රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාට වෙළඳ ලකුණක් උවමනා වීම

සමහර පිරිහුණු පැවිද්දන් බුදුරජානන් වහන්සේගේ ධර්මය දෙසමින් එම දෙසීම්වල අයිතිය තමන්ට සීමාවී ඇතැයි හැඟෙන පරිදි කටයුතු කෙරුමටත්, සමහරු එම දහම් සොරකමින් නොනැවතී තමන්ට නොමැති අයිතියක් ඇතැයි දක්වමින් අන් අයව ඉන් පෙළීමටත් යොමුව සිටිනවා. රෙකෝඩ් කරන ලද ධර්ම දේශනා ප්‍රසිද්ධ කිරීමේදී ඒවායේ අයිතිය තමන්ටම සීමා වී ඇතැයි දැක්වීම, සජීව ධර්ම දේශනා පිළිබඳව ද හැකිනම් එසේම කිරීම, දහම් පොත් පත් ආදිය ලියා ප්‍රසිද්ධ කෙරුමේදී ඒවායේ කර්තෘ අයිතිය හෝ ප්‍රකාශන අයිතිය පිළිබඳ සඳහන් කොට අයිතිවාසිකම් පෑම, දහම් ප්‍රචාරය කෙරුම පිණිස වෙබ් අඩවි පවත්වාගෙන යමින් නැති අයිතිවාසිකම් හැඟෙන පරිදි "සියලු හිමිකම් ඇවිරිණ" ආදී වදන් එම වෙබ් අඩවිවල දැක්වීම ආදිය එබඳු ක්‍රියාවන්ට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ප්‍රසිද්ධ කර ඇති ධර්ම දේශනා, ලිපි හෝ ග්‍රන්ථ අවසර නොමැතිව අන් අයෙක් පිටපත් කළහොත් එසේ කිරීම වරදකැයි සම්මත කිරීම, නීති මගින් එසේ කරන අයට දඩුවම් පැමිණවීමට යෑම ද  එබඳු ක්‍රියාවන්. ගිහියන්ට වේවා, පැවිද්දන්ට වේවා, බුදු දහම ඇත්තේ එහි භාවිතය එබඳු තුච්ඡ ක්‍රියාවන් සමඟ කෙරුම පිණිස නොවෙයි.

ලංකාවේ බුද්ධිම දේපළ පණත යටතේ "මහරහතුන් වැඩිමග ඔස්සේ" යන වදන් සහිත වෙළඳ ලකුණක් ලියාපදිංචි කිරීමට රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා ගත් පෙර කී ආකාරයේ තුච්ඡ උත්සාහක් ගැන 2018.01.05 දින රජයේ ගැසට් පත්‍රයේ I කොටස, III ඡේදයේ තිස් වන පිටුවේ දැක්වෙනවා:

 SEC . (III) – GAZETTE OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA – 05. 01.2018

කුමකට ද මේ වෙළඳ ලකුණ? පැවිදි වීත් ධර්ම දේශනා අඩංගු සීඩී සහ ඩීවීඩී තැටි විකුණන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ද? අන් අයෙක් ඒවා පිටපත් කළොත් ඒවා තමන්ට අයිති යැයි දක්වා පිටපත් කළ කෙනාට දඩුවම් පමුණුවන්නන ද? "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" වැනි වදන් වෙළඳ ලකුණකට යොදාගැනීම සුදුසු වන්නේ කෙසේ ද? බුද්ධ ශ්‍රාවකයෙක් එවැනි වදන් පෙළක් තමන්ට පමණක් අයිතියක් තිබෙන පරිදි නීතියෙන් ලියාපදිංචි කිරීමට පෙළඹෙන්නේ කුමන සිත් ඇතිව ද? එම ක්‍රියාව මහ රහතුන් වැඩි මඟේ හික්මෙන්නන්ට සුදුසු ක්‍රියාවක් ද? රාජගිරියේ අරියඥාණ මහළු පැවිද්දා ඒ උත්සුක වී ඇත්තේ ලැජ්ජා නැති ක්‍රියාවකට.

සමහර පිරිහුණු පැවිද්දන් බුදුරජානන් වහන්සේගේ ධර්මය දෙසමින් එම දෙසීම්වල අයිතිය තමන්ට සීමාවී ඇතැයි හැඟෙන පරිදි කටයුතු කෙරුමටත්, සමහරු එම දහම් සොරකමින් නොනැවතී තමන්ට නොමැති අයිතියක් ඇතැයි දක්වමින් අන් අයව ඉන් පෙළීමටත් යොමුව සිටිනවා. ගිහියන්ට වේවා, පැවිද්දන්ට වේවා, බුදු දහම ඇත්තේ එහි භාවිතය එබඳු තුච්ඡ ක්‍රියාවන් සමඟ කෙරුම පිණිස නොවෙයි.

අතිරේක කියවීම:

  1. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම