ධර්මය විකෘති කිරීම පිළිබඳ වලස්මුල්ලේ අභය බමුණාගේ දෙපිටකාට්ටු කථා

වලස්මුල්ලේ අභය බමුණා:

[ කාලය 01:38 ]
යමෙක් ධර්මය විකෘති කරනවා, අධර්මය කියලා දක්වනවා නම්, අන්න ඔහු සඞ්ඝබෙදය කරනවා.

[ කාලය 02:34 ]
... දහම් විකෘති කරලා ...

[ කාලය 03:44 ]
දැන් මේ ධර්මය විකෘති කරාට පස්සේ කොයි තරම් කාලයක් ද, ආයු කල්පයක් නිරයේ පැසෙයි.

[ කාලය 05:04 ]
සංඝ භේදය යනු ධර්මය විකෘති කිරීමයි. ධර්මය විකෘති කරලා කොහෙද යන්න වෙන්නේ?


වලස්මුල්ලේ අභය බමුණා:

[ කාලය 02:32 ]
මේ ලෝකයේ තියෙන ධර්මතාවයන් මේවා අපිට වෙනස් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒවා කොහොමත් තියෙනවා. බුදුරජානන් වහන්සේ හිටියත් තියෙනවා, නැතත් තියෙනවා. ධර්මය කියන එක විකෘති කරන්න පුළුවන් ද? ...

[ කාලය 03:45 ]
ධර්මය කියන එක කාටවත් විකෘති කරන්න බෑ. එහෙම නං ඇපල් ගෙඩියක් වැටුනහම ඒක උඩ යන්න පුළුවන් වෙන්න ඕනෑ. ...

[ කාලය 03:59 ]
කවුරු හරි කෙනෙක් කියනවා නං ලෝකයේ ධර්මය විකෘති කරනවා කියලා, එහෙම එකක් ලෝකයේ නෑ. එතකොට කෙනෙක් විකෘති ධර්මයක් දරාගෙන ඉන්න පුළුවන්. විකෘති ධර්ම දරන් ඉන්න අයිතිය තියෙනවානෙ මිනිස්සුන්ට. ධර්මයක් විකෘති කරන්න බෑ කාටවත්.

අතිරේක කියවීම:

  1. වලස්මුල්ලේ අභය බමුණා සඞ්ඝභෙදය ගැන අධර්මයක් දෙසීම