ලබුනෝරුවකන්ද නරිවාද ශාසන සමීක්ෂා 2019-01-05

2019 ජනවාරි මස 05 වන දින නරියා රූපවාහිනි වැඩසටහනක් ලෙස විකාශය වූ සාකච්ඡාවකදී ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ නරිවාදී මාන්කඩවල නන්දරතන, නරිවාදී කොත්මලේ කුමාරකස්සප සහ කැලණිය විශ්ව විද්‍යාලයට රිංගා ඇති බවක් පෙනෙන නරිවාදී අළුබෝමුල්ලේ ධම්මාලංකාර යන හිමිවරුන් විසින් නරිවාදයට අනුව බුද්ධ ශාසනය සමීක්ෂා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා. විභජ්ජවාදයට අනුව බුද්ධ ශාසනය සමීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවේදී නොකියවෙනවා නොවේ.

පහත දැක්වෙන්නේ එම නරිවාද සාකච්ඡාවේදී කියැවුණු සමහර දෑ:

නරිවාදී මාන්කඩවල නන්දරතන හිමි:

[ 00:34:33 ]
අපේ හාමුදුරුවනේ අපි දකිනවා, ඉතාමත්ම පැහැදිලිව, බුදුරජානන් වහන්සේ මේ රන්මසු, මිල මුදල් පරිහරණය සම්බන්ධයෙන් ශික්ෂාපද දේශනා කරලා තියෙනවා. හැබැයි වර්තමාන සමාජයේ, අපි ඒ පිළිබඳවත් කතා කරන්න ඕනැ පණ්ඩිත හාමුදුරුවනේ, වර්තමානය වන විට අපේ බහුතරයක් හාමුදුරුවන් වහන්සේලා මිල මුදල් පරිහරණය කරමිනුත් ඉන්නවා, යම් යම් අවශ්‍යතා, දුෂ්කරතාවයන් මත.

[ 00:35:09 ]
උන්වහන්සේලාගේ ජීවිතය පවත්වාගෙන යන්න මේ එන දහසක් දුෂ්කර කරදර මධ්‍යයේ, පවත්වාගෙන යෑම සඳහා මිල මුදල් පරිහරණය කළත්, ... ... . උන්වහන්සේලා ධර්මය විනය විනාශ කරන්න යන්නේ නෑ.

[ 00:36:14 ]
ඒක හාමුදුරුවනේ අද කෙරෙන දේ සහ ශාසන ධර්මය කියන එක අපි වෙනම තේරුම් ගත යුතු දේවල් නේ!

--

නරිවාදී අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි:

[ 00:38:06 ]
හාමුදුරුවෝ කිව්වා වගේ, කාලයාගේ ඇවෑමෙන්, යම් යම් හේතු කාරණා මත භික්ෂූන් වහන්සේට මුදල් පරිහරණය සිද්ධ කරන්න වෙලා තියෙනවා. අර කිව්වා වගේ අවංක භික්ෂූන් වහන්සේ නමක් ඒ ශික්ෂාපදය ඒ අයුරින් ඛණ්ඩනය උනත්, එය දොරටුවක් බවට පත්කරගන්නෑ තව තව ඇතුලට ගිහිල්ලා තව තව ශික්ෂාපද ඛණ්ඩනය කරන්න.

නරිවාදීන්ගේ ප්‍රකාශ එසේ උවත් උක්ත කරුණ සම්බන්ධව බුද්ධ ආඥාව කෙසේ දැයි විමසන අයට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ ගාමණි වග්ගයේ මණිචූළක සූත්‍රයේ එය මෙසේ සඳහන්ව තිබෙන බව දකින්න පුළුවන්:

[ පාලි බසින් ]

යස්ස ඛො ගාමණි ජාතරූපරජතං කප්පති, පඤ්චපි තස්ස කාමගුණා කප්පන්ති. යස්ස පඤ්චකාමගුණා කප්පන්ති, එකංසෙනෙතං ගාමණි ධාරෙය්‍යාසි: අස්සමණධම්මො අසක්කියපුත්තියධම්මොති. අපිචාහං ගාමණි එවං වදාමි: තිණං තිණත්ථිකෙන පරියෙසිතබ්බං, දාරු දාරුත්ථිකෙන පරියෙසිතබ්බං, සකටං සකටත්ථිකෙන පරියෙසිතබ්බං පුරිසො පුරිසත්ථිකෙන පරියෙසිතබ්බො. නත්වෙවාහං ගාමණි කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදිතබ්බං පරියෙසිතබ්බන්ති වදාමීති.

[ සිංහල පරිවර්තනය ]

ගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස්කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම්ගුණ කැප වේ නම් එකාන්තයෙන් අශ්‍රමණ ධර්ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණවලින් ප්‍රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැවවලින් ප්‍රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්‍රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්‍රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යුතු යයි මම නො ම කියමි යි.

ශාසන විලෝපියන් සඳහා නරිවාදී මූල්‍ය සේවා සපයන ආයතන ද ලංකාවේ නැතුවා නොවේ. නරිවාදී මූල්‍ය සේවා සපයන ආයතනවලට උදාහරණ ලෙස මහජන බැංකුව සහ සම්පත් බැංකුව දක්වන්න පුළුවන්. මේ ඒ සඳහා සාක්ෂි:

1.

Screenshot

Screenshot

2.

3.

Screenshot

4.

Screenshot

ඒ මහජන බැංකුව සහ සම්පත් බැංකුව ශාසන විලෝපියන් සඳහා නරිවාදී මූල්‍ය සේවා සපයන බවට සාක්ෂි.

සාකච්ඡාවේ කියැවුණු වෙනත් කරුණක් ගැන ද සඳහන් කිරීම සුදුසු යැයි සිතනවා. එම සාකච්ඡාවේ කාලය 00:43:50 න් පමණ ඉදිරියට ආසන්නයේ අනාගාමී ආර්යයන් වහන්සේ මිල මුදල් පරිහරණය සිද්ධ නොකරන බවත් ඝටීකාර බ්‍රාහ්මණ තුමාගේ කථාවස්තුවෙන් බොහෝම ලස්සනට එය පැහැදිලි වෙන බවත් කියැවෙනවා. එම කාරණය ගැන මට සැකයක් පවතිනවා. ඝටීකාර කුම්භකාර උතුමානන් මණි ස්‍වර්‍ණ රන්රිදී හැර දිවි ගෙවූ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ මජ්ඣිම පණ්ණාසකයේ රාජවග්ගයේ ඝටීකාර සූත්‍රයේ දැක්වෙනවා. එතුමන්ගේ එම සීලය අගය කළ යුත්තක්. එසේ උවත් එය සියලු අනාගාමී ආර්යයන් වහන්සේලාට පොදු ස්වභාවයක් බව එම සූත්‍රයේ දැක්වෙන්නේ නැහැ. එබඳු විස්තරයක් වෙන යම් සූත්‍රයක දැක ඇති බවකුත් මට සිහිවන්නේ නෑ. ඒ පවසන ලද කරුණ සත්‍යයක් දැයි මම සැක කරනවා.

නරියා රූපවාහිනි වැඩසටහනට අනුග්‍රාහක දායකත්වය දක්වා ඇති බව කියැවෙන බම්බලපිටියේ ද ෆොන්සේකා පෙදෙසෙහි පදිංචි මහාචාර්ය තිලක් මහත්මා සහ ඩේති ෆොන්සේකා මහත්මිය ද මෙම අවස්ථාවේ දී සිහිකෙරෙනවා.

ගෞතම බුදුසසුන ලොව බොහෝ කල් බැබළේවා!

සබැඳිය: