බුදුන් වහන්සේගේ සිත නොමියන බවට තිත්තගල්ලේ ආනන්දසිරි අධර්මයක් දෙසයි

[ කාලය 00:14:28 ]

කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි:

ඕගොල්ලෝ ජීවත් වෙන ගමන් මේ කියන වචන අහලා ඕගොල්ලො ඕගොල්ලොන්ගේ මනස අවබෝධ කරගන්න ඕනෑ. අවබෝධ කරහම තේරෙනවා අපිට වයසට යන්නැති, ශරීරය ලෙඩ උනත් මනස ලෙඩ වෙන්නේ නැති, අවසානයේ කියනවා නං මැරෙන්නැති තැනක් හොයාගන්න පුළුවන්. මොන තැනක් ද? ඇත්තටම මැරෙන්නෑ. දැං බුදුහාමුදුරුවෝ කියලා ගියානේ ගෙදරින් සිද්ධාර්ථ කාලෙදි මම නොමැරී ඉන්න තමයි යන්නේ කියලා. හැබැයි අපි බුදුහාමුරුවෝ එහෙම එකක් හොයා ගත්තාද? අජරාමර බව හොයා ගත්තාද? ඉතින් පරිනිර්වාණය කරලා අර සල් වනේ ආදාහනය කළා කියනවා නේ? ඒ ආදාහනය කරේ ශරීරය විතරයි. එයාගේ සිත කවදාවත් මොකක් වෙන්නැද්ද? සිත අපේ වගේ මරණයට පත්වෙන්නේ නෑ.

තිත්තගල්ලේ ආනන්දසිරි නම් තුච්ඡ පුද්ගලයා ඒ පවසා ඇත්තේ අධර්මයක්. සිතේ ස්වභාවය නම් හටගෙන වහා නිරුද්ධ වීම. බුදුන් වහන්සේ ජරාවක් නොමැති බැවින් අජර වූ ද, මරණයක් නොමැති බැවින් අමර වූ ද නිර්වාණය සාක්ෂාත් කළා යන්නෙන් සිතේ නොනැසී පැවැත්මක් හැඟවෙන්නේ නෑ. පරිනිර්වාණයේදී අවසාන සිත බිඳී යෑමෙන් පසුව නැවත සිතක් හටගන්නේ නෑ. පරිනිර්වාණයෙන් පසුව නැවත සිතක් නොහටගන්නා බැවින් සිතේ මරණයක් නැතැයි කියා නම් කියන්න පුළුවන්. එසේ කියනවා නම් ශරීරයටත් එසේම කියන්න පුළුවන්. ඒ "පරිනිර්වාණයෙන් පසුව නැවත ශරීරයක් නොහටගන්නා බැවින් ශරීරයේ මරණයක් නැත." කියා.

තිත්තගල්ලේ ආනන්දසිරි නම් තුච්ඡ පුද්ගලයා පවසා ඇති ආකාරයට නොමැරී පවත්නා සිතක් බුදුරජානන් වහන්සේට නෑ. පරිනිර්වාණයට පෙරත් බුදුරජානන් වහන්සේගේ සිත් හටගෙන මැරී ගිය බවයි සත්‍යය. පරිනිර්වාණයට පසුව නොමැරී පවතිනවා යැයි කිව හැකි පවතින සිතකුත් නෑ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ නිධානවග්ගයේ අභිසමයසංයුත්තයේ මහාවග්ගයේ අස්සුතවන්තු සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.

මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඤ්ඤාණ යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කළකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් බොහෝ කලක් මුළුල්ලෙහි ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාදියෙන්) බැස ගන්නා ලදී. මමත්වය කරණ ලදී. පරාමර්ශනය කරණ ලදී. එහෙයින් එහිලා නූගත් පුහුදුන් තෙමේ උකටලී වන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙන්නට නො සමත් ය.

මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සතරමහාභූතයන්ගෙන් හටගත් ශරීරය ආත්ම ය යි ගන්නේ නම් උතුම්. සිත (එලෙස ගැනීම) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතරමහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක් වසක් සිටුනේ ම, දෙවසක් සිටුනේ ම, තෙවසක් සිටුනේ ම, සිවුවසක් සිටුනේ ම, පස්වසක් සිටුනේ ම, දසවසක් සිටුනේ ම, විසිවසක් සිටුනේ ම, තිස්වසක් සිටුනේ ම, සතලිස්වසක් සිටුනේ ම, පනස් වසක් සිටුනේ ම, සියවසක් සිටුනේ ම, ඉන් වැඩියක් කල් සිටුනේ ම පැණේ. මහණෙනි, යමක් මේ සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ සිත රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.

මහණෙනි, වඳුරෙක් මහවනෙහි හැසිරෙණුයේ යම්සේ අත්තක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, මහණෙනි, එසෙයින් ම මේ යමක් සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ (සිත) රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ. (සිත අරමුණක් පාසා වෙනස්වන බව කියුසේ ය.)

සබැඳි:

  1. බුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම
  2. බුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම අරභයා නඩු පැවරීම