2019 ජනවාරි 5 වන දින මාතලේ අළුවිහාරයේදී ස්ත්‍රීන් විසින් පවත්වන ලද උමතු ප්‍රදර්ශනය

* 2019 ජනවාරි 5 වන දින මාතලේ අළුවිහාරයේදී ස්ත්‍රීන් විසින් පවත්වන ලද උමතු ප්‍රදර්ශනය දැක්වෙන වීඩියෝවක සබැඳිය මෙම ලිපියේ පහතින් දක්වා ඇත.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයෙන් (220 පිටුව) උපුටා ගැනීමක්:

[ පාලි බසින් ]

‘‘කථං මයං භන්තෙ මාතුගාමෙ පටිපජ්ජාමා?’’ති.

‘‘අදස්සනං ආනන්දා’’ති.

‘‘දස්සනෙ භගවා සති කථං පටිපජ්ජිතබ්බන්ති?’’

‘‘අනාලාපො ආනන්දා’’ති.

‘‘ආලපන්තෙන පන භන්තෙ කථං පටිපජ්ජිතබ්බන්ති?’’

‘‘සති ආනන්ද උපට්ඨපෙතබ්බා’’ති.

[ සිංහල පරිවර්තනය ]

ඉක්බිති, අනඳ තෙරණුවෝ “වහන්ස, අපි මාගම කෙරෙහි කෙසේ පිළිපදුමෝ දැ” යි විචාළහ.

“අනඳෙයනි, මාගම නොදැක්ම යැ” යි භගවත්හු වදාළහ.

“භාග්‍යවතුන් වහන්ස, දැක්මක් ඇති කල්හි කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ විචාළහ.

“අනඳයෙනි, ඇය හා කතා නො කිරීම යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

(කතා කළ යුතු ම තැනක් වුව) “වහන්ස, කතා කරන මහණහු විසින් කෙසේ පිලිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“අනඳයෙනි, (ඇය ගේ වයස අනුව මේ මව යැ යි හෝ සොහොයුරි යැ යි හෝ දූ යැ යි හෝ සලකා) සිහිය එළැඹැවියැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ඛුද්දකපාඨපාළියේ දසසිකපදයන්ගෙන් උපුටා ගැනීමක්:

[ පාලි බසින් ]

නච්‌චගීතවාදිතවිසූකදස්‌සනා වෙරමණීසික්‌ඛාපදං සමාදියාමි.

[ සිංහල පරිවර්තනය ]

නටනු ගයනු වයනු විසුළුදස්නෙන් වැළැක්මවූ සිකපදය මනා කොට ගණිමි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨකනිපාතයේ පඨමපණ්ණාසකයේ උපොසථ වර්ගයේ අනුරුද්‌ධමනාපකායික සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

[ පාලි බසින් ]

අථ ඛො තා දෙවතා එකා ච ගායි, එකා ච නච්චි, එකා ච අච්ඡරං වාදෙසි සෙය්‍යථාපි නාම පඤ්චඞ්ගිකස්ස තූරියස්ස සුවිනීතස්ස සුප්පටිපතාළිතස්ස කුසලෙහි සුසමන්නාහතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච, එවමෙව තාසං දෙවතානං අලඞ්කාරානං සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච. අථ ඛො ආයස්මා අනුරුද්ධො ඉන්ද්‍රියානි ඔක්ඛිපි.

අථ ඛො තා දෙවතා න ඛො අය්‍යො අනුරුද්ධො සාදියතීති තත්ථෙවන්තරධායිංසු.

[ සිංහල පරිවර්තනය ]

ඉක්බිති ඒ දේවතාවන් අතුරෙහි එක් දේවතාවක් ගැයූ ය, එක්දේවතාවක් නැටූ ය, එක් දේවතාවක් හස්තතාලයට වන යම්සේ මැනැවින් සකසන ලද, ස්වරසාම්‍ය සඳහා පූර්‍වවාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ සොඳුරුත් වේ ද, සිත් රඳවන්නකුත් වේ ද, කමනීයත් වේ ද, ප්‍රෙමණීයත් වේ ද, මදනීයත් වේ ද, එසෙයින් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ ශබ්දය වල්ගු ද වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්‍රෙමණීය ද වෙයි, මදනීයද වේ, එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් (ඇස්) යටිහුරු කළහ.

ඉක්බිති ඒ දේවතාවෝ ආර්‍ය්‍ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහ යි එහි ම අතුරුදහන් වූහ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ තිකනිපාතයේ තතියපණ්ණාසකයේ සම්බොධිවග්ගයේ පඤ්චම සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

[ පාලි බසින් ]

රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං නච්චං. කොමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකං හසිතං.

[ සිංහල පරිවර්තනය ]

5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍තථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).

2019 ජනවාරි 5 වන දින මාතලේ අළුවිහාරයේදී ස්ත්‍රීන් විසින් පවත්වන ලද උමතු ප්‍රදර්ශනය මෙම සබැඳියෙන් දැක්වෙන වීඩියෝවේ කාලය 01:01:21 සිට 01:06:19 පමණ වන තෙක් දැකිය හැකියි: https://www.endchannel.com/watch?v=yt/R0AhyVDNbkQ&t=3681

අතිරේක කියවීම්:

  1. චිත්ත දූෂක චාල්ස් තෝමස් බයිලා ගීතයක් ද ගයමින් මදුල්ල පන්සල තුළ සමූහ දූෂණයක යෙදීම
  2. බුදු හිමිට පිටුපා චිත්ත දූෂක චාල්ස් තෝමස්ගේ දූෂණයට කැමති වූ කහ රෙදි වෙළා ගත්තවුන්