - 10:10 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
එම අර්ථයෙන්ද එය සමාන නොවන බව ඔබගේ පැහැදිලි කිරීම තුලින්ම පැහැදිලි වෙයි. (යමක් දමා ඇතිය යන දැනුම ලැබුනද , දමා ඇති යම කුමක්ද යන දැනුම ලැබී නොමැති නිසා)
නයන
Kamal Wickramanayake
March 17, 2015 - 10:38 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
එය එසේමයි. පෙට්ටිය තුල බර දෙයක් ඇති බව හඳුනා ගැනීම පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීමට සමාන නොවේ.
එලෙසම ජීවිතය දුක් සහිත බව හඳුනා ගැනීම එම දුක මෙය යැයි හඳුනා ගැනීමට සමාන වේද?
බුදු පියානන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක්ඛ ආර්යය සත්‍යය මෙය යැයි කුමක් දක්වා ඇත්ද?
කමල්
නයන (not verified)
March 17, 2015 - 11:56 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීම තුලින්ම (“පුද්ගලයා යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පංචකයේ පැවැත්ම“) පෙට්ටිය තුල බර දෙයක් ඇතැයි ප්‍රකාශ කල නොහැකිද?
එලෙසම දුක මෙය යැයි හඳුනා ගැනීමට තුලින්ම (“පුද්ගලයා යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පංචකයේ පැවැත්ම (සැකැවින්)“) එම දුක් විදින ජීවිතය දුක යැයි ප්‍රකාශ කල නොහැකිද?
මාගේ ගැටළුව වඩාත් නිරවුල් ලෙස මා විසින් අසන ලද ප්‍රශ්නයට පිලිතුර කුමක්ද?
ප්රශ්නය වඩාත් නිරවුල් ලෙස නම්,
දුක්ඛ සත්‍යය දැන ගැනීම යනු ජාති,ජරා, මරණ,...,පංච උපාදානස්කන්දය දුක් සහිත බව දැන ගැනීම නොව
දුක්ඛ සත්‍යය දැන ගැනීම යනු ජාති,ජරා, මරණ,...,පංච උපාදානස්කන්දය දුක් වලින් මිදිය හැකි බව දැන ගැනීම බවට මතයක් පවතියි යනුවෙනි.
යන්නයි.
නයන
Kamal Wickramanayake
March 17, 2015 - 12:27 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
පෙට්ටිය තුල ඇති බර දෙය හඳුනා ගැනීම තුලින් පෙට්ටිය තුල බර දෙයක් ඇතැයි ප්‍රකාශ කල හැකිය.
නමුත් පෙට්ටිය තුල බර දෙයක් ඇතැයි හඳුනා ගැනීමෙන් පමණක් පෙට්ටිය තුල ඇති බර දෙය මෙය යැයි ප්‍රකාශ කල නොහැක.
එලෙසම දුක මෙය යැයි හඳුනා ගැනීම තුලින් ජීවිතය දුක් සහිත බව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කල හැකිය.
කමල්
නයන (not verified)
March 24, 2015 - 07:37 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
දුක්ඛ සත්‍ය යනු ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම නොව, දුක් වලින් මිදිය හැකි බව(දුක් + ඛ (ඛය කිරීම)) දැන ගැනීම ලෙසට පවතින මතය වැරදි බව මගේ අදහසයි.
එයට හේතුව නම්,
දුක්ඛ සත්‍ය දැන ගැනීම නම් දුක්ඛ සත්‍ය
සත්‍ය ඥාණය(ඒ ඒ සත්‍ය තේරුම් ගැනීම නුවණ),
කෘත්‍ය ඥාණය(ඒ ඒ සත්‍ය පිලිබඳ කළ යුතුදේ දැන ගන්නා නුවණ),
කෘත ඥාණය(ඒ ඒ සත්‍ය පිලිබඳ කළ යුතුදේ කළ බව දැන ගන්නා නුවණ) ලෙස තුන් ආකාරයකින්ම අප දැන ගත යුතු අතර
දුක්ඛ සත්‍ය “සත්‍ය ඥාණය“ ලෙස දැන ගැනීම “ජීවිතය දුක් සහිත බව හදුනා ගැනීම “ ලෙස ගතහැකි වන අතර,
දුක්ඛ සත්‍ය “කෘත්‍ය ඥාණය “ ලෙස දැන ගැනීම “දුක් වලින් මිදිය හැකි බව(දුක් + ඛ (ඛය කිරීම)) “ලෙස ගතහැකි වන අතර,
දුක්ඛ සත්‍ය “කෘත ඥාණය“ ලෙස දැන ගැනීම “ජීවිතය දුකින් මුදවා ගත් බව හදුනා ගැනීම “ලෙස ගතහැකි වන බව මා ගේ අදහසයි.
එනිසා දුක්ඛ සත්‍ය දැන ගැනීම යනු දුක්ඛ සත්‍ය යෙහි “කෘත්‍ය ඥාණය “ දැන ගැනීම ලෙස හෝ දුක්ඛ සත්‍ය යෙහි “සත්‍ය ඥාණය“ දැන ගැනීම ලෙස හෝ නොගත හැකි වන අතර දුක්ඛ සත්‍ය දැන ගැනීම යනු දුක්ඛ සත්‍ය යෙහි තිපරිවට්ටයම දැන ගැනීම ලෙස දැන ගතයුතු වෙයි.
මේ පිලිබඳව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.
නයන