ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ සිංහලායාගේ ජාතිවාදය, ජාතිවාත්සල්‍යය හා ජාතිකාභිමානය පිළිබඳ කථා

ප්‍රමුඛ වශයෙන් කියැවෙන කාල පරාසය: 00:38:10 - 00:45:46

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ අම්බට්ඨ සූත්‍රයෙන් කොටසක්:

[ පාලියෙන් ]

31. ‘‘කතමං පන තං භො ගොතම චරණං, කතමා ච පන සා විජ්ජා?’’ති. ‘‘න ඛො අම්බට්ඨ අනුත්තරාය විජ්ජාචරණසම්පදාය ජාතිවාදො වා වුච්චති ගොත්තවාදො වා වුච්චති මානවාදො වා වුච්චති: ‘අරහසි වා මං ත්වං, න වා මං ත්වං අරහසී’ති. යත්ථ ඛො, අම්බට්ඨ ආවාහො වා හොති, විවාහො වා හොති, ආවාහවිවාහො වා හොති, එත්ථෙතං වුච්චති ජාතිවාදො වා ඉතිපි, ගොත්තවාදො වා ඉතිපි, මානවාදො වා ඉතිපි: ‘අරහසි වා මං ත්වං න වා මං ත්වං අරහසී’ති. යෙ හි කෙචි අම්බට්ඨ ජාතිවාදවිනිබද්ධා වා ගොත්තවාදවිනිබද්ධා වා මානවාදවිනිබද්ධා වා ආවාහවිවාහවිනිබද්ධා වා, ආරකා තෙ අනුත්තරාය විජ්ජාචරණසම්පදාය. පහාය ඛො අම්බට්ඨ ජාතිවාදවිනිබද්ධඤ්ච ගොත්තවාදවිනිබද්ධඤ්ච මානවාදවිනිබද්ධඤ්ච ආවාහවිවාහවිනිබද්ධඤ්ච අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සච්ඡිකිරියා හොතී’’ති.

[ සිංහල පරිවර්තනය ]

31. [අම්:] “භවද් ගෞතමයෙනි, ඒ චරණය කවර ද? ඒ විද්‍යාව කවර ද?”

[භා:] “අම්බට්ඨය, නිරුත්තර විද්‍යාචරණසම්පත්හි ‘තෝ මට සුදුසු වෙහි යැ’ යි කියා හෝ ‘තෝ මට නුසුදුසු වෙහි යැ’ යි කියා හෝ ජාතිවාදයෙක් කියනු නො ලැබේ. ගෝත්‍රවාදයෙක් හෝ කියනු නො ලැබේ. මානවාදයෙක් හෝ කියනු නොලැබේ. අම්බට්ඨය, යම් තැනෙක වූ කලි ආවාහයෙක් හෝ වේද, විවාහයෙක් හෝ වේ ද, ආවාහවිවාහයෙක් හෝ වේද, මෙහි ‘තෝ මට තරම් යැ’යි (සුදුස්සෙහි යැයි) කියා හෝ ‘තෝ මට නොතරම් යැ’ යි (නොසුදුස්සෙහි යැ යි) කියා හෝ යම් වචනයෙක් ලබ්ධියෙක් වේ ද, මෙය ජාතිවාදය යැ යි ද, ගෝත්‍රවාද යැ යි ද, මානවාද යැ යි ද කියනු ලැබේ. අම්බට්ඨය, යම් කෙනෙක් තුමූ ජාතිවාදයෙහි බැඳුණෝ හෝ ගෝත්‍රවාදයෙහි බැඳුණෝ හෝ මානවාදයෙහි බැඳුණෝ හෝ ආවාහවිවාහයෙහි බැඳුණෝ හෝ වෙත් ද, ඔහු නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියෙන් ඈත්හි වූවෝ ය. අම්බට්ඨය, ජාතිවාදයෙන් බැඳීම් ද ගෝත්‍රවාදයෙන් බැඳීම ද මානවාදයෙන් බැඳීම ද ආවාහවිවාහයෙන් බැඳීම් ද හැරැ දැමීමෙන් ම නිරුත්තර විද්‍යාචරණසම්පත්තියගේ පසක් කිරීම වේ.”