පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ගැන උඩුදුම්බර කාශ්‍යප හිමි පවසන දෑ

ඉහත වීඩියෝවේ විනාඩි 3යි තත්පර 16න් පමණ ඉදිරියට ආසන්නයේ උඩුදුම්බර කාශ්‍යප හිමි මෙසේ පවසනවා:

දන්නවා නේද අද මොකක්ද වෙලා තියෙන්නේ කියලා? දැන් පිළිරූ හදන්න පටන් අරගෙන. හදිස්සියේම බුද්ධත්වයට පත්වෙලා. මේකෙන් මේ මලකෝලමට නේද, එකතුවෙලා ඉඩදෙන බෞද්ධයොන්ටත් ඇත්තටම, ඇත්තටම පිස්සු විකාර මේවට අනුග්‍රහ දක්වනවා. නේද? එතකොට කොච්චර හොඳට හිටිය ස්වාමිනන් වහන්සේලාද මේ? පිටිදූවේ හාමුදුරුවෝ කියලා කියන්නේ අපි බොහොම ගෞරව කරපු ගිහිව ඉද්දි මමත් ගොඩාක් ගෞරව කරපු නායක ස්වාමින් වහන්සේ නමක්. හරිද? ඒ බණ අහලා තියෙනවා අපි. ඇයි මෙහෙම වෙන්නේ? නේද? කාගෙ බලපෑමද මේවා? ඒවා ගැනයි අපි සාකච්ඡා කරන්ඩ ඕනැ. උන්වහන්සේට බණින්ඩ නෙවෙයි ඕනෑ කරන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද මේ වෙලා තියෙන්නේ? කොහෙන්ද මේවට උදව් හම්බවෙන්නේ? කවුද මේවට උඩගෙඩි දෙන්නේ?

නා උයනේ සේනාසනය කියලා කියන්නේ සහ දිද්දෙණිය ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ අද ලංකාවෙ තියෙන ධර්ම විනය බබළන, නේද, මහා ඇත්තටම කියනවා නම් පූජා භූමි වගේ තැන් දෙකක් විදිහට සලකන්න පුළුවන් තැන් දෙකක්, අපි බෞද්ධයෝ ගෞරවයෙන් සලකන ස්ථාන. මේ දෙක මැද තමයි මේ මිත්‍යා දෘෂ්ටිකයෝ ගිහිල්ලා, මේ මිත්‍යා දෘෂ්ටිකයෝ ගිහිල්ලා මේ දෙක මැද්දෑවෙන් හදනවා ආරණ්‍යයක්, ආරණ්‍යයක් නෙවෙයි මොකක්දෝ මේ, නේද, මොකක්දෝ මේ මාළිගාවක් හදනවා. හරිද? ඉතින් ඒක හින්දා අපි මේවා කතා කරලා දැන ගන්ඩ ඕනෑ. නින්දා කරන්ඩ නෙවෙයි. අවබෝධය ඇති කරගන්ඩ ඕනෑ. එතකොට මේවාට උඩගෙඩි දෙන්ඩ හොඳ නෑ.