රුචිර විජේසේන මහතා අද දින "ඇයි ගොඩක් මිනිස්සු දුප්පත් වෙනකොට, ටික දෙනෙක් පෝසත් වෙලා, පොඩ්ඩම පොඩ්ඩක් ධනවත් වෙන්නේ?" යන මාතෘකාව ඇතිව යූටියුබ් වීඩියෝවක් පළ කොට තිබෙනවා. ධනය සහ භෝග සම්පත් විවිධ ප්‍රමාණවලින් ඇති නිමල්, කමල් සහ පියල් යන නම් ඇති තිදෙනෙකුගේ ජීවිත පිළිබඳ කතාවක් එහි අන්තර්ගත වෙනවා. ලක්ෂණවලින් ගත් විට නිමල්, කමල් සහ පියල් යන නම් ඇති තුන් දෙනා අතරින් කවර අයෙකු වන්නට කැමති දැයි, කවර පැත්තකට නැඹුරු වන්නට කැමති දැයි රුචිර විජේසේන මහතා එම වීඩියෝව නරඹන්නන්ගෙන් විමසීම් ද කර තිබෙනවා. මේ මගේ ප්‍රතිචාරය:
නිමල්, කමල්, පියල්. මේ තුන්දෙනාගේම ජීවිතවල පෝසත්කමක් ගැන කතා වුනේ නෑ නේ? ජීවිතේ ඕක නම් මම ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් වෙන්න කැමති නෑ. ජීවිතය ඔහොම හිස්බවක්, නොවටිනා බවක්, අසාර්ථකත්වයක් වෙනුවෙන් වැය කරන්නේ කුමටද?
රුචිර චිජේසේන මහතාගේ මෙන් කතාවක් ලියා කියවන්නන් වෙත හිතන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න මටත් හිතුනා. මේ එයයි:
හිඟන්නන් තුන් දෙනෙක් හිටියා. පළමුවැන්නා ළඟ ශත පනහක් තිබුණා. දෙවැන්නා ළඟ රුපියල් පහක් තිබුණා. තෙවැන්නා ළඟ රුපියල් විස්සක් තිබුණා. ඔබ කැමති කොයි හිඟන්නා වගේ වෙන්න ද?
මෙම ලිපිය කියවන අයට මම ආරාධනා කරනවා පහත දැක්වෙන වීඩියෝවේ අන්තර්ගත බලංගොඩ රාධ හිමිගේ මනරම් ධර්ම දේශනයටත් හිත යොමු කරන ලෙස. දේශනාව ග්‍රහණය කර ගැනීමට හොඳ අවධානයෙන් අසන්න.