මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම

සිංහල වචනය: සුන්දර
සිංහල අර්ථය: ආකර්ෂණීය, රමණීය, කදිම, කාන්ත, නන්දනීය, ප්‍රිය, රම්‍ය, සිත්කලු, මනවඩන, සෞන්දර්යාත්මක, ළගන්නා ආදී අර්ථයන්
මීවනපලානේ හිමිගේ ව්‍යාකූල නව අර්ථ දැක්වීම: සුන් + දර, සුන් වූ දර යන අර්ථය
ව්‍යාකූල නව අර්ථය පවසන තැනක්: https://youtu.be/CC21RzdNkzY?t=1h30m36s

සිංහල වචනය: සන්නිවේදනය
සිංහල අර්ථය: අදහස් හුවමාරුව, පණිවුඩ හුවමාරුව, කථාබස් කර ගැනීම, නිවේදනය, ප්‍රකාශනය ආදී අර්ථයන්
මීවනපලානේ හිමිගේ ව්‍යාකූල නව අර්ථ දැක්වීම: රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම
ව්‍යාකූල නව අර්ථය පවසන තැනක්: https://youtu.be/CC21RzdNkzY?t=1h38m27s

සිංහල වචනය: සම්බන්ධය
සිංහල අර්ථය: බන්ධනය, සන්ධිය, පුරුක, බැඳීම, එකමුතු බව, සමාගම, ඥාතිත්වය ආදී අර්ථයන්
මීවනපලානේ හිමිගේ ව්‍යාකූල නව අර්ථ දැක්වීම: රාග ද්වේශ මෝහ කරුණු වලට අන්ධ ලෙසින් බැඳීම
ව්‍යාකූල නව අර්ථය පවසන තැනක්: https://youtu.be/PtAJPh9EaOA?t=21m43s