රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා සීලය පසෙක තබා ඉදිරි මාස හයේ රටට බලවත් අනතුරු සිදුවිය හැකි යැයි අනාවැකි කීම

[ කාලය 00:02:06 ]

ඒ නිසා නෝනා අදින් පස්සෙ එළබෙන්නා වූ මාස හය කියන්නේ නෝනා, මේ රට බලවත් අනතුරුදායක කාලයක් කරා යන මාස හයක්. ඒක හොඳින් තේරුම් ගන්න.
...
ඒ නිසා ඉදිරි මාස හය නෝනා බලවත් අනතුරු රටට සිද්ධ වෙන්න පුළුවන් මාස හයක්.
...

[ කාලය 00:05:45 ]

ඒ නිසා දරුවෝ, මේ මොහොතේ ඉදිරි මාස හය මං නැවතත් කියනවා බලවත් ජනතාව මුළාවට පත්කරන, බොරුවෙන් ජනතාව රවට්ටන, ජනතාවට වංචාවෙන් රවට්ටන, ඒ වාගේම හිතාගන්න බැරි අනුකරණයන් සමාජගත කරන, බලවත් අනුකරණයන් ජනතාවාදී මුහුණුවරින් බලවත් අනුකරණයන් ඉදිරියේදී සමාජගත වෙන්න පුළුවන්. එහෙම අනුකරණයන් සමාජගත වෙලා ආයිමත් ජනතාව ඇත්තේ නාමයෙන් බොරුවක් රජකරන්න පුළුවන්. ඒක හොඳට තේරුං ගන්න ඕනෑ, ඈ. ඇත්තේ නාමයෙන් නැවත බොරුවක් රජකරලා රටේ ඉතුරු ටිකත් විනාශයෙන් විනාශයට ඇද දාන්න පුළුවන්. ...

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ග සාමඤ්ඤඵල සූත්‍රයෙන් කොටසක්:

45. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම)ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

46. ...

47. ...

48. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, ක්ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී. හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.

අතිරේක කියවීම:

  1. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ 2012 මහා විනාශ ප්‍රලාපය