ඇමරිකාවට ගිය පේරාදෙණියේ සුජාත ක්‍රිස්ටිනාගෙන් කයින් ලවිංනස් ඉගෙන ගැනීම

බ්‍රහ්මචර්යාවට උවදුරු විය හැකි හෙයින් පිරිමින් කෙරෙහි මෙන් නොව ස්ත්‍රීන් කෙරෙහි භික්ෂූන් වහන්සේලා පිළිපදින ආකාරය බොහෝම සීමා සහිතයි. එසේ උවත් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ නොමඟ ගිය පුද්ගලයෙකු වන පේරාදෙණියේ සුජාත ඇමරිකාවට ගොස් සිටියදී ක්‍රිස්ටිනා නම් ස්ත්‍රීයකගෙන් කයින් ලවිංනස් ඉගෙන ගෙන තිබෙනවා.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද පුච්ඡා කථා (220 පිටුව) යටතේ භික්ෂූන් වහන්සේලා ස්ත්‍රීන් නොදැක සිටිය යුතු බවත්, දැක්කොත් කතා නොකර සිටිය යුතු බවත්, කතා කළ යුතුම විටෙක වයස අනුව මේ මව හෝ සහෝදරිය හෝ දූ යැයි සලකා සිහිය එළැඹවිය යුතු බවත් බුදුරජානන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කර ඇති බව සඳහන්ව තිබෙනවා.

තවද ත්‍රිපිටකයේ විනයපිටකයේ පාරාජිකපාළියේ සඞ්ඝාදිසෙසකාණ්ඩයේ කායසංසර්ඝශික්ෂාපදයේ විනීතවත්ථු (316 පිටුව) යටතේ භික්ෂුවක විසින් මාතෘ ප්‍රේමයෙන් මවගේ සිරුර අතගෑමත්, දුවණියක කෙරෙහි ඇති ප්‍රේමයෙන් දුවණියකගේ සිරුර අතගෑමත්, සහෝදරියක කෙරෙහි ඇති ප්‍රේමයෙන් සහෝදරියකගේ සිරුර අතගෑමත් දුකුළා ඇවැත් සිදුවන භික්ෂුවකට නොමනා ක්‍රියාවන් ලෙස දැක්වෙනවා. සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ එන කායසංසග්ග සික්ඛාපද වණ්ණාවේ එම විනිතවත්ථු සදහන් දෑ පිළිබඳ විස්තරයේ (386 පිටුව) ගඟ දියෙහි ගසාගෙන යන තම මව දැකත් බුදුරජානන් වහන්සේගේ අණ සිහි කරන භික්ෂුවක විසින් ඇයව අතින් නොඇල්ලිය යුත බවත්, ඈට උපකාර කළ හැකි අන් ආකාර පිළිබඳවත් සඳහන්ව තිබෙනවා.

භික්ෂුවකට නොමනා ලෙසින් අසංවරව මහසිනාසෙමින්, අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයට සහ ප්‍රසන්නයන්ගෙන් සමහරෙකු වෙනස් බවට පත්කරමින්, භික්ෂුවකගේ ප්‍රතිරූපයටද හානි කරමින්, අන් භික්ෂූන්ටද නොමනා ආදර්ශයක් දෙමින් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ පේරාදෙණියේ සුජාත ක්‍රිස්ටිනාගෙන් කයින් ලවිංනස් ඉගෙන ගත් ආකාරය කෙබඳු දැයි දැක්මට කැමති අයට මෙම සබැඳිවලින් ඊට යොමුවන්න පුළුවන්:

  1. [ආරම්භය] Taking Risks to Follow Your Heart with Bhante Sujatha
  2. [එම වීඩියෝවේම කාලය 13:04] Taking Risks to Follow Your Heart with Bhante Sujatha
  3. [එම වීඩියෝවේම කාලය 16:22] Taking Risks to Follow Your Heart with Bhante Sujatha