බුදුන් වහන්සේ සර්වඥ බව තිත්තගල්ලේ ආනන්දසිරි නොදනියි

[ කාලය 00:04:45 ]

කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි:

බුදුහාමුදුරුවෝ මනස පිළිබඳ විශේෂඥයෙක් විතරයි. ඊට අමතරව සිද්ධාර්ථ කාලේ රාජ්‍ය පාලනය පිළිබඳව ඉගෙන ගෙන තියෙනවා. ඊට අමතරව උන්වහන්සේ බුද්ධත්වයේදී විශේෂ වෙන්නේ මනස පිළිබඳව.

මේ තුච්ඡ පුද්ගලයාගේ සාමාන්‍ය දැනීමත් දුර්වලයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ මහාවග්ගයේ සච්චසංයුත්තයේ සිංසපාවනවග්ගයේ සිංසපා සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවූ ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරොධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බොධිය පිණිස නො පවතී. නිර්වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා යටතේ එන සර්වඥතා - අනාවරණඥානයෝ විස්තරය
  2. බුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම
  3. බුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම අරභයා නඩු පැවරීම