පිටිදූවේ පකිස් බූරුවා ත්‍රිපිටකය බේරාගන්ඩ ගිය හැටි

ධර්මගොඩ කොපිරයිට්නන්ද හිමි එහිමියන් විසින් කළ ත්‍රිපිටක පරිවර්තනයේදී ත්‍රිපිටක ධර්මය විකෘති කර ඇති බවට චෝදනා කරන පිටිදූවේ පකිස් බූරුවා ඒ පිළිබඳව හිඳගෙන සිටින භික්ෂූන් වහන්සේලා දෙනමක් දැනුවත් කරන ආකාරය ඉහත වීඩියෝවේ දැක්වෙනවා. එසේ කරුණු දක්වන පිටිදූවේ පකිස් බූරුවා ත්‍රිපිටක ධර්මය, අට්ඨකථා පිළිබඳව කෙබඳු අදහස් දරන්නෙක්ද?

මේ ඒ ගැන දැනගත හැකි එක් වීඩියෝවක්:

[ කාලය 25:03 ]

දැන් ඔයගොල්ලන්ට ඔය මේ නිවන් දකින එක අමාරු නෑ. මේක අවබෝධ කරගන්න එක අමාරු නෑ. මේක වඩන එක අමාරු නෑ. මට හිතෙන්නේ මේ ගොඩක් අර පොත පත දැනුම ලබලා ඒ පොතපත දැනුමට කොටුඋනයින් පස්සේ .. ඒ පොතපත දැනුම හරි මේ විකෘති දැනුමක් තියෙන්නේ. ස්වාභාවික දැනුමක් නෙමෙයි. ඊට පස්සේ ඒක ගොඩක් මතක තියාගෙන ඉන්න ඕන දැනුමක්. මතක තියාගන්න දැනුම සත්‍යය නෙමෙයි, බොරුව. කිසිම මතකයක් නැතුව තේරිලා අමතක වෙලා යන එක සත්‍යය.

මේ තවත් වීඩියෝවක්:

[ කාලය 00:03:59 ]

හරේන්ද්‍ර: ඔබ වහන්සේ මේ ත්‍රිපිටකය දැනට ග්‍රන්ථාරූඩ වී තිබෙන ආකාරය සමස්ත වශයෙන්ම පිළිගන්නවද?

පිටිදූවේ පකිස් බූරුවා: ආ... මං පිළිගන්නේ මගේ හදවතට දැනෙන කොටස පමණයි.

හරේන්ද්‍ර: සූත්‍ර පිටකයේ, විනය පිටකයේ පවා ඔබ වහන්සේ පිළිගන්න, ප්‍රතික්ෂේප කරන දේවල් තිබෙනවා?

පිටිදූවේ පකිස් බූරුවා: ඒක ඉතින් ඒ අවස්ථානුකූලව පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම වෙනවා.

 

[ කාලය 00:05:35 ]

පිටිදූවේ පකිස් බූරුවා: ප්‍රත්‍යක්ෂය නැතුව මාර්ගය කියන්න බෑ නේ. ප්‍රත්‍යක්ෂය නැතුව කොහොමද මාර්ගය කියන්නේ?

හරේන්ද්‍ර: ඒක දේශනාවේ තියෙනවානේ මෙහෙමයි මාර්ගය, මෙහෙමයි යන්නේ කියන එක.

පිටිදූවේ පකිස් බූරුවා: ඒ මාර්ගයෙන් ගිහිල්ලා නිවන් දැකපු අය නෑ නේ. එතනනේ තියෙන ප්‍රශ්නේ. දැං ඒ කියන මාර්ගයෙන් ගිහිල්ලා නිවන් දැකපු අය ඔයා දැකලා තියෙනවා ද?

 

[ කාලය 01:09:29 ]

හරේන්ද්‍ර: අපි දහම මතුකරලා ගත්තහම අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට කියන්න පුළුවන්ද මේ ජෛන දහමෙන් මිශ්‍ර වෙලා තියෙන අඩුම ගානේ කාරණා තුනක්?

පිටිදූවේ පකිස් බූරුවා: ගොඩාක් දේවල් කියන්න පුළුවන්.

හරේන්ද්‍ර: ප්‍රධාන කාරණා තුනක් අපි ගත්තොත්...

පිටිදූවේ පකිස් බූරුවා: ප්‍රධාන සීලය එකතුවෙලා තියෙනවා. අනික සංස්කෘතික කාරණා ගොඩක්. අනික අට්ඨකථාවල තියෙන අර්ථ දැක්වීම්. අර්ථ දැක්වීම් ගොඩක් ජෛන අර්ථ දැක්වීම් තියෙන්නේ. බෞද්ධ අර්ථ දැක්වීම් හුඟක් අඩුයි. ...

මෙම වීඩියෝවේ ද ඒ ගැන සඳහන්ව තිබෙනවා:

[ කාලය 20:08 ]

බණ කියලා කියන්න ඕනෑ හිත නිවාගන්න විදිහ මිසක් මේ පරණ අට්ඨකථාවලයි, පූජාවලිවල අරවා මේවායේ තිබිච්ච කතන්දර නෙමෙයි.

ත්‍රිපිටකය රැකගන්ඩ යැයි දක්වමින් ඊට උත්සුක වූ පිටිදූවේ පකිස් බූරුවා ත්‍රිපිටකය, අට්ඨකථා ගැන දරන්නේ එවන් අදහස්.

අඳෝමැයි! පිටිදූවේ පකිස් බූරුවා ත්‍රිපිටකය බේරාගන්ඩ ගිහින් තියෙන්නේ හෙලුවෙන්!