මීවනපලානේ පචෝරිස්ට රැවටුණු නාගානන්ද කොඩිතුවක්කු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරදවා ගැනීම සහ බුද්ධාගම වරදවා ගැනීම

[ කාලය 1:40:32 ]

නිවේදක: දැන් මේක තුළ අපි නෛතික රාමුව ගැන කතා කරොත්, දැන් අපි දන්නවා තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වූ උත්තරීතර නීතියේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් නීතිය ගැන දන්නවා. නමුත් මේක පවා අභිබවා යන්ඩ පුළුවන්කමක් තියෙනවාද අපේ මේ මතය, නැත්නම් මෙතන මේ දරන මතයට පරිබාහිරව ඉන්න පිරිසට?

නාගානන්ද: .... මේ ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් දිය යුතුයි. ... මේකේ කියන ඔය කියන 14 වෙනි වගන්තියේ දක්වන භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඔබේ එක යම් තැනැත්තෙක් කඩ කළොත් ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධයෙන් නඩුකරයක් ගේන්න පුළුවන්. දැන් මෙතනදී ඉතා පැහැදිලිව කියන්ඩ ඕනෑ මේකට අලුතින් එකතු කිරීමක් කළා 2007 අවුරුද්දේ. ඒ කියන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අලුතින් නීතියක් ආවා. ඒකේ පැහැදිලිව මෙහෙම දෙයක් තියෙනවා. වසර 10 ක දණ්ඩනයකට යටත් කරන්ඩ පුළුවන් වරදක් හැටියට හඳුනාගෙන තියෙනවා යම් දහමක් අදහන අයගේ ඒ ඊට ඒ ඔවුන් අතර යම් ආරවුලක්, යම් ගැටුමක් ඇතිකරන ආකාරයේ යම් ක්‍රියාකලාපයක් කරනවා නං ඒක ඒ නව නීතිය යටතේ හඳුනාගන්න තියෙන වරදක් හැටියට. ...

... මේකේ ඉෂූ එකක් නැහැ. දැන් මේකෙ මේ කතා කරන දේ සම්මා සම්බුදුන්ගේ, ජීවමාන සම්මා සම්බුදුන් එතකොට බුද්ධත්වය ලැබුවේ හා පරිනිර්වාණය මේ ශ්‍රී ලංකාවේද සිදුවුනේ, ඉන්දියාවේද සිදුවුනේ කියන එක. ඒක හැබැයි කිසිසේත්ම වාදයකට තුඩුදිය යුතු දෙයක් නොවෙයි කියන එක මං පිළිගන්නවා. ඒක කාටවත්, කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි. ...

... අපි මේක සියලු මාධ්‍යයන් ඔස්සේ ගමු ඉස්සරහට. ...

... ඒ යන ගමන් අපි ඕක සොයමු. ඕකට ප්‍රයෝරිටි දෙන්න ඕනෑ නෙවෙයි. හැබැයි ඒක දැන් මේ කතා කරපු විද්වත් මණ්ඩලයෙන් පැහැදිලිව පේනවා මොකක්ද මේ කතාව. පැහැදිලිවම පේනවා සම්මා සම්බුදුන්ගේ කොහොමද උපත ලැබුවේ කොහොමද බුද්ධත්වය ලැබුවේ කොහොමද කියලා. මේ මේක අපි බලමු පැහැදිලි එහෙම විද්වත් සභාවකට ගෙනල්ලා ජනමාධ්‍යය මේකට උනන්දු කරලා මහජනතාවට ඉදිරියට ගෙනල්ලා ඒගොල්ලෝ මොනවාද මේකට කියන්නේ කියලා. මට පේනවා මේ කියන කතා ටික හොඳටම අහපුවාම මං හිතන්නේ නෑ ඒ ගොල්ලන්ට කියන්ඩ කතාවක් ඉතුරු වෙයි කියලා. ඒක පැහැදිලිවම ඉතා මධ්‍යස්ථව කතා කරන කෙනෙක් හැටියට මම කියන්නේ මේ කියන සෑම දෙනාගේ කතාවලින් (?) පැහැදිලිවම පෙනී යන දෙයක් තමයි මේ කියන කථාව අනිවාර්යයෙන්ම මේක පරීක්ෂණයට ලක් කළ යුතු දෙයක්. ...

... මේ විදිහට මේවා වෙන්ඩ දෙන්ඩ බැහැ. අපි දැන් මේවා කතා කරන ගමන් අපි නම් බලධරයා අපි ගේමු මේවා කතා කරන්ඩ පුළුවන් තැනකට මේ රාජ්‍යය ගෙනියන්ඩ ඕනෑ. ...

... නීතියේ ආධිපත්‍යය ගැන අපි දැනුවත් නම් මේගොල්ලන්ට මේවා කරන්ඩ බෑ. මේ විදිහට ස්වාමීන් වහන්සේට කරදර කරන්ඩ බෑ. ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරන්ඩ බෑ. මේවා සම්පූර්ණයෙන්ම රටේ උත්තරීතර නීතිය සේ පිළිගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනියි, ඊට අනනුකූලයි. මේ මේ මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුරක් හැටියට කියන්නේ, රටේ පිළිගත් නෛතික මූලධර්ම කිසිවකට අනුව මෙවැනි වැඩසටහනක්, මෙවැනි වැඩපිළිවෙලක්, මෙවැනි ගවේශණයක් කිරීමට එරෙහිව කිසිම තැනැත්තෙකුට නැගී හිටින්ඩ බෑ.

--

ප්‍රශ්නය: ඔබේ ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී නැද්ද?

නාගානන්ද: ඇයි ඔබට එහෙම ප්‍රශ්නයක් අහන්ඩ හේතු උනේ ඇයි?

ප්‍රශ්න කරු: යෝජිත ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ වගන්තියයි වත්මන් ව්‍යවස්ථාවේ වගන්තියයි වෙනස් නිසා

නාගානන්ද: දැනට තියෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙන්නේය, බුද්ධාගම පෝෂණය කිරීමට රජය බැදී සිටින්නේය කියලා මේ වාක්‍යය ඛණ්ඩය තියෙනවා. නමුත් මේ හඳුන්වා දෙන නව ජනසම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ ඊට වැඩිය ඒ සීමාව ඉක්මවා ගිය විධිවිධානයක්. ඒක වචන ඛණ්ඩයකට සීමා වෙන්නෑ. මේකේ හඳුන්වා දෙන්නේ "ජනරජය බෞද්ධ දර්ශනය මත පදනම් වූ රාජ්‍යයක් ලෙස පිළිගන්නා අතර ඓතිහාසික උරුමය, සංස්කෘතිකාංග ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට රජය බැඳී සිටින්නේය.". ...

... දැනට තියෙන සද්ධර්මය ගැන තියෙන ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානයෙන්ම පැහැදිලි වෙනවා, ඒක හඳුන්වා දෙන්නේ ආගමක් විදිහට. "බුද්ධාගම". නමුත් මේක ආගමක් නොවෙයි. ඊට වඩා බොහොම සීමාව ඉක්මවා ගිය දර්ශනයක් මේක. මේක බෞද්ධ ආගමක් හැටියට අරගෙන වෙනත් ආගම්වලට සමඟ සැසඳීමට ගන්නා උත්සාහයම සම්පූර්ණයෙන්ම වැරදියි. ...

මේ මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වාදෙන එක ඇවිල්ලා සහමුලින්ම රාජ්‍යය ප්‍රතිපත්තිය තීරණය කරන්නේ දස රාජ ධර්මය මිසක් හුදෙක් ආගමක් හැටියට සද්ධර්මය දක්වලා ඒක හෑල්ලු කිරීමක් නෙවෙයි; ඊට වැඩිය සීමාව හුගක් ඉක්මවා ගිය වැඩපිළිවෙලක් තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා කොහෙත්ම මේ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සද්ධර්මය බුද්ධාගම කියන මේ ව්‍යවස්ථා ඛණ්ඩය සහ මේ හඳුන්වා දෙන එක අතර සසඳන්ඩ බෑ. ඊට වඩා හුගක් ඉහළ තත්ත්වයකට ගෙනත් තියෙනවා බුද්ධ දර්ශනය.

ප්‍රශ්නය: දස රාජ ධර්මය ගුරු කොට ගනී යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද?

නාගානන්ද: ඒ කියන්නේ ...

... දැන් තියෙන ක්‍රමවේදයේ එහෙම දෙයක් නෑ. හුදෙක් වචන දෙකක් කියනවා "ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේය", ඒ වගේම "ආරක්ෂා කරනු ලබන්නේය", නමුත් එහෙම දෙයක් මේ රටේ නැහැ. ඒකට ඕනෑ තරම් ඔබට හේතු සාධක දෙන්නත් පුළුවන්. ...

... ඒ වගේම තමයි මෙතනදිත් ඔය ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේය, ඒ වගේම බුද්ධාගම පෝෂණය කිරීමට රජය බැඳි සිටින්නේය කියන ඒ වචනය කෙසේ සඳහන් වුවත් නඩු තීන්දු (?) නීතියේ තියෙන්නේ ඒක නෙවෙයි. ඒක ඇවිල්ලා ඊට ඉක්මවා ගිහිල්ලා ඒක සීමා කරලා තියෙනවා. නඩු තීන්දු නීතියෙන් පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාවේ ආගමට ප්‍රමුඛත්වයක් දෙන රටක් නොවේ. ඒ වගේම මීට ඉස්සෙල්ලා ශබ්ද දූෂණය සම්බන්ධයෙන් නඩුකරයක් ආවා ශ්‍රේෂ්ඨාධිකරනය හමුවට. ඒ අවස්ථාවෙදිත් ශ්‍රී ලංකාවේ අග්‍ර විනිශ්චයකාර වරයා වශයෙන් කටයුතු කරපු සරත් එන් සිල්වා පිළිගත්තේ නෑ ඒ විදිහට ප්‍රමුඛස්ථානයක් ඒ වගේම පෝෂණය කිරීමට රජය බැඳී සිටින්නේය කියන එක අධිකරණය පිළිගත්තේ නෑ. ...

... උතුරේ පලාත් සභාව එක්තරා අවස්ථාවක ගෙනාවා යෝජනාවක් ගෙනාවා උතුරේ තියෙන බෞද්ධ සිද්ධස්ථාන වහාම ඉවත් කරන්ඩ කියලා ...  ඔබට මතක ඇති සිද්ධස්ථානවල සමහර තැන්වල බුද්ධප්‍රතිමා කඩලා වාහනයේ ටයර් එක බුද්ධ ප්‍රතිමාව උඩින් යනවා ඕවා ඔබට බලන්ඩ පුළුවන් ඔය තියෙන අන්තර්ජාලයේ ඒ සම්බන්ධව තියෙන ඒවා. ඒක අධිකරණයට ගෙනිච්චා. ඒ ගෙනිච්චෙත් නාගානන්දමයි. ...

... ඒක තමයි කියන්නේ පොතේ තියෙන වචනවලින් වැඩක් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. මේක ඇවිල්ලා ඒක මොන වචනයෙන් හඳුන්වා දුන්නත් මේක ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයකට යන්ඩ නම් ඒක තමයි කිව්වේ අර විදිහට වචන කාණ්ඩයක් පාචිච්චි කළේ රාජ්‍යය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්මයක් හැටියට දස රාජ ධර්මය පාවිච්චි කළ යුතුයි කියලා. ...

... ඇත්තටම ධර්මය, මේ ධර්මය ආගමක් විදිහට හැඳින්වීම බරපතල වරදක්. සද්ධර්මය කියන්නේ ඊට වැඩිය බොහොම ඉක්මවා ගිය එකක්. ...

... නමුත් අපි ගේන්ඩ හදන මේ වැඩපිළිවෙල ඊට වැඩිය හාත්පසින් වෙනස්. මේ කරන්ඩ හිතන වැඩපිළිවෙල ඊට වැඩිය බොහොම ඉහළ ස්ථරයකට යන දෙයක් ...

... කොහොමහරි මේක ධර්මද්වීපයක් කියන තැනට නැවත ගේන්ඩ ගන්න උත්සාහයක්. ...

ප්‍රශ්නය: ඔබ බුදුරජානන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලද බව විශ්වාස කරනවද?

නාගානන්ද: එතෙන්දි පැහැදිලි කිරීමක් කරන්ඩ ඕනෑ නාගානන්ද එහෙම දෙයක් කොහෙත්ම දරන්නෑ මතයක්. ...

... අපි දන්නවා බෞද්ධ ඉතිහාසයේ තියෙන්නේ ...

... මේ දේත් කියන්ඩ ඕනෑ. බුදුන්ගේ දහම දේශනා කරලා තියෙන්නේ ඔය අහක යන දේවල් හොයන්ඩ නෙමෙයි. ...

... මේක ඇවිල්ලා තමන් මේ නිර්වාණය සාක්ෂාත් කරපන් තමන්ගේ තියෙන ප්‍රඥාවේ ප්‍රමානය මත ඒ ගමන යන්ඩ මිසක් එහෙම නැතුව ඔය  සිද්ධාර්ථ කුමාරයාගේ උපත කොහෙද, අරක කළේ කොහෙද, මේක කළේ කොහෙද, ඒක නෙමේ සද්ධර්මය.

අතිරේක කියවීම්:

  1. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව
  2. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ සාමණේර ලියාපදිංචිය අවලංගු කිරීම
  3. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (PDF)
  4. ASHIK v BANDULA AND OTHERS (Noise Pollution Case), November 9, 2007, p. 196 (PDF)
  5. බුද්ධාගම සහ බුද්ධධර්මය යන වචනවල අර්ථ පිළිබඳ නාගානන්ද කොඩිතුවක්කුගේ හිස් වචන හරඹය