කෝරලයාගම සරණතිස්ස හිමි භාග්‍යවතුන් වහන්සේ තවමත් ජීවමානව වැඩ ඉන්නා බව පැවසීම

භාග්‍යවතුන් වහන්සේ තවමත් ජීවමානව වැඩ ඉන්නා බව සහ මේ මොහොත වෙනකොටත් අප සියලු දෙනාගේ සියලු සිත් දකින බව කෝරලයාගම සරණතිස්ස හිමි පවසන ආකාරය ඉහත වීඩියෝවේ අන්තර්ගතව පවතිනවා. ධර්මය තුළින් බුදුන් දැකීම කළ හැකි උවත් එසේ නම් භාග්‍යවතුන් වහන්සේ තවමත් ජීවමානව වැඩ ඉන්නා බව හෝ භාග්‍යවතුන් වහන්සේ මේ මොහොත වෙනකොටත් අප සියලු දෙනාගේ සියලු සිත් දකින බව කීම ධර්මානුකූල නැහැ. සමහර විට "කෝරලයාගම සරණතිස්ස හිමි හට නිවන් දැකපු කෙනාට නැවත උපතක් ඇතැයි ලාමක මිත්‍යාදෘෂ්ටියක් ඉපදීම" යන සබැඳියෙන් යොමුවන ලිපියේ විස්තර කර ඇති ආකාරයට ශාස්වත දෘෂ්ටිය ගැනිම නිසා කෝරලයාගම සරණතිස්ස හිමි එම නිවැරදි නොවන අදහස් දැක්වීම කරන්නට ඇති.