වැලමිටියාවේ කුසලධම්ම මහතාගේ මිය යෑම නිසා නම් කෙරුණු ශෝක දිනයේ දී කෙසේ සංවේගය උපදවා ගත යුතු ද?

කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිව සිට මිය ගිය වැලමිටියාවේ කුසලධම්ම මහතාගේ ආදාහනය සිදුවන දෙදහස් විසි එක වසරේ ඔක්තෝබර් මස තිස් එක් වන අද දින ජාතික ශෝක දිනයක් යැයි රජය විසින් නම් කොට තිබෙනවා. බුදු සසුනට ලැදි පිරිස් මේ අරභයා කෙසේ නම් සංවේගය උපදවා ගත යුතු ද?

බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පැවිදි බවට අනුලෝම දිවි පෙවෙත් ඇති පිරිසක්. නිර්වාණය සාක්ෂාත් කිරීම වෙත නැමී ඇති ඒ දිවි පෙවෙත් තුළ ඉන් බාහිරි ක්‍රියාවන් නෑ. වැලමිටියාවේ කුසලධම්ම මහතා චීවරය දරාගෙන උවත් විශ්ව විද්‍යාලයක උපකුලපති කම් කිරීම බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ පැවිදි බවට අනුලෝම ක්‍රියාවක් නොවෙයි. අරහත් ධජය දරාගෙන මෙවන් නොහොබීනා ක්‍රියාවන් කිරීම අරහත් ධජයේ දැලි ගෑමක්. මෙය ශ්‍රාවක සංඝයාගේ නිර්වාණයට නැමුණු සැබෑ ප්‍රතිරූපය බිඳ දමා ඒ වෙනුවට ශ්‍රාවක සංඝයා යනු හිස් ක්‍රියාවන්හි නියුතු පිරිසක් යැයි බුදු සසුන පිළිබඳ මනාව නොදත් පිරිස් තුළ හැඟීම් ඇති කරනවා. මෙසේ වූ විට බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳ ගුණ දැන පැහැදීමක් කෙසේ වන්නද?

වැලමිටියාවේ කුසලධම්ම උපකුලපති මහතාගේ මිය යෑම නිසා නම් කොට ඇති ශෝක දිනයේ දී කරුණු තුනකින් සංවේගය උපදවා ගැනීම බොහෝ දෙනෙකුට සුදුසුයි. පළමු කරුණ නම් අපි ද වැලමිටියාවේ කුසලධම්ම උපකුලපති මහතා වෙත පැමිණි උපදින සියල්ලන්ටම උරුම මරණය නම් ධර්මතාව නොඉක්මවූ සත්වයන් වෙමු යැයි සංවේගය උපදවා ගැනීම. දෙවන කරුණ නම් ශාසනානුලෝමී නොවන, ආදර්ශමත් නොවන ක්‍රියාවක යෙදී බුද්ධ ශාසනයේ දැලි ගෑ වැලමිටියාවේ කුසලධම්ම උපකුලපති මහතාව ඉන් මුදවාලීමට අපට නොහැකි වී යැයි සංවේගය උපදවා ගැනීම. තෙවැනි කරුණ නම් වැලමිටියාවේ කුසලධම්ම උපකුලපති මහතා වැනි අනාදර්ශී ක්‍රියාවන්හි නියුතුවන්නන් නිසා භාග්‍යවත් වූ සම්මා සම්බුද්ධ වූ ගෞතම බුදුරජානන් වහන්සේගේ ශාසනය වහ වහා අතුරුදන් වේ යැයි සංවේගය උපදවා ගැනීම.

සබැඳි:

  1. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය
  2. ජාතික චීවර පජාත සේවක සංගමය වෙනුවෙන් නරිපණ්ඩිත කොත්මලේ කුමාරකස්සප හිමි!
  3. සියම් නිකායේ මල්වතු පකිස්බූරු පාර්ශවයේ පිටිදුවේ පකිස් බූරුවා