අටුවාචාරීන් වහන්සේව එපා නං මහනුවර අන්ධබුද්ධිව මොකටද?

[ කාලය 01:01:25 ]

ප්‍රාතිහාර්යය, නෑ. බුදුහාමුදුරුවෝ පෑවේ නෑ. පුළුවන්නං ඔප්පු කරලා පෙන්නන්න කොහෙ හරි තැනක පිළිගත හැකි සාක්ෂි එක්ක. කොහෙ හරි අටුවාකාරයෙක් ලිව්ව එකක් කියයි. අටුවාවේ තිබ්බා, අරකේ [?]. අටුවාව බුදුහාමුදුරුවෝ කිව්වා කියලා, බුදුහාමුදුරුවෝ කිව්වා නං ඉතින් එකවැරම සූත්‍රෙම ඕක කියලා දායි ආයේ[?] අටුවාවක් කියන්න තව එක්කෙනෙකුට ඉඩ තියන්ඩ ඕනැ යෑ? මොකද ප්‍රහේලිකා කිව්වේ නෑනේ බුදුහාමුදුරුවෝ. නේද? කැලේකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා හිස් තැනකට ගිහිල්ලා පලක් බැඳගෙන උඩුකය සෘජුව තියාගෙන තමා දෙස බලන්ඩ කියපුවාම ඕකට ආයෙ අටුවාකාරයෙක්ගේ තව කතන්දරයක් අපි අහන්ඩ ඕනැ ද? ඔය සරලව සිංහලෙන් ලියලා තියෙන්නේ වචන ටිකෙන් ඔක්කොම කරන්ඩ ඕනෑ දේ. ඕක ආයේ තව කෙනෙකුගෙන් අහන්ඩ ඕනැ ද මේ කිව්වේ මේක කියලා. නෑ[?]. ගිහින් බලන්ඩ, කැලේට යන්ඩ, ගහක් මුලට යන්ඩ, හිස් තැනකට යන්ඩ. ඉඳගන්ඩ කඳ බෙල්ල කෙලින් තියාගෙන පලක් බැඳගෙන. බලන්ඩ මේ කියපු එක කරලා. එතකොට කියපු දේ පෙනෙයි. ඒකනේ ඒහිපස්සිකෝ කිව්වේ, ඇවිත් බලන්ඩ කිව්වේ. සාන්දිට්ඨිකයි, එවෙලෙම ඵල දෙනවා කිව්වා. උත්තරේ ලැබෙයි. අකාලිකයි, මේක ඕනෑ කාලෙකට වලංගුයි. හරි ද උත්තරේ?

ඉහත උපුටා දක්වා ඇති මහනුවර අන්ධබුද්ධිගේ ප්‍රකාශයට අනුව අටුවාචාරීන් වහන්සේව උවමනා නැත්නම් ඒ ප්‍රකාශයේ ආකාරයටම මහනුවර අන්ධබුද්ධිවත් ඕනෑ නෑ නේ! එහෙම කියන මහනුවර අන්ධබුද්ධිම නොයෙක් දෑ කියන්න වෙහෙසෙන්නේ කුමට ද?

සබැඳි:

  1. බුදුන් වහන්සේගේ පෙළහර පෑම ගැන මහනුවර අන්ධබුද්ධිගේ අන්ධබාල කථා
  2. මහනුවර අන්ධබුද්ධි බොරුකරුවාණෝ