යාලේගම රතනවංශ හිමිට එරෙහිව මහමෙව්නාව සංඝ සභාවේ රුපියල් මිලියන සියයක අපහාස නඩුව

Submitted by Kamal Wickramanayake on

යාලේගම රතනවංශ යන නම් ඇති භික්ෂූන් වහන්සේ නමක් විසින් කරනු ලැබ ඇතැයි කියන අපහාස කිරීම් සම්බන්ධයෙන් මහමෙව්නාව සංඝ සභාව එහිමියන්ට විරුද්ධව කුරුණෑගල දිසා අධිකරණයේ අංක SP 9693 යටතේ අපහාස නඩුවක් ගොනු කොට තිබෙනවා.

නඩුවේ මුද්දර ගාස්තු ගෙවීමේ කාර්යය සඳහා පමණක් නඩුව රුපියල් මිලියන සියයකට තක්සේරු කිරීමක් පැමිණිලිකරුවන් විසින් සිදු කොට තිබෙනවා. නඩුවේ ඉල්ලා ඇති සහන අතර එම මුදල ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කොට නැහැ. එසේ වෙතත් ඉල්ලා ඇති සහන අතර නඩු ගාස්තු ලබා දෙන ලෙස ඉල්ලීමක් අඩංගු කොට තිබෙනවා.