බුදුරජානන් වහන්සේ අභිධර්මය දේශනා කර ඇත්තේ දෙවියන්ට මිස මනුෂ්‍යයින්ට නොවේ යැයි රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අන්ධබාල කථාවක් දෙසීම

[ කාලය 19:20 ]

... ඒ නිසා යම් කෙනෙක් සූත්‍රගත ධර්මයන්ට දෙන යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකමම අභිධර්මයටත් දෙන්න ඕනෑ. තේරුනයි? ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අභිධර්මය කියන කාරණය අපි එක වචනයකින් හරි එක ලකුණකින් හරි පල්ලෙහට දාන්න හදනවා නං, ඒ දාන මොහොතේම අපි ශ්‍රද්ධාවෙන් දුර්වල වෙනවා. මොකද ඒක බුදු රජානන් වහන්සේ දේශනා කලා වූ ධර්මයක්. ඒ නිසා සූත්‍රගත ධර්මයට යම් වටිනාකමක් දෙනවා නං ඒ හා සමාන වටිනාකමක් අභිධර්මයට දෙන්න ඕනැ. කිසිම තර්කයක් නෑ ඒ පිළිබඳව. තේරුනාද?

නමුත් මෙතනදි අපි තේරුං ගත යුතු තත්වයක් තියෙනවා. මොකක්ද ඒ තේරුං ගත යුත්තේ? අභිධර්මය බුදුරජානන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට. ඕකයි ප්‍රශ්නෙ. තේරුනාද? මනුෂ්‍යයින්ට නෙමෙයි. බුදුරජානන් වහන්සේ අභිධර්මය විශාඛා උපාසිකාවට, අනේපිඬු සිටුතුමාට, නකුල මාතා, නකුල පියා, උග්ග ගෘහපතිවරයාට දේශනා කළේ නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේට, මුගලන් මහ රහතන් වහන්සේට, ආනන්ද මහ රහතන් වහන්සේලාට ඒ උතුම් රහත් ඵලය උදෙසා අභිධර්මය දේශනා කළේ නැහැ. ඒ නිසා නිරතුරුවම මනුෂ්‍යයින් උදෙසා නෙමෙයි බුදුරජානන් වහන්සේ අභිධර්මය දේශනා කරන්නේ, දෙවියන් උදෙසා. ඒ විශේෂ හේතුව තමයි නෝනා දෙවියන්ගේ ඉන්ද්‍රීය ධර්මයන් ශක්තිමත් වැඩියි. දෙවියන්ගේ පින ශක්තිමත් වැඩියි. මනුෂ්‍යයාට වඩා දෙවියාගේ පින ශක්තියෙන් වැඩියි, දෙවියාගේ ඉන්ද්‍රීය ධර්මයේ ශක්තිය නිසා තේරුම් ගැනීමේ හැකියාව වැඩියි. එතකොට ඊට අදාලව තමයි බුදුරජානන් වහන්සේ අභිධර්මය දෙවියන්ට දේශනා කරන්නේ. එතකොට බුදුරජානන් වහන්සේ අභිධර්මය දෙවියන්ට දේශනා කළාට පස්සේ ඒ අභිධර්මය අහලා දෙවියන් දහස් ගණන්, දස දහස් ගණන්, ලක්ෂ ගණන් උතුම් අධිගමයන්ට පත් උනා. මොකද ඒ දෙවියන්ට ඒ ශක්තිය තියෙනවා. තේරුනාද? නමුත් මනුෂ්‍යයාට ඊට අදාල පින සහ ඊට අදාල ඉන්ද්‍රීය ධර්මයන්ගේ ශක්තිමත්භාවය අඩු නිසා බුදුරජානන් වහන්සේ මනුෂ්‍යයින් උදෙසා මේ චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි දේශනා කරන්නේ.

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාගේ ඉහත උපුටා දක්වන ලද ප්‍රලාපයෙහි බුදුරජානන් වහන්සේ මනුෂ්‍යයින්ගේ අධිගම ලැබුම උදෙසා අභිධර්මය දේශනා කළේ නැතැයි පවසා තිබුනත් මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන්ව ඇත්තේ රෝහන ස්ථවිරයන් වහන්සේ නාගසේන සාමණේරයන් වහන්සේව අභිධර්මයෙහි පළමු කොට හික්මවූ බවයි (16 පිටුව).

රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා යනු විනය පිටකයටත්, සූත්‍ර පිටකයටත්, අභිධර්ම පිටකයත් යන තුන් පිටකයටම ගරහන මෝඩ පහේ පුද්ගලයෙක්. මෙවැන්නන්ගේ ප්‍රලාප දෙසීම් නිසා බුදු සසුනට සිදුවන්නේ මහත් අගතියක්.

විනය පිටකයටත්, සූත්‍ර පිටකයටත්, අභිධර්ම පිටකයත් යන් පිටක තුන බුදු සසුන රඳා පවත්නා ස්ථම්භයන් තුනක් වැනියි. ඉන් එකක් හෝ නැති වීම මහා පාඩුවක්, මහා අභාග්‍යයක්, මහා විනාශයක්.

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාගේ ඉහත ප්‍රලාපයෙන් උගත හැක්කේ අරියඥාණ මහලු පැවිද්දා යනු අභිධර්මය ගැන නිසි වැටහීමක් ලබා නොමැති මනස්ගාත දොඩවන තුච්ඡ පුද්ගලයෙකු බවයි.

සබැඳි:

  1. බුද්ධජයන්ති ත්‍රිපිටක මාලාවේ අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණිප්පකරණ ග්‍රන්ථයට කරහම්පිටිගොඩ සුමනසාර හිමි ලියා ඇති සංඥාපනය
  2. භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
  3. රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා බුදු දහමේ කියැවෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ හුටපට සේ දැකීම
  4. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි අභිධර්මය ගැන කීමට කට අරියි. මූසල හිවල් නද පැතිරෙයි.