පින්වත් කමල්,
අසභ්‍යය වීඩියෝ දර්ශන නැරබීමට ඇබ්බැහිවූවන් හට තමාතුල පවතින කාම සංකල්පනයන් වර්ධනය කරන එම ඇබ්බැහියෙන් මිදීමට ෂෘජුලෙස දේශනා නොකොට, තමාතුල පවතින මනෝභාවයන් ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් හට අට්ඨීක සංඥාව වඩාගැනීම පිනිස වන වල්පල ගෝතම හිමියන්ගේ පහත දේශනයේ හේතුව,
එහිමියන් සමාධිමත් සිතක් ඇති කර ගැනීම පිනිස වන නෙක්කම්ම සංකල්පයයෙහි වටිනාකම තමාතුලින්ම අත්දැක නොමැති වීමද,
නැතහොත් කාම සංකල්පනය තුලින් අට්ඨික සංඥාව වඩමින් සමාධිය වෙත එලබෙමින් නිර්වාණය වෙත එලබෙන විශේෂ ක්‍රමවේදයක් මෙහිමියන් අත්දැක තිබීමද?
පහත වීඩියෝව පරිශීලනයෙන් පසුව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.
එහිමියන්ගේම මේ පිලිබඳ අදහස් දැන ගැනීමට හැකිවන ක්‍රමවේදයක් සැකසිය හැකි නම් ඔබගේ මෙම සයිටය පවත්වන අරමුණ වඩාත් සඵල වනු ඇත.
https://www.youtube.com/watch?v=I6lZd1jjiIk
නයන
සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.
Kamal Wickramanayake
July 28, 2017 - 21:21 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
වල්පොල ගෝතම හිමිගේ එම දේශනාවට මම හොඳින් සවන් දුන්නා.
අට්ඨික සංඥාව උපකාරයෙන් කාම සංකල්පනා යටපත් කොට නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගැනීම ගැන මනා අවබෝධයක් ඇතිව වල්පොල ගෝතම හිමියන් එම දේශනාව පවත්වා ඇති බවයි මට හැඟෙන්නේ. එහිමියන්ගේ එම දේශනාව බෙහෙවින්ම පිරිසිදුයි. සියුම් කරුණු ගැනද විස්තර අඩංගුව පවත්නා එබඳු දේශනාවන් පවත්වන්න හැමෝටම බැහැ.
එම දේශනාවේ පැවසෙන කරුණු වලින් "අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීම තුලින් අට්ඨික සංඥාව ඇති කර ගන්නා ආකාරයක්" ගැන කියැවෙන බවක් පෙනෙන්නේ නැහැ. එහිදී වල්පොල ගෝතම හිමියන් විස්තර කර ඇත්තේ යම් කෙනෙක් අසභ්‍ය වීඩියෝ නැරඹීම හෝ කාම රාගයෙන් දැවීමට හේතු වන වෙනත් එබඳු ක්‍රියාවන්ගේ යෙදෙනවා නම් ඉන් මිදීමට අට්ඨික සංඥාව වැඩීම උපකාර කරගන්නා ආකාරය ගැනයි. එබඳු දහම් කරුණු අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට ඇබ්බැහි වූ අයට පමණක් නොව එබඳු දෑ නොකර බුදු දහමේ මනා පිළිවෙතින් හික්මෙන අයටත් බෙහෙවින් උපකාරී වෙනවා.
පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් දුටුවාම ඒ රූපය ගැන සුභව සිතීම නැති රාගය උපදවන්නත්, ඇති රාගය වැඩි කරන්නත් හේතු වෙනවා. අසුභව සිතීම නැති රාගය නූපදවන්නත්, ඇති රාගය ප්‍රහීණ කරන්නත් හේතු වෙනවා. ඒ නිසා නැති රාගය නූපදවන්නත්, ඇති රාගය ප්‍රහීණ කරන්නත් බුදු දහමේ මනා පිළිවෙතින් හික්මෙන අයටත් අට්ඨික සංඥාව වැඩීම ප්‍රයෝජනවත්. අන් ස්ත්‍රීන් ගැන පමණක් නොව තමන් ගැනත් එසේම සිතන්න යොමු වෙනවා නම් තමාගේ කය කෙරෙහි ඇති ආශාවත් අඩු වෙනවා. එයත් ප්‍රයෝජනවත්.
රාගික දෑ කෙරෙහි ඇලුණු පුද්ගලයින්ට ඉන් බැහැර වීම සුදුසු යැයි සිතූ පමණින් රාගික දෑ වලින් මිදීම අපහසු ක්‍රියාවක්. මෙලොව බොහෝ අය එආකාරයි. ඒ නිසා බුදු දහමේ හික්මෙන පුද්ගලයින් යම් කරුණක් කෙරෙහි තමන්ට ඇති රාගය එකවර ප්‍රහීණ වන්නේ නැති නම් එය ක්‍රමක්‍රමයෙන් සිදුකරනවා. පුද්ගල රූප කෙරෙහි ඇලුණු අයෙකුට එකවර තම රාගය ප්‍රහීණ කර ගන්න අපහසු නම් අට්ඨික සංඥාව වැඩීමෙන් එය කර ගත හැකියි.
අට්ඨික සංඥාව උපකාරයෙන් කාම සංකල්පනා යටපත් කොට නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගැනීම ගැන මනා අවබෝධයක් ඇතිව වල්පොල ගෝතම හිමියන් එම දේශනාව පවත්වා ඇති බවයි මට හැඟෙන්නේ.
කමල්
නයන (not verified)
July 31, 2017 - 07:45 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
එම දේශනයෙහි 13:00 සිට 14:50 කොටස නැවත ශ්‍රවනය කරන්න.
එහි එන 13:40 සිට 13: 47 කොටසට නැවත අවදානය යොමු කරන්න.
අහිංසක - අංගුලිමාල මිනී මරුවා බවට පත්කරවූ ගුරු භක්තියම නැවත යොදා ගනිමින් අංගුලිමාල මිනී මරුවා - අංගුලිමාල මහරහතුන් වහන්සේ බවට පරිවර්ථනය කල සේ
අසභ්‍යය වීඩියෝ දර්ශන නැරබීමට වන ඇබ්බැහියෙහි හේතුව වන මිත්‍යා දෘෂ්ඨියම යොදා ගනිමින් එම ඇබ්බැහියෙන් මිදීම පිනිස කටයුතු කල හැකිද?
එය මිත්‍යා දෘෂ්ඨිය පදනම් කර ගෙන ගවයින්ගේ ගෙල සිඳ රුධිරය ගලායන ආකරය දැක සතුටු වන මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ එම මිත්‍යා දෘෂ්ඨියම පදනම් කරගෙන එම මිත්‍යා දෘෂ්ඨිකයන්තුල අව්යාපදය සහ අවිහිංසා සංකල්පයන් ගොඩ නැගිය හැකිය බඳුවූ තර්කයක් නොවන්නේද?
මාගේ තර්කය නම් රාගයෙන් දැවෙන සිතෙහි වන එම දාහයම යොදා ගනිමින් විරාගයෙහි නිවීම අත්විඳිය නොහැකි බවය.
ඒ සඳහා කලයුත්තේ තම දරුවා මල සොවින් වික්ෂිප්ත වූ කිසා ගෝතමියගේ මනස, මරණයෙහි යථා ස්වභාවය අත්දැකීමට යොමු කරවන්නා වූ ක්‍රමවේදයකින් පසුවම ධර්ම ශ්‍රවනයට යොමු කරවීම බඳු වූ උපදේශයක් මෙහි අන්තර්ගත විය යුතු බවය.
ඉහත දැක්වූ කරුනු අනුව මම ඔබගේ පහත ප්‍රකාශය හා එකඟ නොවෙමි.
“අට්ඨික සංඥාව උපකාරයෙන් කාම සංකල්පනා යටපත් කොට නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගැනීම ගැන මනා අවබෝධයක් ඇතිව වල්පොල ගෝතම හිමියන් එම දේශනාව පවත්වා ඇති බවයි මට හැඟෙන්නේ. එහිමියන්ගේ එම දේශනාව බෙහෙවින්ම පිරිසිදුයි. සියුම් කරුණු ගැනද විස්තර අඩංගුව පවත්නා එබඳු දේශනාවන් පවත්වන්න හැමෝටම බැහැ.
නයන
Kamal Wickramanayake
July 31, 2017 - 21:44 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
මම එම දේශනාවේ ඔබ දක්වන ලද කොටස කිහිප වාරයක් ශ්‍රවණය කළා. එහිදී වල්පොල ගෝතම හිමි පවසා ඇති කරුණු වල රාගය වඩමින් විරාගයට යොමු වන ආකාරයක් හැඟවෙන කිසිවක් පැවසී ඇති බවක් පෙනෙන්න නැහැ. එසේ උවත් එහිදී කියැවෙන්නේ කිසා ගෝතමියව මරණයේ යථා ස්වභාවය වටහා ගැනීමට යොමු කරවීම බඳුම ක්‍රමවේදයක් ගැන බවයි මට පෙනෙන්නේ.
එහිදී රාගය වඩමින් විරාගයට යොමු වන ආකාරයක් හැඟවෙන පරිදි වල්පොල ගෝතම හිමි යමක් පවසා ඇතැයි ඔබට සිතේ නම් එම වාක්‍යය කිහිපය එකින් එක විමසා බලන්න. යම් නුසුදුස්සක් පැවසී ඇතැයි සිතේ නම් එම වාක්‍යය කිහිපය දක්වන්න.
කමල්
නයන (not verified)
August 1, 2017 - 11:10 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
14:10 සිට 14:40
අසභ්‍යය වීඩියෝ දර්ශන නැරබීමට ඇබ්බැහිවූ පුද්ගලයින් කාන්තාවන් දකිනවිට තම සිතින් ඔවුනගේ ඇඳුම් ඉවත්කර තමසිත තුල පුරවාගත් අසභ්යයවූ නිමිති මතුකර ගන්නාවිට එතැනින් නොනැවතී තවදුරටත් ඔවුනගේ සම ද ඉවත්කර අසුභ නිමිත්ත මතුකර ගැනීමට උපදෙස් දෙයි.
මෙය මෙබදු පුද්ගලයින්හට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් කාම සංකල්පයන්ගෙන් මිදීමට හැකි ක්‍රියාවලියක් නොවන බවට ප්‍රකාශ කිරීමේ හේතුන් නම් මොවුන් මෙම ඇබ්බැහිවීමේ හේතුව කාම සංකල්පනාවෙහි ආස්වාදය මිස ආදීනවය නොදකින පිරිසක් වීමය.(මිථ්‍යා සඞ්කල්පනය මිථ්‍යා සඞ්කල්පනයයි ද, සම්මා සඞ්කල්පනය සම්මා සඞ්කල්පනයයි ද දැනගන්නා සම්මා සංකප්ප පිලිබඳ සම්මා දෘෂ්ටිය නොමැති පුද්ගලයන් වීම)
මෙලෙස කාම සංකල්පනයෙහි ආස්වාදය පමනක් සලකන ඇබ්බැහියෙන් යුතු මිත්‍යා දිට්ඨියෙන් යුතු පුද්ගලයින්හට කාම සංකල්පනයෙහි ආදීනවයද, නිස්සරනයද දන්නා සම්මා දිට්ඨීයෙන් යුතුව මතුකර ගත යුතු අසුභ නිමිති එකවර මතු කර ගැනීමට හේතු නොමැති බවත් ප්‍රථමයෙන් මිත්‍යා දිට්ඨිය බිඳ දමමින් ඇබ්බැහියෙන් මිදිමටම උපදෙස් දිය යුතුබවත් අපගේ වැටහීම වෙයි.
නයන
Kamal Wickramanayake
August 1, 2017 - 21:14 +0000
Permalink
පින්වත් නයන,
පින්වත් නයන,
ඔබ දක්වන ලද 14:10 සිට 14:40 යන කාල පරාසය තුළ වල්පොල ගෝතම හිමි පවසා ඇත්තේ මෙයයි:
"වෙනදට ඒ අසභ්‍ය වීඩියෝ බලපු කෙනා එයාගේ ශරීරයේ තියෙන ඇඳුම් ටික ඉවත් කරා කියලා කියන්නේ පින්වත්නි, ඊට පස්සෙ එයා දකින්නේ අර තමන් හිතේ පුරවා ගත්ත අසභ්‍ය විදිහේ නිමිත්තක්. තවත් ඇඳුමක් තියෙනවා ඕකේ, යට ඇඳුමක්. යට ඇඳුම කිව්වෙ මොකක්ද, හම. අන්න ඒකත් ඉවත් කරොත් එහෙම, ඒ කියන්නේ දැන් උඩ ඇඳුම් ටික විතරනේ ඉවත් කරේ, යට ඇඳුම කියලා කියන හමත් ඉවත් කරොත් එහෙම තවත් නිමිත්තක් ගත්ත හැකි. ඒකට කියනවා අසුභ නිමිත්ත, අර උඩ ඇඳුම ඉවත් කරොත් සුභ නිමිත්ත."
එම වාක්‍යය කිහිපයෙන් සුභ නිමිත්ත සහ අසුභ නිමිත්ත ගැන විස්තර කියැවෙනවා. එසේ උවත් එම වාක්‍යය කිහිපයෙන් සුභ නිමිත්ත වඩන්න කියාත් නැහැ, අසුභ නිමිත්ත වඩන්න කියාත් නැහැ. එසේ වූ විට රාගය වඩමින් විරාගයට යොමු වන ආකාරයක් හැඟවෙන පරිදි වල්පොල ගෝතම හිමි යමක් පවසා ඇති බවක් එම වාක්‍යය කිහිපයෙන් විද්‍යාමාන වන්නේ නැහැ.
කමල්
නයන (not verified)
August 2, 2017 - 09:48 +0000
Permalink
පින්වත් කමල්,
පින්වත් කමල්,
පහත ප්රකාශයන්ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවත් ඔබට මා පවසන මෙම දේශනයෙහි නොගැලපෙන (ප්‍රායෝගික නොවන) ස්වභාවය පිලිබඳව යම් වැටහීමක් ඇති නොවන්නේ නම් මෙබදු දේශනයකට පදනම් කරගත හැකි සූත්‍රයන් ඔබ මතකයෙහි වෙයි නම් සඳහන් කිරීමට කාරුනික වන්න.
මේ පිලිබඳව මෙ හිමියන්ගේම අදහස් දැන ගැනීම පිනිස මෙහිමියන්ව සම්බන්ද කර ගතහැකි ක්‍රමවේදයන් සඳහන් කරන්න.
ඔබ විසින් ගොනුකර ඇති මා හැගි දේශනා එකතුවෙහි (http://www.trekmentor.org) දේශකයාණන් වහන්සේලාගේ වැඩිදුර විස්තර ඇතුලත් පිටුවක් ඇතුලත් කල හැකි නම් එහිමියන්ගේ දේශනාවන් පරිශීලනයටද ඝෘජු ලෙස සම්බන්ද කර ගැනීමටද බොහෝ උපකාර වනු ඇත.
14:40 සිට 15:09
දැන් මේ රටේ මිනිස්සුන් ගොඩක් වෙලාවට මේ යට ඇඳුම ගලවන්නෙ නැති එකේනෙ ප්‍රශ්නෙ තියෙන්නෙ. උඩ ඇඳුම විතරක් ගලවල බැලුවට පස්සෙ පිංවත්ණි සුභ නිමිති හිතේ පුරෝගන ප්‍රශ්න....ප්රව්ර්ථි. අපිට ඔය යටින් තියෙන ටිකත් බළල ඊට පස්සෙ අපිට ශාන්ත වෙලා, නිවිල විරාගි විදිහට හිත හසුරුවන්ඩ පුලුවන් වුනොත් මේ සමාජයතුල ඔබට පිංවත්නි බ්‍රහ්මයෙක් වගේ ඉන්ට පුලුවන් මේ කාම ලෝකයෙ.
15:39 සිට 16:02
මං කියන්නෙ රාගයෙ දාහට පුරුදු වෙව්ච කෙනාට මේක කියන්නෙ... ඔබ රාගයෙ දාහයෙ ඉන්නවනම් ඔබ විරාගයෙහි නිවුනු බවත් අත් දැකීමක් කර ගන්න බලන්න. ඔබට එම දෙකෙහි වෙනස තේරෙන කොට ඔබ මොන දුකක්ද වින්දෙ කිලය ඔබට තේරෙයි...රාගයේ දාහයෙන් දැවෙන ඒ සුභ නිමිතිත් එක්ක හිතේ පුරෝගන අර රාගයෙ දාහයෙන් පැසව පැසව... කොච්චර පීඩනයක්ද කියල තේරෙයි.
නයන