රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා බුදු දහමේ කියැවෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ හුටපට සේ දැකීම

රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා ඉහත වීඩියෝවේ මෙසේ පවසනවා අසන්න පුළුවන්:

... නෑ, නෑ. බුදුරජානන් වහන්සේ සතරසතිපට්ඨාන සූත්‍රයේදී මහත්තයෝ ඔහොම කියන්නේ නැහැ. අනිත්‍යයි කියලා දැක්කහම අනිත්‍යයි කියන කාරණයේ තියෙන්න ඕනෑ වෙනස් වීම. තේරුණයි? ඒක පූර්ණ කළාම හොඳටම ඇති. ආයේ මේක අනාත්මයි කියලා හිතුණොත් ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. තේරුණයි? මේක මේ මේ දුකයි කියලා හිතුණොත් ඒකත් අනිත්‍යයි කියලා දකින්න. එතකොට ඒ ප්‍රශ්නය මතුවෙන් නෑ.

...

... එතකොට කායානුපස්සනාව වඩන්නැති කෙනෙක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නැත්තං ඔය අනිච්චා, දුක්ඛා,... ඔය එකේක දේවල් හුටපට තියෙනවා නේ. ඕවා පස්සේ ඉතින් ඇදීගෙන යන්න වෙනවා. තේරුණයි?

බුදුරජානන් වහන්සේ ඔවා ගැන හිතන්න කියන්නේ නෑ. බුදුරජානන් වහන්සේ කියන්නේ දුක ගැන හිතන්න, දුකට හේතුව ගැන හිතන්න, දුක නැති කිරීම ගැන හිතන්න, නැති කිරීමේ මාර්ගය ගැන හිතන්න. ඔච්චරයි. ඔයිට වඩා දෙයක් අපිට කියන්නේ [ නෑ ]. ඔයිට වඩා දේවල් හිතුවොත් කවදාක්වත් අපිට මාර්ගය නම් ශක්තිමත් කරගන්න හම්බවෙන්නේ නෑ. හිත හිතා ඉන්න පුළුවන්.

දැන් සම්මාසම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා අපි තාම හිත හිතා ඉඳලා තියෙනවා. ඇයි හිත හිතා හිටියේ? තාම බුදුරජානන් වහන්සේ හිතන්න කියපු තැනට අපි ආවේ නැහැ.

...

... ඊට වඩා දෙයක් ඕකේ අවශ්‍ය වෙන්නේ නෑ.

රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාගේ එම ප්‍රලාප දෙසීම "නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!" ප්‍රලාපයක් යැයි කීම මනාව ගැළපෙනවා.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ධම්මපදපාළියේ මග්ගවග්ගයෙන් කොටසක්:

[ පාලි බසින් ]

සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සබ්බෙ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

[ සිංහල පරිවර්තනය ]

සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද එ කල්හි මේ (ස්කන්ධපරිහරණය යැයි කියන ලද) දුකෙහි (මුදුන් පත් වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන්) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ දුඃඛපරිඥානාදි විසින් සත්‍යප්‍රතිවෙධය කරන්නේ ය. එ හෙයින්) මේ සංස්කාරයන් කෙරෙහි නිර්වෙදය, නිර්මල වීමට (නොහොත් නිවනට) මඟ ය.

සියලු සංස්කාරයෝ (උදයව්‍යයයෙන් පෙළෙන හෙයින්) දුක්හ යි යම් කලෙක විවසුන් නුවණින් දකී ද, එකලැ මේ ස්කන්ධ පරිහරණයෙහි (දුකෙහි) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ සත්‍යයන් පිළිවිදුනේ ය.) මේ සංස්කාරයන් කෙරෙහි කළකිරීම, නිර්මල බවට (නොහොත් නිවනට) මඟය (කාරණ ය).

සියලු පස් කඳහු (තමා වසයෙහි නොපවත්නා හෙයින්) අනාත්මහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද, එ කල්හි මේ දුකෙහි (ස්කන්ධපරිහරණයෙහි) කළකිරෙන්නේ ය. (එසේ කළකිරුනේ සත්‍යප්‍රතිවෙධය කරන්නේ ය.) එහෙයින් මේ සංස්කාරයන්හි කලකිරීම, නිර්මල බවට (නොහොත් නිවනට) මඟ ය.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ පඤ්ඤාවග්ගයේ විපස්සනාකථාවෙන් කොටසක්:

[ පාලි බසින් ]

සො වත භික්ඛවෙ, භික්ඛු කඤ්චි සඞ්ඛාරං නිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති, සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.

සො වත භික්ඛවෙ, භික්ඛු සබ්බසඞ්ඛාරෙ අනිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති ඨානමෙතං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති, සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති.

සො වත භික්ඛවෙ, භික්ඛු කඤ්චි සඞ්ඛාරං සුඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති, සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.

සො වත භික්ඛවෙ, භික්ඛු සබ්බසඞ්ඛාරෙ දුක්ඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති ඨානමෙතං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති, සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති.

සො වත භික්ඛවෙ, භික්ඛු කඤ්චි ධම්මං අත්තතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති, සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.

සො වත භික්ඛවෙ, භික්ඛු සබ්බධම්මෙ අනත්තතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති ඨානමෙතං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති, සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති.

[ සිංහල පරිවර්තනය ]

මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් නිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට (ලෝකෝත්තරමාර්‍ගයට) බස්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.

මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි.

මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.

මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි.

මහණෙනි, එකැතින් ඒ මහණ කිසි ධර්‍මයන් ආත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.

මහණෙනි, එකැතින් ඒ මහණ හැම ධර්‍මයන් අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි.

රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා සහ රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාගේ හුටපට පිළිගන්නා අය රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාගේම වචනවලින් තමන්ටම මෙසේ පවසාගත්තා නම් නිවැරදියි: "තාම බුදුරජානන් වහන්සේ හිතන්න කියපු තැනට අපි ආවේ නැහැ.".