මීවනපලානේ පචෝරිස් හිමිගේ නරි නාදය

ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 6 යි, තත්පර 52 න් පමණ ඉදිරියට ආසන්නයේ මීවනපලානේ පචෝරිස් හිමි මෙසේ සඳහන් කරනවා:

අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ. ඒක අපි ප්‍රතිපත්තියක් හැටියට සන්නිවේදන මාර්ග වලට යන්නේ නෑ.

එම පැවසීමේදී අතීත සහ අනතීත යන කාලයන් දෙකම ගැන පැවසෙනවා. ඒ පවසන ලද්ද සත්‍යයක් ද, නැත්නම් අසත්‍යයක් ද යන්න යූටියුබ් වෙබ් අඩවියේ ඇති මීවනපලානේ පචෝරිස් හිමිගේ දේශනා දෙස බැලීමෙන් තහවුරු කර ගත හැකියි. තවද පහත දැක්වෙන්නේ මීවනපලානේ පචෝරිස් හිමි රූපවාහිනී සහ ගුවන් විදුලි සන්නිවේදන මාර්ග ද භාවිතා කර ඇති බවට සාක්ෂි:

ඉහත සාක්ෂි වලට අනුව "අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ." යැයි කීම පරම සත්‍යය පවසන පුද්ගලයෙකුගේ වදන් යැයි කෙසේ පිළිගන්නද?

තවද මුලින්ම දක්වන ලද වීඩියෝවේ ආරම්භයේ සිට විනාඩියක් පමණ වන තෙක් කොටස නැරඹීම බෙහෙවින්ම හාස්‍යයට හේතු වන කාරණාවක්. ඒ "අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ." ආදී ලෙස පවසන ලද්දේ කවර පිරිසකටද යන්න එම කොටසෙන් පිළිබිඹු වන නිසා.

පරම සත්‍යය පෙන්වා දෙන්නේ යැයි දක්වමින් ලෝකයාට බොරු දෙසන මීවනපලානේ පචෝරිස් හිමිගේ මෙම ලිපියේ ආරම්භයේදී දක්වන ලද වීඩියෝවේ මාතෘකාව "සිහනාද" ලෙසයි සඳහන්ව ඇත්තේ. එම වීඩියෝවේ සඳහන් කරුණු වලින් ද මීවනපලානේ පචෝරිස් හිමිගේ බොරු කීම හෙළිවන බැවින් එම වීඩියෝවට "සිහනාද" නොව "නරි නාද" යන මාතෘකාව යෙදීම වඩාත් ගැළපෙනවා.