මීහරක් Fernando

මෙම ලිපිය පෙර පළ කළ "ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ YouTube Copyright Strike" ලිපිය හා බැඳේ.

ඉහත දැක්වෙන වීඩියෝවට අදාළව යූටියුබ් වෙබ් අඩවියේ  "Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය" යන නමින් නාලිකාවක් පවත්වාගෙන යනු ලබන මිසදිටුවා සමග කෙරුණු කතාබහක්:

  • Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය
    Thu, 31 Oct 2019 18:41:34 +0530
    👉 Shraddha Media Network Dhamma Sermons will be deleted from this Channel  
     
    පින්වත් මහත්මයාණනි/මහත්මියනි, මා මීට පෙර යවන ලද විද්‍යුත් තැපෑලට පිළිතුරක් Shraddha TV - Web <web@shraddha.lk> ආයතනය වෙතින් 30.10.2019 දින ලැබුනා. එය පහතින් සදහන් වේ.  
     
    "According to our policies, We, Shraddha media network does not allow anyone to publish our content on their platforms without special permission as well as a reason. Therefore we cannot allow you to give permission for adding our content to your youtube channel. Please remove all contents which you have taken form Shraddha media network. Otherwise, we will have to claim copyright strikes for all contents which we have owned."  
     
    එනිසා, ගොඩක් මහන්සි වී, එක එක playlist වලට අප්ලෝඩ් කරන ලද පොල්ගහවෙල මහමෙව්නාවේ භික්ෂුන් වහන්සේලාගේ බණ, බෞද්ධ වැඩසටහන්, බෞද්ධ ගීත වලට යොදාගත් බෞද්ධ වීඩියෝ සියල්ල නොවැම්බර් මස 2019 අවසන් වීමට පෙර මා ඉවත් කරමි. මින්පසු, පොල්ගහවෙල මහමෙව්නාවේ බණ හෝ කිසියම් දෙයක් මෙම චැනලයේ අප්ලෝඩ් කරනු නොලැබේ. එම වීඩියෝ වලට පුණ්‍යවන්ත අදහස් පල කරන ලද සියලු දෙනාට බොහෝ පින් අත්වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏
    1. මෙහෙම උනා දෙසපුව
      Thu, 31 Oct 2019 21:23:26 +0530
      ඔය විදිහිට පොල්ගහවෙල මහමෙව්නාවෙන් ඔවුන්ගේ යැයි අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම ගැන ඔබේ පෞද්ගලික අදහස කුමක්ද? එසේ කිරීම බුදු දහමට අනුකූලයි කියා හිතනවාද, අනුකූල නොවේ කියා හිතනවාද?
    2. Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය
      Fri, 01 Nov 2019 08:23:44 +0530 (Updated: Fri, 01 Nov 2019 15:58:28 +0530)
      @මෙහෙම උනා දෙසපුව පින්වත් මහත්මයාණනි/මහත්මියනි,  
       
      ඔබතුමා/ඔබතුමිය අසා ඇති ප්‍රශ්නය කලොචිතයි. බෞද්ධ දර්ශනය තම තමාගේ කියා සිතිම, තම තමන්ට අවශ්‍ය ආකාරයට දේශනා කිරීම, මේ භවයේදී නම්, සතුට ගෙන දෙන කරුණක් විය හැකි, නමුත් මරණින් පසු, කල්ප ගණන් දුක් විදීමට සිදුවන අකුසල් රැසක්.  
       
      නමුත් පින්වත් මහත්මයා/මහත්මිය, මෙතන සිදුවී ඇත්තේ, වැඩසටන් වල Copyright පිලිබඳ ගැටලුවක්. නවීන තාක්ෂණය නිසා, නීති රැසක් සමග කැටිවූ පාලන ක්‍රමයක් සහිත යුටියුබ් වේදිකාවේ, එය උපයෝගී කරගන්නා අයට ලැබී ඇති වරප්‍රසාද හා මා සිතා සිටින ලිහිල් ප්‍රතිපත්ති (බෞද්ධ වැඩසටහන් හා බණ සදහා පමණක්) අතර නොගැලපීමක්. ඉතා සරලව, වීඩියෝවක අන්තර්ගතයට වඩා, එය නිර්මාණය කරේ කවුද යන්නයි. අන්තර්ගතය බෞද්ධ දර්ශනය වුවත්, ශ්‍රද්ධා ආයතනය තීරණය කර ඇත්තේ, ඒ අය මහන්සි වී, නිපදවන ලද බෞද්ධ වීඩියෝවක්, මා විසින් සොරකම් කොට, අප්ලෝඩ් කරා හා සම අදහසක්. 
       
       
      මා කරේ මා හට අර්ථවත් යැයි සිතුන ශ්‍රද්ධා ආයතනයේ බණ හා බෞද්ධ වැඩසටහන් මෙම යූටියුබ් නාලිකාව හරහාත් සැමගේ දහම් දැනුම වර්ධනය කර ගැනීමට වැඩිපුර අවස්ථාවත් ලබාදීමයි. පෙර සදහන් කල පරිදි මෙම යූටියුබ් නාලිකාව මුදල් නොඋපයන අතර, ග්‍රාහකයින් වැඩි කරගැනීම (subscribers count) හෝ නරබන වාර ගණන (views) වැඩි කරගැනීම වැනි පටු අදහස් වලින් මිදුන යූටියුබ් නාලිකාවකි. බෞද්ධ වීඩියෝවක් නිර්මාණය කිරීමට ගොඩක් ඇපකැප වි මහන්සි විය යුතු අතර, එනිසා මම 'ABOUT' ටැබ් එක යටතේත්, පළමු වීඩියෝ නිර්මාණ කරුවන්ට ප්‍රණාමය පුද කර ඇත. කෙසේ නමුත් මා අතින් සිදු වුයේ, ශ්‍රද්ධා (පොල්ගහවෙල මහමේවනාව) ආයතනයේ වීඩියෝ සොරකම් කිරීමකට වඩා, බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට ගත් අවංක උත්සාහයක්. මා සිතුවේ, මෙම යූටියුබ් නාලිකාව මුදල් නොඋපයන නිසාත්, පළමු වීඩියෝ නිර්මාණ කරුවන්ට ප්‍රණාමය පුද කර ඇති නිසාත්, මාගේ විද්‍යුත් තැපැල් ලිපිනය 'ABOUT' ටැබ් එක යටතේ සදහන් කර ඇති නිසාත්, YouTube Copyright Strike එකක් නිකුත් කිරීමට පෙර, මා හට දැනුම්දුන්නානම් වඩාත් උචිත යැයි කියා. එසේ සිදුනොවීම ගැන ටිකක් කණගාටුවක් ඇති වුනේ, අපි ඔක්කොම මේ පුංචි රටේ සිංහල බෞද්ධයන් වන අතර, සිංහල බසින් නිර්මාණය වූ බෞද්ධ දර්ශනය පිලිබඳ වැඩසටහන් හරි තාක් දුරට නොමිලේ බෙදා හදා ගත යුතුයි - ධර්ම දානය සියලු දානවලට වඩා උතුම් වන අතර, ධර්ම දානය දිමට අනිත් අයටත් අවස්ථාවක් ලබාදීම පළමු වීඩියෝ නිර්මාණ කරුවන්ට බොහෝ කුසල් වැඩෙන කරුණක්. මුදල් උපයන කරුණු මත නිෂ්පාදනය වන වාණිජ යූටියුබ් වැඩසටහන් වලට වඩා, බෞද්ධ දර්ශනය බෙදා හරින වැඩසටහන්, නොමිලේ හැකි තාක් දුරට ප්‍රචලිත වීමට අවස්ථාව සලසා දිය යුතුයි. නමුත් පළමු වීඩියෝ නිර්මාණ කරුවන්ට ප්‍රණාමය නොපුදා, මුදල් උපයන ලෙස භාවිතා කරමින්, අන් අයගේ බෞද්ධ වීඩියෝ, වෙනත් නාලිකා වල පල කිරීම හොඳ නැති වැඩක්. මෙම නාලිකාවෙන් නම් එහෙම දෙයක් වුනේ නැහැ. මාගේ පෞද්ගලික අදහස නම්, දානයක් දීමට පෙර, දෙන අවස්ථාවේ හා දුන් පසුවත් පිරිසිදු නොඇලුණු සිතින්, කිසිම දෙයක් නැවත බලාපොරොත්තු නොවී, දිය යුතුයි. එම පිරිසිදු චේතනාවෙන් තොරව දෙන දානයක ආනිශංස අඩුයි. මේ එක විදිහකට මේ ප්‍රශ්නය දිහා බලන පැතිකඩක්.  
       
      තවත් විදිහකට, ශ්‍රද්ධා ආයතනයට එතුමන්ලාගේ වීඩියෝ වල අයිතිය ඇති නිසා, පෙර මා සදහන් කරන ලද සිතන විදිහක්, එතුමන්ලාගෙන් පිලිබිබු නොවෙන නිසා, එතුමන්ලාගේ අදහසට ගරු කල යුතුයි. එතුමන්ලාට මෙවැනි බණ, බෞද්ධ වැඩසටහන් තව දුරටත් නිර්මාණය කිරීමට හැකි වේවා කියා මෙත් සිතින් පතමි. ශ්‍රද්ධා (පොල්ගහවෙල මහමේවනාව) ආයතනයේ බණ ඇසීමට පමණක් මෙම නාලිකාවේ ග්‍රාහකයින් වු, මහත්ම මහත්මීන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, ඔබ සැම, මෙම බෞද්ධ නාලිකාව අත හැර, ශ්‍රද්ධා (පොල්ගහවෙල මහමේවනාව) ආයතනයේ බණ පලවන යූටියුබ් නාලිකාවක් සමග ග්‍රාහකයින් වනු මැනවි - ඒ ගැන සිතේ කිසිම අමනාපයක් නැත.  
       
      මෙම බෞද්ධ නාලිකාව හරහා මා ළඟ තියෙන වෙනත් බෞද්ධ බණ, හා බෞද්ධ වැඩසටහන් ඉදිරියට අප්ලෝඩ් කරමි.  
       
      කෙසේ නමුත්, අටලෝ දහම හමුවේ, නොසෙල්වී, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිස කටයුතු කරගනු මැනවි, මන්දයත් තමාගේ ගැලවුම්කරු තමාම මිස, වෙන කෙනෙක් නොවේ. තමා විසින්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධ කරගත යුතුයි.  
       
      තෙරුවන් සරණයි! 🙏🙏🙏
    3. Chandula Nawam
      Fri, 01 Nov 2019 12:50:41 +0530
      Pin weth mahethmeyaneni me poll Gaha wela mehemewnawe Chanell eka hare oba thuma wenath chanell ekakate sambanda wenna obata wenath chanell ekak magin Apa te budu bane ha budda wada satahan obata haki tharem pale karanna uthseha ganna nosali api buddiyen wegama Nuwenin wada kateuthu karenna Adishtane kare ganimu mulu lanjawema inna minisun mone Akareye wiwida chanell Hada Gena budu bane wikasganeya kareth kisi palek na sithe Sarddhawe nathuwe kune makuwen wega wada karenewa nam oba thuma kiwa wegama me sasarin ethera wenna nam Daremaye thematema Dupathak kare gena A dupathin thamage uthsageyenmai Ethera wenna thiyennee kauru kohoma kiweth wadak na Darmaye thama thulin Awaboda kare gena thamage pihite themame selesa gannewa hera obate theruwrn sarenai !!!
    4. Chandula Nawam
      Fri, 01 Nov 2019 13:01:47 +0530
      Mehema una Asapuweta mese kirima budu Dahemate nam kisi sethma Anukulewa nowe apida meya melesa Anumatha karennee na api A thireneyate ekagath na budu Dahama kageweth pudgalika Budaleyak hema nowe budu wahanse budu Dahrma Deshana kote wedale jathi Agam kula buda welate wen karela weth mudall upaya ganime Darmayek hatiyata nowe budu piyanen wehanse siyaluma loka sathwayo kerehi mehath karunawen ha Anukampa sahe gathewa budu bena Desu nisa budu dahame kate weth pudgalika kareneya kare ganna kateuthu kirima buddayo lesa sudusu mowe mulu loke sathwayatema eka ha samenewa poduwe semana kote deshana kote athi nisa wisheshayenma budda api niyema buddayo nam ese kale uthu mowe eta pudgalikawema budu dahemate sidu karena Agaurewayek lesai api nam dakinnee !!##?????
    5. Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය
      Fri, 01 Nov 2019 15:50:42 +0530
      @Chandula Nawam පින්වත් චන්දුල මහත්මයා,  
       
       
      ඉතා වටිනා අදහසක්. ඔබතුමා ලියා ඇති සියල්ල නිවැරිදියි.  
       
       
      නමුත් මා පෙර සඳහන් කර පරිදි, යුටියුබ් මගින් දී ඇති copyright නීති පද්ධතිය ට සියල්ලන්ම ගරු කල යුතුයි. නමුත්, වාණිජමය අදහසින් තොවර, බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයට පුළුවන්, යුටියුබ් copyright නීති පද්ධතිය ක්‍රියාවට නැංවීමට හෝ නොකිරීමට. එම තීරණය එම බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අය හා සතුයි. මෙම අවස්ථාවේ, ශ්‍රද්ධා ආයතනය එතුමන්ලාගේ බෞද්ධ වැඩසටහන් සඳහා යුටියුබ් copyright නීති පද්ධතිය ක්‍රියාවට නංවා තියෙනවා. අවශ්‍ය නම්, එතුමන්ලාට එම බෞද්ධ වීඩියෝ, අනිත් අයගේ මුදල් නොඋපයන යුටියුබ් නාලිකා වල, පල කිරීමට ධර්ම දානයක් ලෙස දිය හැකි. නමුත් එතුමන්ලා, එසේ නොසිතන නිසා, එතුමන්ලාගේ අදහසට අපි ගරු කල යුතුයි. මෙදිහි මහත්මයා, වීඩියෝවක අන්තර්ගතයට වඩා, කා විසින් නිර්මාණය කරන ලද්දක්ද තමයි වැදගත් වෙන්නේ. යුටියුබ් copyright නීති පද්ධතියට 'ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දර්ශනය හැකිතාක් දුරට බෙදා හදා ගෙන ප්‍රචාරය කරන්න' වැනි සිංහල බෞද්ධ අපි සිතන ආකාරය අදාළ නැහැ. එය තීරණය විය යුත්තේ බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයගේ චේතනාව හා පරමාර්ථය මත. copyright strike එකක් නිකුත් කරන ලද ශ්‍රද්ධා ආයතනයෙන් එය ඉල්ලා අස් කරගැනීමෙන් පසු, මම එතුමන්ලාගේ එම වීඩියෝව ඉවත් කරගැනීමට කරන ලද ආයාචනයට වත් එතුමන්ලා, සවන් දීමට අකමැති බවත් මෙහිදී සදහන් කල යුතුයි. මා එසේ ඉල්ලා සිටියේ, මෙම බෞද්ධ නාලිකාව ඉදිරියට පවත්වාගෙන යෑමට, එම copyright strike එක ඉවත් කරගැනීම උපකාරයක් වන නිසයි.  
       
       
      මෙම නාලිකාවෙන්ම ඉදිරියට වෙනත් බෞද්ධ වැඩසටහන් අප්ලෝඩ් කරන්නම්.  
       
       
      ඔබතුමාට තෙරුවන් සරණයි! 🙏🙏🙏
    6. මෙහෙම උනා දෙසපුව
      Fri, 01 Nov 2019 19:17:07 +0530
      Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය  
      > @මෙහෙම උනා දෙසපුව පින්වත් මහත්මයාණනි/මහත්මියනි,  
       
      මම පිරිමියෙක්.  
       
      > ඔබතුමා/ඔබතුමිය අසා ඇති ප්‍රශ්නය කලොචිතයි. බෞද්ධ දර්ශනය තම තමාගේ කියා සිතිම, තම තමන්ට අවශ්‍ය ආකාරයට දේශනා කිරීම, මේ භවයේදී නම්, සතුට ගෙන දෙන කරුණක් විය හැකි, නමුත් මරණින් පසු, කල්ප ගණන් දුක් විදීමට සිදුවන අකුසල් රැසක්.  
       
      එසේ නම් සත්පුරුෂයින් බෞද්ධ දර්ශනය තම තමාගේ කියා සිතන්නන්, තම තමන්ට අවශ්‍ය ආකාරයට දේශනා කරන්නන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන්ව ඉන් වැළැක්වීමට කටයුතු කළ යුතුයි.  
       
      > නමුත් පින්වත් මහත්මයා/මහත්මිය, මෙතන සිදුවී ඇත්තේ, වැඩසටන් වල Copyright පිලිබඳ ගැටලුවක්. නවීන තාක්ෂණය නිසා, නීති රැසක් සමග කැටිවූ පාලන ක්‍රමයක් සහිත යෝඋටුබේ වේදිකාවේ, එය උපයෝගී කරගන්නා අයට ලැබී ඇති වරප්‍රසාද හා මා සිතා සිටින ලිහිල් ප්‍රතිපත්ති (බෞද්ධ වැඩසටහන් හා බණ සදහා පමණක්) අතර නොගැලපීමක්. ඉතා සරලව, වීඩියෝවක අන්තර්ගතයට වඩා, එය නිර්මාණය කරේ කවුද යන්නයි. අන්තර්ගතය බෞද්ධ දර්ශනය වුවත්, ශ්‍රද්ධා ආයතනය තීරණය කර ඇත්තේ, ඒ අය මහන්සි වී, නිපදවන ලද බෞද්ධ වීඩියෝවක්, මා විසින් සොරකම් කොට, අප්ලෝඩ් කරා හා සම අදහසක්.  
       
      ඔය කාරණාව මම වසර ගණනාවක සිට සිතා බැලූ දෙයක්. ශ්‍රාවකයින් අතර සමඟිය නැති කොට බේද භින්න කරන්ඩ, ශාසන ශෝධනය වළක්වන්ඩ, අධර්මය අවිනය පතුරුවන්ඩ, බුදුසසුන අතුරුදහන් කරන්ඩ ඔය විදිහට ක්‍රියාකිරීම ප්‍රභල දායකත්වයක් ලබා දෙනවා.  
       
      > තවත් විදිහකට, ශ්‍රද්ධා ආයතනයට එතුමන්ලාගේ වීඩියෝ වල අයිතිය ඇති නිසා, පෙර මා සදහන් කරන ලද සිතන විදිහක්, එතුමන්ලාගෙන් පිලිබිබු නොවෙන නිසා, එතුමන්ලාගේ අදහසට ගරු කල යුතුයි.  
       
      ධර්මයෙන් දැක්වෙන බුදුරජානන් වහන්සේගේ අදහසට පයින් ගසා තමයි ඔය හිවලුන්ගේ අදහසට ගරු කරන්ඩ වෙන්නේ.  
       
      > නමුත්, වාණිජමය අදහසින් තොවර, බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයට පුළුවන්, යුටියුබ් copyright නීති පද්ධතිය ක්‍රියාවට නැංවීමට හෝ නොකිරීමට. එම තීරණය එම බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අය හා සතුයි.  
       
      ඔබ වැරදි වැටහීමකිනුයි ඔහොම ලියලා තියෙන්නේ. යූටියුබ් වෙබ් අඩවියේ අයිතිකරු වන ගූගල් ආයතනය යූටියුබ් නීති සහ කොන්දේසි පිළිබඳව උනන්දුයි. එම නිසා නීති සහ කොන්දේසි සක්‍රීය ලෙස එම ආයතන ක්‍රියාවට නංවන්න උත්සුක වෙනවා. බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අය copyright අයිතීන් පිළිබඳව උනන්දු නොවුනත් එහෙමයි. මම හිතන්නේ ඔබට ඇත්තේ මේ copyright strike අත්දැකීම් පමණක් වෙන්ඩ ඇති. මම මේ ලියන්නේ අත්දැකීම් ඇතුවයි. සති කිහිපයකට කලින් යූටියුබ් වෙබ් අඩවියේ නිලධාරීන් මට ඔය වැනි කරුණක් ගැන දන්වා තිබුනා. ඒ බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයෙකු විසින් කරන ලද copyright strike එකක් ගැන නොවෙයි. මම ඔවුන් මගෙන් ඉල්ලන දේ කරන්ඩ බැරිකම දැන්වූවා.  
       
      මම ඔබටත් කියන්ඩ කැමතියි නොදැනුවත්ව උනත් ඔබ කර ඇත්තේත් පොල්ගහවෙල මහමෙව්නාවට දෙවෙනි නොවන ක්‍රියාවක් බව. ඒ ඇයි? මම ඔබේ නාලිකාවේ ප්‍රසිද්ධ කර ඇති වීඩියෝ 1296 යේම බලපත්‍රය (license) පරික්ෂා කර බැලුවා. ඔක්කෝම වීඩියෝ පළ කරලා තියෙන්නේ "Standard YouTube License" යටතේ. යූටියුබ් වෙබ් අඩවියේ පාවිච්චි කළ හැකි අනෙක් බලපත්‍රය තමයි "Creative Commons License" එක. එයත් බුදු දහමට අනනුකූලයි. ඔබ අනිත් අයට copyright strike නිකුත් කරත් නොකරත් සක්‍රීයවම එම බලපත්‍ර බුද්ධ ශාසනයට ගැටලු ඇතිකරනවා. ඒ නිසා බුදු දහම අතුරුදන් කෙරුමට ඔබේ දායකත්වයත් බොහොම ඉහළින් තියෙනවා කියලා තමයි කියන්ඩ වෙන්නේ.
    7. Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය
      Fri, 01 Nov 2019 21:50:43 +0530
      @මෙහෙම උනා දෙසපුව පින්වත් මහත්මයා,  
       
      ඔබතුමාගේ අදහස් වලට හැකි පමණින් පිළිතුරු දෙන්නම්.  
       
      1) මම පිරිමියෙක්.  
       
       
      >>> දන්වා සිටීම ගැන බොහෝ පින්. මින් පසුව මහත්මයාණනි යනුවෙන් අමතන්නම්.  
       
       
      2) එසේ නම් සත්පුරුෂයින් බෞද්ධ දර්ශනය තම තමාගේ කියා සිතන්නන්, තම තමන්ට අවශ්‍ය ආකාරයට දේශනා කරන්නන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන්ව ඉන් වැළැක්වීමට කටයුතු කළ යුතුයි.  
       
       
      >>> ඔබ තුමා හරි, ඒත් ඒ ක්‍රියාව මට කරන්න පුළුවන් දෙයක් නම් නොවෙයි. ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය සුරකින රජයේ ඉහල මට්ටමේ ගිහි පැවිදි අය විසින් සිදුවිය යුත්තක්.  
       
       
      3) ඔය කාරණාව මම වසර ගණනාවක සිට සිතා බැලූ දෙයක්. ශ්‍රාවකයින් අතර සමඟිය නැති කොට බේද භින්න කරන්ඩ, ශාසන ශෝධනය වළක්වන්ඩ, අධර්මය අවිනය පතුරුවන්ඩ, බුදුසසුන අතුරුදහන් කරන්ඩ ඔය විදිහට ක්‍රියාකිරීම ප්‍රභල දායකත්වයක් ලබා දෙනවා.  
       
       
      >>> යුටියූබ් වල නීති පද්ධතියට ඔබ තුමාගේ අදහස් හරි හෝ වැරදි වුවත්, අදාළ නොවන බවයි මට සිතෙන්නේ. මට තේරෙන විදිහට, යුටියූබ් වල නීති පද්ධතියට අනුව යම් පුද්ගලයෙක් ට හෝ ආයතනයකට copyright තියාගෙන, තමන්ට අවශ්‍ය කරන දේ බෙදාහැරිමට අවකාශය යුටියූබ් මගින් ලැබී තියෙනවා. ඔබ තුමා අදහස් කරන, එක් පුද්ගලයෙක් හෝ ආයතනයක් මුදා හරින දේවල් වල වැරදි/නිවැරදි භාවය, යුටියූබ් වෙත පැමිණිලි කල හැකි නේද? ඉන් එහා ඔබ්බට ගිය, ගත හැකි ක්‍රියා මාර්ග ගැන නම් මා දන්නේ නැහැ.  
       
       
      4) ධර්මයෙන් දැක්වෙන බුදුරජානන් වහන්සේගේ අදහසට පයින් ගසා තමයි ඔය හිවලුන්ගේ අදහසට ගරු කරන්ඩ වෙන්නේ.  
       
       
      >>> ඔබතුමා වැරදි/නිවැරදි විය හැකි. නමුත් මහත්මයා, කැමති හෝ අකමැති වුවත් යුටියූබ් වල නීති පද්ධතියට මේ සියල්ල යටයි නේද? ඔබතුමා කතා කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බණ හා මහමෙව්නාවේ බණ අතර වෙනසක් පෙන්වා දීමක් ද?. නමුත් මෙතන යුටියූබ් නීති පද්ධතියට අදාළ වන්නේ, වීඩියෝ නිෂ්පාදකවරුන්ගේ copyright අයිතිය. වීඩියෝ වල අන්තර්ගතය, වග කිවයුතු ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය සුරකින රජයේ ඉහල මට්ටමේ ගිහි පැවිදි අය විසින් සිදුවිය යුත්තක්.  
       
       
      5) ඔබ වැරදි වැටහීමකිනුයි ඔහොම ලියලා තියෙන්නේ. යූටියුබ් වෙබ් අඩවියේ අයිතිකරු වන ගූගල් ආයතනය යූටියුබ් නීති සහ කොන්දේසි පිළිබඳව උනන්දුයි. එම නිසා නීති සහ කොන්දේසි සක්‍රීය ලෙස එම ආයතන ක්‍රියාවට නංවන්න උත්සුක වෙනවා. බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අය copyright අයිතීන් පිළිබඳව උනන්දු නොවුනත් එහෙමයි. මම හිතන්නේ ඔබට ඇත්තේ මේ copyright strike අත්දැකීම් පමණක් වෙන්ඩ ඇති. මම මේ ලියන්නේ අත්දැකීම් ඇතුවයි. සති කිහිපයකට කලින් යූටියුබ් වෙබ් අඩවියේ නිලධාරීන් මට ඔය වැනි කරුණක් ගැන දන්වා තිබුනා. ඒ බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයෙකු විසින් කරන ලද copyright strike එකක් ගැන නොවෙයි. මම ඔවුන් මගෙන් ඉල්ලන දේ කරන්ඩ බැරිකම දැන්වූවා.  
       
       
      >>> මම ආදහස් කලේ, බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයට පුළුවන් නේද, තමන්ගේ පළමු වීඩියෝ වලින් මුදල් වෙනත් අය උපයන්නේ නැත්නම්, copyright strike නිකුත් නොකර ඉන්න?  
       
       
      6) මම ඔබටත් කියන්ඩ කැමතියි නොදැනුවත්ව උනත් ඔබ කර ඇත්තේත් පොල්ගහවෙල මහමෙව්නාවට දෙවෙනි නොවන ක්‍රියාවක් බව. ඒ ඇයි? මම ඔබේ නාලිකාවේ ප්‍රසිද්ධ කර ඇති වීඩියෝ 1296 යේම බලපත්‍රය (license) පරික්ෂා කර බැලුවා. ඔක්කෝම වීඩියෝ පළ කරලා තියෙන්නේ "Standard YouTube License" යටතේ. යූටියුබ් වෙබ් අඩවියේ පාවිච්චි කළ හැකි අනෙක් බලපත්‍රය තමයි "Creative Commons License" එක. එයත් බුදු දහමට අනනුකූලයි. ඔබ අනිත් අයට copyright strike නිකුත් කරත් නොකරත් සක්‍රීයවම එම බලපත්‍ර බුද්ධ ශාසනයට ගැටලු ඇතිකරනවා. ඒ නිසා බුදු දහම අතුරුදන් කෙරුමට ඔබේ දායකත්වයත් බොහොම ඉහළින් තියෙනවා කියලා තමයි කියන්ඩ වෙන්නේ.  
       
       
      >>> මම අප්ලෝඩ් කරන්නේ, වෙන බෞද්ධ හිමි වරුන් විසින් දේශනා කරන ලද බණ හා බෞද්ධ වැඩසටහන්. ඉතින් මට ඔබ තුමා කියා ඇති "Creative Commons License" පාවිච්චි කරන්න බැහැ නේද, මම මෙම වීඩියෝ ප්‍රථමයෙන්ම නිෂ්පාදනය නොකරපු නිසා? බුදු දහම අතුරුදහන් කිරීමට දැනගෙනනම්, මගේ අතින් කිසිම වැරද්දක් සිදුවී නැහැ. වැරද්දක් ඇත්නම් එය පේනවා දෙන්න, එය හරි නම් පිළිගන්න තරම් මම නිහතමානිය.  
       
      පින්වත් මහත්මයා, මෙතන මුලික ප්‍රශ්න දෙක නම්, යුටියූබ් නීති පද්ධතිය හා බෞද්ධ බණ විවිධාකාරයෙන් දේශනා කරන ක්‍රමවේද කිහිපයක් යුටියූබ් තුලින් නැරබීමට අවකාශය තිබීමයි.  
       
      ඔබතුමාට තෙරුවන් සරණයි!🙏🙏🙏
    8. මෙහෙම උනා දෙසපුව
      Sat, 02 Nov 2019 11:09:54 +0530
      Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය  
      > >>> ඔබ තුමා හරි, ඒත් ඒ ක්‍රියාව මට කරන්න පුළුවන් දෙයක් නම් නොවෙයි. ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය සුරකින රජයේ ඉහල මට්ටමේ ගිහි පැවිදි අය විසින් සිදුවිය යුත්තක්.  
       
      එහෙම දෙයක් නෑ. සත්පුරුෂයෝ කියන්නේ බුද්ධ ශාසනය සුරකින රජයේ ඉහල මට්ටමේ ගිහි පැවිදි අය විතරක් නෙවෙයි. සිව්වනක් පිරිසම එම කටයුතු කළ යුතුයි.  
       
      > >>> යුටියූබ් වල නීති පද්ධතියට ඔබ තුමාගේ අදහස් හරි හෝ වැරදි වුවත්, අදාළ නොවන බවයි මට සිතෙන්නේ. මට තේරෙන විදිහට, යුටියූබ් වල නීති පද්ධතියට අනුව යම් පුද්ගලයෙක් ට හෝ ආයතනයකට copyright තියාගෙන, තමන්ට අවශ්‍ය කරන දේ බෙදාහැරිමට අවකාශය යුටියූබ් මගින් ලැබී තියෙනවා. ඔබ තුමා අදහස් කරන, එක් පුද්ගලයෙක් හෝ ආයතනයක් මුදා හරින දේවල් වල වැරදි/නිවැරදි භාවය, යුටියූබ් වෙත පැමිණිලි කල හැකි නේද? ඉන් එහා ඔබ්බට ගිය, ගත හැකි ක්‍රියා මාර්ග ගැන නම් මා දන්නේ නැහැ.  
       
      ප්‍රශ්නය ඇතිවන්නේ ඒ බෙදාහැරීමට අවකාශය දී ඇති ක්‍රමය බුදුදහම ප්‍රචාරයට නොගැළපීම. නොදැනුවත්කම නිසා ගූගල් ආයතනය ඒ නොගැළපීම ගැන නොසලකා බුදුදහම ප්‍රචාරය කිරීමටත් ඉඩ දි තිබෙන බව පේනවා. නොදැනුවත්කම නිසා යූටියුබ් සේවාව පාවිච්චි කරන අයත් ඒ නොගැළපීම නොසලකා යූටියුබ් හරහා බුදුදහම ප්‍රචාරය කරන බව පේනවා. පෙර මමත් කරා. මටත් ඔය නොගැළපීම ගැන පෙර එතරම් වැටහීමක් තිබුනේ නෑ. පසුවයි වැටහුනේ වෙළඳ ව්‍යාපාරයක බුදු දහමට නොගැළපෙන නීති රීති සහ කොන්දේසි යටතේ බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්ඩ ගියහම වෙන අගතිය ගැන.  
       
      මේ ගැටලුව ගැන තේරුම් ගෙන සිව්වනක් පිරිස බුදුදහමට අනුකූල විදිහට කටයුතු කරන්න ඕනෑ. දැනට ඇති විදිහට නම් බුදුදහම ප්‍රචාරයට යූටියුබ් පාවිච්චි නොකර ඉදීමයි කරන්ඩ තියෙන්නේ.  
       
      යූටියුබ් නීති රීති සහ කොන්දේසිවලට සහ ධර්මයට විනයට යන දෙකටම අනුකූලව ධර්ම ප්‍රචාරය කරන්ඩ දැන් ඇති ආකාරයට හැකියාවක් නෑ.  
       
      මම යූටියුබ් වෙත නොබෝ දිනකින් පැමිණිලි කරනවා එක්කෝ බුදුදහම ප්‍රචාරයට සුදුසු බලපත්‍ර ක්‍රමයක් යටතේ බුදුදහම ප්‍රචාරය කරන්ඩ පහසුකම් සලසන්ඩ, එහෙම බැරි නම් අදාළ වීඩියෝ සියල්ල යූටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කරන්ඩ කියලා.  
       
      > >>> ... නමුත් මහත්මයා, කැමති හෝ අකමැති වුවත් යුටියූබ් වල නීති පද්ධතියට මේ සියල්ල යටයි නේද? ඔබතුමා කතා කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බණ හා මහමෙව්නාවේ බණ අතර වෙනසක් පෙන්වා දීමක් ද?. ...  
       
      යූටියුබ්වල නීති පද්ධතියට සියල්ල යට නෑ. ඒ එක් වෙළඳ ව්‍යාපාරයක නීති පද්ධතියක් විතරයි. ඔවුන්ම නීති පද්ධතියක් හදාගෙන ඊට අනුගත වෙන්ඩ යැයි කියන ගමන් අන් අයගේ අයිතිවාසිකම් යටපත් කරයි නම් ඒ මොන විහිළුවක්ද? එහෙම නීති පද්ධතියක් පිළිපදින්න බෑ. පිළිපදින්න හැකි යූටියුබ් නීති පද්ධතියක් තියෙනවා නම් තමයි සුදුසු.  
       
      බුදු දහම යැයි ප්‍රාචාරය කරන ධර්ම දේශනාවන් 100%ක් බුදු දහමට ගැළපුනත් නැතත් ප්‍රචාරය කරන ක්‍රමයේ නොගැළපීම් තියෙනවා නම් ඒත් ඉන් බුදුදහමට අගතිගාමී ගැටලු ඇති වෙනවා.  
       
      > >>> මම ආදහස් කලේ, බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයට පුළුවන් නේද, තමන්ගේ පළමු වීඩියෝ වලින් මුදල් වෙනත් අය උපයන්නේ නැත්නම්, copyright strike නිකුත් නොකර ඉන්න?  
       
      එතෙකින් යූටියුබ් හරහා ධර්ම ප්‍රචාරය කරන විට ඇතිවන ගැටලු සියල්ල නිරාකරණය වන්නේ නෑ.  
       
      >>> ... ඉතින් මට ඔබ තුමා කියා ඇති "Creative Commons License" පාවිච්චි කරන්න බැහැ නේද, මම මෙම වීඩියෝ ප්‍රථමයෙන්ම නිෂ්පාදනය නොකරපු නිසා? බුදු දහම අතුරුදහන් කිරීමට දැනගෙනනම්, මගේ අතින් කිසිම වැරද්දක් සිදුවී නැහැ. වැරද්දක් ඇත්නම් එය පේනවා දෙන්න, එය හරි නම් පිළිගන්න තරම් මම නිහතමානිය.  
       
      "Standard YouTube License" සහ "Creative Commons License" යන බලපත්‍ර දෙකෙන් එකක් වත් බුදුදහම ප්‍රචාරය කරන්ඩ සුදුසු බලපත්‍ර නෙවෙයි. දෙකම ගැටලු ඇතිකරනවා. එසේ ප්‍රචාරය කිරීම වැරැද්දක්.  
       
      > ... මෙතන මුලික ප්‍රශ්න දෙක නම්, යුටියූබ් නීති පද්ධතිය හා බෞද්ධ බණ විවිධාකාරයෙන් දේශනා කරන ක්‍රමවේද කිහිපයක් යුටියූබ් තුලින් නැරබීමට අවකාශය තිබීමයි.  
       
      "බුද්ධං සරණං ගච්ඡාමි", "ධම්මං සරණං ගච්ඡාමි", "සඞ්ඝං සරණං ගච්ඡාමි" කියලා ශ්‍රාවකයෝ තිරසණ සරණ යනවා. ඔබට "යූටියුබ් සරණං ගච්ඡාමි" කියලා දෙයකුත් ඕනෑද? හැකිවෙයිද තිසරණයට "යූටියුබ් සරණං ගච්ඡාමි" කියලා දෙයකුත් පාහන්න?
    9. Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය
      Sat, 02 Nov 2019 16:24:06 +0530 (Updated: Sat, 02 Nov 2019 16:34:17 +0530)
      @මෙහෙම උනා දෙසපුව පින්වත් මහත්මයා,  
       
      ඔබතුමාගේ අදහස් වලට හැකි පමණින් පිළිතුරු දෙන්නම්.  
       
      1) ඔබේ අදහස - එහෙම දෙයක් නෑ. සත්පුරුෂයෝ කියන්නේ බුද්ධ ශාසනය සුරකින රජයේ ඉහල මට්ටමේ ගිහි පැවිදි අය විතරක් නෙවෙයි. සිව්වනක් පිරිසම එම කටයුතු කළ යුතුයි.  
       
      1) මගේ අදහස >>> මා පැවසූ විට, ඔබතුමා අදහස් කරන, විවිධාකාරයෙන් ලොව පුරා බුදු බණ දේශනා කරන අය ඒ අයගේ වැඩකටයුතු නවත්වයිද? ලොව පුරා සියල්ලන්ම, එක බුදු දහමක් යටතට ගත හැකි ක්‍රමවේදයක් ඔබතුමාට සදහන් කල හැකිද?  
       
      2) ඔබේ අදහස - ප්‍රශ්නය ඇතිවන්නේ ඒ බෙදාහැරීමට අවකාශය දී ඇති ක්‍රමය බුදුදහම ප්‍රචාරයට නොගැළපීම. නොදැනුවත්කම නිසා ගූගල් ආයතනය ඒ නොගැළපීම ගැන නොසලකා බුදුදහම ප්‍රචාරය කිරීමටත් ඉඩ දි තිබෙන බව පේනවා. නොදැනුවත්කම නිසා යූටියුබ් සේවාව පාවිච්චි කරන අයත් ඒ නොගැළපීම නොසලකා යූටියුබ් හරහා බුදුදහම ප්‍රචාරය කරන බව පේනවා. පෙර මමත් කරා. මටත් ඔය නොගැළපීම ගැන පෙර එතරම් වැටහීමක් තිබුනේ නෑ. පසුවයි වැටහුනේ වෙළඳ ව්‍යාපාරයක බුදු දහමට නොගැළපෙන නීති රීති සහ කොන්දේසි යටතේ බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්ඩ ගියහම වෙන අගතිය ගැන.  
       
      මේ ගැටලුව ගැන තේරුම් ගෙන සිව්වනක් පිරිස බුදුදහමට අනුකූල විදිහට කටයුතු කරන්න ඕනෑ. දැනට ඇති විදිහට නම් බුදුදහම ප්‍රචාරයට යූටියුබ් පාවිච්චි නොකර ඉදීමයි කරන්ඩ තියෙන්නේ.  
       
      යූටියුබ් නීති රීති සහ කොන්දේසිවලට සහ ධර්මයට විනයට යන දෙකටම අනුකූලව ධර්ම ප්‍රචාරය කරන්ඩ දැන් ඇති ආකාරයට හැකියාවක් නෑ.  
       
      මම යූටියුබ් වෙත නොබෝ දිනකින් පැමිණිලි කරනවා එක්කෝ බුදුදහම ප්‍රචාරයට සුදුසු බලපත්‍ර ක්‍රමයක් යටතේ බුදුදහම ප්‍රචාරය කරන්ඩ පහසුකම් සලසන්ඩ, එහෙම බැරි නම් අදාළ වීඩියෝ සියල්ල යූටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කරන්ඩ කියලා.  
       
      2) මගේ අදහස >>> ඉතා උචිතයි. ඔබතුමා හැකිනම් යූටියුබ් වෙත දන්වා සිටින්න. පළමුවෙන් ඔබතුමා අදහස් කරන නිවැරිදි බුදු දහම, යූටියුබ් මහත්ම මහත්මීන් වෙත පැහැදිලි කර දිය යුතු ඇතැයි මට සිතේ. ඉන්පසුවට යූටියුබ් ආයතනය ඔබතුමාගේ අදහසට පිළිතුරු අදහසක් ලබාදේවි යැයි සිතමි. මා දන්නා පරිදි ථෙරවාදී, මහායාන, වජ්‍රායන ආදී ලෙස මුලික කොටස් වලට වෙන්වුන බෞද්ධ දර්ශනය, ඉන්පසු ඒ ඒ එක් එක්‌ කොටසක් තුලට, බෙදී ඇති තවත් කුඩා කොටස් ගැනත් ඔබතුමාගේ පැමිණිල්ලේ සදහන් කරන්න. මා සිතන්නේ, ලෝකය පුරා මේ කුඩා කොටස් වල බුදු දහම තේරුම් ගන්න හැටි, යූටියුබ් වල ඒ ඒ පිරිස් විසින් වීඩියෝ මාර්ගයෙන් අප්ලෝඩ් කරලා ඇති. මා වැරදි නම් නිවැරදි කරන්න - මා සිතන්නේ ඔබතුමා අදහස් කරන්නේ මේ සියලු වීඩියෝ යූටියුබ් ආයතනය ඉවත් කල යුතුයි, ඉන්පසුව, එක බුදු දහමක් පමණක් අප්ලෝඩ් කිරීමට ඉඩ දිය යුතුයි. නොඑසේනම් එසේ නොකළ යුතුයි? ඔබතුමා සදහන් කල යුතුයි ථෙරවාදී, මහායාන, වජ්‍රායන වලින් හරි ක්‍රමය. යූටියුබ් ආයතනය එය පිළිගත යුතුයි. ඔබතුමාගේ යූටියුබ් පැමිණිල්ල හා යූටියුබ් ආයතනයෙන් ලැබෙන පිළිතුරත් මෙහි නොබෝ දිනකින් සියල්ලන්ටම දැක බලා, තේරුම් ගැනීමට සදහන් කරනු මැනවි.  
       
      3) ඔබේ අදහස - යූටියුබ්වල නීති පද්ධතියට සියල්ල යට නෑ. ඒ එක් වෙළඳ ව්‍යාපාරයක නීති පද්ධතියක් විතරයි. ඔවුන්ම නීති පද්ධතියක් හදාගෙන ඊට අනුගත වෙන්ඩ යැයි කියන ගමන් අන් අයගේ අයිතිවාසිකම් යටපත් කරයි නම් ඒ මොන විහිළුවක්ද? එහෙම නීති පද්ධතියක් පිළිපදින්න බෑ. පිළිපදින්න හැකි යූටියුබ් නීති පද්ධතියක් තියෙනවා නම් තමයි සුදුසු.  
       
      බුදු දහම යැයි ප්‍රාචාරය කරන ධර්ම දේශනාවන් 100%ක් බුදු දහමට ගැළපුනත් නැතත් ප්‍රචාරය කරන ක්‍රමයේ නොගැළපීම් තියෙනවා නම් ඒත් ඉන් බුදුදහමට අගතිගාමී ගැටලු ඇති වෙනවා.  
       
      3) මගේ අදහස >>>  
      ඔබතුමා සදහන් කරලා තියෙනවා 'ඔවුන්ම නීති පද්ධතියක් හදාගෙන ඊට අනුගත වෙන්ඩ යැයි කියන ගමන් අන් අයගේ අයිතිවාසිකම් යටපත් කරයි නම් ඒ මොන විහිළුවක්ද?' මෙය ටිකක් පැහැදිලි කරනවද? 'අන් අයගේ අයිතිවාසිකම් යටපත් කරයි' යනුවෙන් අදහස් කරන දේ උදාහරණ මගින් පෙන්වා දෙනවාද?  
       
      ඔබතුමා සදහන් කරලා තියෙනවා 'පිළිපදින්න හැකි යූටියුබ් නීති පද්ධතියක්'. මෙය ටිකක් පැහැදිලි කරනවද? ඔබතුමා අදහස් කරන නීති පද්ධතිය ගැන විග්‍රහයක් කරනවාද?  
       
      ඔබතුමා සදහන් කරලා තියෙනවා 'බුදු දහම යැයි ප්‍රාචාරය කරන ධර්ම දේශනාවන් 100%ක් බුදු දහමට ගැළපුනත් නැතත්'. මෙය ටිකක් පැහැදිලි කරනවද? ඔබතුමා විවිධාකාරයෙන් ලොව පුරා විවිධ භාෂා වලින් පල කර ඇති, බෞද්ධ බණ /වැඩසටහන් වලට ඒ කියන්නේ එකගයිද?  
       
      ඔබතුමා සදහන් කරලා තියෙනවා 'ප්‍රචාරය කරන ක්‍රමයේ නොගැළපීම් තියෙනවා'. මෙය ටිකක් පැහැදිලි කරනවද? ඔබතුමා අදහස් කරන 'නොගැළපීම්' උදාහරණ මගින් පෙන්වා දෙනවාද?
    10. Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය
      Sat, 02 Nov 2019 16:24:26 +0530 (Updated: Sat, 02 Nov 2019 18:25:47 +0530)
      @මෙහෙම උනා දෙසපුව  
      4) ඔබේ අදහස - එතෙකින් යූටියුබ් හරහා ධර්ම ප්‍රචාරය කරන විට ඇතිවන ගැටලු සියල්ල නිරාකරණය වන්නේ නෑ  
       
      4) මගේ අදහස >>>  
      ඔබතුමා 'එතෙකින්' යනුවෙන් සදහන් කලේ, මගේ මුල් අදහසට (මම ආදහස් කලේ, බෞද්ධ වීඩියෝ නිෂ්පාදනය කරන අයට පුළුවන් නේද, තමන්ගේ පළමු වීඩියෝ වලින් මුදල් වෙනත් අය උපයන්නේ නැත්නම්, copyright strike නිකුත් නොකර ඉන්න? ) එකගයි කියන දේද?  
       
      ඔබතුමා සදහන් කරලා තියෙනවා 'ධර්ම ප්‍රචාරය කරන විට ඇතිවන ගැටලු සියල්ල'. මෙය ටිකක් පැහැදිලි කරනවද? ඔබතුමා අදහස් කරන 'ගැටලු සියල්ල' උදාහරණ මගින් පෙන්වා දෙනවාද?  
       
      5) ඔබේ අදහස - "Standard YouTube License" සහ "Creative Commons License" යන බලපත්‍ර දෙකෙන් එකක් වත් බුදුදහම ප්‍රචාරය කරන්ඩ සුදුසු බලපත්‍ර නෙවෙයි. දෙකම ගැටලු ඇතිකරනවා. එසේ ප්‍රචාරය කිරීම වැරැද්දක්.  
       
      5) මගේ අදහස >>>  
       
      ඔබතුමා සදහන් කරලා තියෙනවා 'බුදුදහම ප්‍රචාරය කරන්ඩ සුදුසු බලපත්‍ර නෙවෙයි'. මෙය ටිකක් පැහැදිලි කරනවද? ඔබතුමා කියන සුදුසු බලපත්‍ර ක්‍රමය ගැන උදාහරණ සහිතව විග්‍රහයක් කරනවාද?  
       
      ඔබතුමා සදහන් කරලා තියෙනවා 'දෙකම ගැටලු ඇතිකරනවා'. මෙය ටිකක් පැහැදිලි කරනවද? ඔබතුමා කියන 'ගැටලු' ගැන උදාහරණ සහිතව විග්‍රහයක් කරනවාද?  
       
      6) ඔබේ අදහස - "බුද්ධං සරණං ගච්ඡාමි", "ධම්මං සරණං ගච්ඡාමි", "සඞ්ඝං සරණං ගච්ඡාමි" කියලා ශ්‍රාවකයෝ තිරසණ සරණ යනවා. ඔබට "යූටියුබ් සරණං ගච්ඡාමි" කියලා දෙයකුත් ඕනෑද? හැකිවෙයිද තිසරණයට "යූටියුබ් සරණං ගච්ඡාමි" කියලා දෙයකුත් පාහන්න?  
       
      6) මගේ අදහස >>> ඔබතුමා, මා පෙර ලියා ඇති අදහසට, කිසිම ගැලපීමක් නැති, අඥාන හිස් වචන සමුදායක් මුදා හැරලා ඇති බවයි මට හැගෙන්නේ. ඔබතුමාට අයිතිය තිබෙනවා ඔබතුමාට කැමති ආකාරයට තිරසණ සරණ යන්න. ඉන් මගෙන් නම් බාධාවක් නැහැ. මගේ පෙර අදහස ඔබතුමාට හරියාකාරව වටහා ගැනීමට ඇති නොහැකියාව, සමග කුමක් දෝ හේතුවක් නිසා, ඔබතුමා ඉතා වෛරයෙන් සිටින බවයි මා හට හැඟී යන්නේ. හිටි ගමන් ඔබතුමාගේ එම වෛරය පිට කරන බවත් පැහැදිලියි (short tempered). පළමුවෙන් මා පෙර සදහන් කර ඇති අදහස් තෙරුම් ගන්න උත්සාහ ගන්න (මා පැවසුවේ, මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්න දෙකක්), එයට "යූටියුබ් සරණං ගච්ඡාමි" කියා සටහනක් තැබීමෙන් ඇති ප්‍රගතිය කුමක්ද? ප්‍රශ්නයක් තේරුම් ගන්නට පෙර, පළමුව ඔබතුමා ඉතා කරුණාවෙන් ඔබතුමාගේ සිතේ වෛරය පාලනය කරන්න සුදුසු ක්‍රමවේදයක් ගැන සිතන්න. පිරිසිදු බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට පෙර, ඔබතුමා, පළමුවෙන් ඔබතුමා දන්නා පිරිසිදු බුදු දහම උපයෝගී කරගෙන, වෛරය පාලනය කරගන්න. ඉන්පසුව තව කෙනෙක් සමග ශිෂ්ට සම්පන්න ලෙස හැසිරීමට ඉගෙන ගන්න. එය ඔබතුමාගේ මානසික හා කායික සුවයට බෙහෙවින් වැදගත් වෙයි කියා මා සිතනවා. තේරුමක් නැතුව, ඔබතුමාගේ හිතට ගලාගෙන එන වෛරී ආවේග හා වචන, අදාළ නොවන අය වෙත නිකරුනේ මුදාහැරීමෙන් කරුණාකර වලකින්න. එසේ කිරීමට සුදුසු මානසික වාතාවරණයක් ඔබතුමාට නොමැති නම් හෝ නොහැකි නම්, මෙහි අදහස් පළකිරීමෙන් වලකින්න - කිසිම ප්‍රගතියක් ඉටු නොවන නිසා.  
      මහමෙව්නාවේ බණ මෙම නාලිකාවේ පල නොකිරීමට එම ආයතනය ඉඩ නොදීම, මට පුළුවන් විදිහට ඔබතුමාට පැහැදිලි කරා. එයට ඔබතුමාගේ සිතේ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හා මහමෙව්නාව සමග ඇති වෛරය මිශ්‍ර කරගැනීමෙන් වලකිනු මැනවි. මෙම නාලිකාවේ ඉහත වීඩියෝවට පමණක් ඔබතුමා හිටි හැටියේ සම්බන්ධ වීමෙන් පෙනෙන තවත් කරුණක් නම්, ඔබතුමා අන්තර්ජාලය (උදාහරණයක් ලෙස: YouTube) පුරා ඔබතුමාට පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හා මහමෙව්නාව සමග ඇති වෛරය පිරිමසා ගැනීමට, කෙසේ හෝ, කොහේ හෝ අවස්ථාවක් ලැබෙන තුරු මාන බලමින් සිටින බව. ඔබතුමාගේ මින් පෙර අදහස් බලන විට වැටහී යන කරුණක් නම්, ඔබතුමා පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හා මහමෙව්නාව සමග වෛරයෙන් පසුවන බව. එයට මාවත් ගාව ගෙන, ඔබතුමාගේ වෛර පිහිමසාගන්න නම් නොසිතන්න. ඔබතුමාට, එම හිමියන් හා මහමෙව්නාව සමග ඇති වෛර පිහිමසාගන්න මෙම නාලිකාව උපයෝගී කරගෙන, මගේ වටිනා කාලයත් නිකරුනේ කා දමනවාට වඩා ඉතා සුදුසුයි, ඔබතුමා, පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හා මහමෙව්නාව පරිපාලන නිලධාරින් හමුවී, ශිෂ්ට සම්පන්න ලෙස හැසිරී, ඔබතුමාගේ සිතේ ඇති ගැටලු සියල්ල පළමුව නිරාකරණය කර ගැනීම.  
       
      ඔබතුමාට (මා දන්නා බුදු දහමට අනුව) තෙරුවන් සරණයි!🙏🙏🙏
    11. මෙහෙම උනා දෙසපුව
      Sat, 02 Nov 2019 19:00:06 +0530
      Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය  
      > ඔබතුමාට, එම හිමියන් හා මහමෙව්නාව සමග ඇති වෛර පිහිමසාගන්න මෙම නාලිකාව උපයෝගී කරගෙන, මගේ වටිනා කාලයත් නිකරුනේ කා දමනවාට වඩා ඉතා සුදුසුයි, ඔබතුමා, පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හා මහමෙව්නාව පරිපාලන නිලධාරින් හමුවී, ශිෂ්ට සම්පන්න ලෙස හැසිරී, ඔබතුමාගේ සිතේ ඇති ගැටලු සියල්ල පළමුව නිරාකරණය කර ගැනීම.  
       
      මම තොට මිසදිටු Fernando කියලා කියන්නේ නිකමට නොවෙයි. දැනටමත් "මිසදිටු Fernando" කියලා වීඩියෝ චැනල් එකකුත් අන්තර්ජාලයට එක් කෙරිලා තියෙන්නේ. Google, Yahoo, Bing වාගේ සෙවුම් යන්ත්‍රවලින් දැනටමත් හොයාගන්න පුළුවන්. කල් යනකොට හොයා ගැනීම තව ලේසි වෙන්ඩත් පුළුවන්. තෝ මහා මෝඩ අදහස් ඇතුවයි මට අභූත චෝදනා කරලා තියෙන්නේ. බොහෝ අය පෙර මට දොස් කියලා තියෙනවා මම ධර්මගොඩ කොපිරයිට්‍නන්ද පව්කාර ලොකු හිවල් හාමිට බණින්නේ නැත්තේ ඇයි, එහෙම බණින අයව මම වළක්වන්නේ ඇයි කියලා. මගෙන් ඒ ගැන විස්තර අහපු අයට මම සවිස්තරාත්මකව කියලා තියෙනවා ඇයි මම එහෙම කරන්නේ කියලා. Shraddha TV ආයතනයට මම කොයි වෙලේ ගියත් ඒ අනුශාසක හාමුදුරුවෝ කාලෙකින් දුටු යහළුවෙකු විදිහට සතුටින් මාව පිළිගන්නා බවත්, ලෙංගතුකමින් මට කතා කරන බවත් මට කිසිම සැකයක් නෑ. මමත් එහෙමයි. දැකීමත් මට ප්‍රියමනාපයි. හැබෑවටම කාලෙකින් යන්ඩත් බැරි උනා. මා ගැන නොදත් තෝ වාගේ මැටි බූරුවන් දකින මිසදිටු හීනවලට මට කරන්ඩ දෙයක් නෑ.  
       
      තොගේ මීහරක් කාලය මම තවත් ගන්නේ නෑ. කැමති දෙයක් කරගනින්. මම දැනටමත් තොට ලණුව දාලා තියෙන්නේ. මම තෝව මට ඕනෑ විදිහට බැඳ දමලා මිසක් පස්ස බලන්නේ නෑ.
    12. Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය
      Sat, 02 Nov 2019 19:33:51 +0530 (Updated: Sat, 02 Nov 2019 20:02:00 +0530)
      @මෙහෙම උනා දෙසපුව පින්වත් මහත්මයා,  
      ඔබතුමා, මා අසා ඇති සියලු දේට එක එල්ලේ ශිෂ්ට සම්පන්න ලෙස එක පිළිතුරක් වත් දීමට නොහැකි බවත්, ඔබතුමාගේ නුගත් හැදියාවත්, ඉහත ඔබතුමාගේ පිළිතුරින් මනාවට පිලිබිබු වෙනවා. ඔබතුමාගේ නම H. M. K. S. K. Wickramanayake aka Kamal Wickramanayake නේද? ඔබතුමාගෙන් මා අසා ඇති ප්‍රශ්න වලට පළමුව සවිස්තරාත්මකව පිළිතුරු සපයන්න. නැතුව සිංහල භාෂාවේ වචන ඔහේ යොදාගනිමින්, ඔබතුමා අකමැති අයට බැන වැදීමෙන්, අකුසල් රැස් වන්නේ ඔබතුමාටමයි, මට නම් නෙමෙයි. ඔබතුමාට අවශ්‍යනම් තව තවත් මෙම බෞද්ධ නාලිකාවට විරුද්ධව වෙබ් අඩවි හදන්න, තව තවත් බොහෝ පිරිස් දැනුවත් කරන්න. ඔබතුමාට බොහෝ පින් අත්වේවා! ලොව පුරා විවිධ කොටස් වලට කැඩුණු බුදු දහම එක බුදු දහමක් යටතට ගැනීමට, යුටියුබ් වෙත නීති පැනවීමට, යුටියුබ් තුල ලොව පුරා අය අප්ලෝඩ් කර ඇති බෞද්ධ වීඩියෝ තහනම් කිරීමට ඉදිරිපත් වී සිටින ඔබතුමාට, මා අසා ඇති ප්‍රශ්න වලට, පිළිතුරු ලෙස, අසා ඇති ප්‍රශ්න වලින් පලායමින්, මා හට අසභ්‍ය වචනයෙන් බන වැදීමද නිවැරිදි ප්‍රතිපත්තිය? ඔබතුමා මට දමා ඇති ලනුවක් නම් නැහැ, මා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු නොමැතිව ලත වෙන ඔබතුමා ගේ තමයි දැන් ලනුව තදවී ඇත්තේ. ඔබතුමාට මා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු නොමැතිව, මානසික ආතතිය වැඩිවී (stressed), වෛරය පාලනය කරගැනීමට හැකියාවක් නොමැතිව (angry), දස අතේ කල්පනා කරමින් (frustrated), අනෙක් අයට බැන වදිමින්, ඔබතුමා ඔය ගත කරන ජීවිතයෙන් මිදී, පළමුව ඔබතුමා, බුදු දහමින් ඔබතුමාගේ සිත පාලනය කරගැනීමට ක්‍රියාත්මක වන්න. ලොව පුරා බුදු දහම වෙනස් කිරීමට පෙරමුණ ගෙන සිටින ඔබතුමා, අවම වශයෙන් බුදු දහමේ සදහන් වන සිත, කය, වචනය පාලනය කරගැනීමට වත් නොදැනීම, ඉතා කණගාටුදායකයි.  
      ඔබතුමා ලියා ඇති අශිෂ්ට වචන සමුදායම, ඔබතුමා වෙත නැවත යොමු කරමි.  
      ඔබතුමාට (මා දන්නා බුදු දහමට අනුව) තෙරුවන් සරණයි! 🙏🙏🙏
    13. මෙහෙම උනා දෙසපුව
      Sat, 02 Nov 2019 19:51:00 +0530
      මං කල්පනා කරේ තොට "මිසදිටු Fernando" කියන එකත් හොඳ වැඩියි කියලා. "මීහරක් Fernando" කියන එක වඩාත් ගැළපෙනවා. තොගේ කැලෑ ගතිය යන්ඩත් එක්කලා ඔන්න ඒ නමින් තමයි දැන් සිට චැනල් එක කෙරෙන්නේ.
 
* 2019 නොවැම්බර් 10 දින "ගැටළු" යන්න "ගැටලු" ලෙස අකුරු නිවැරදි කිරීමක් කරන ලදී. මෙය මිසදිටුවා විසින් හඳුනාගෙන තිබුණි.

සබැඳි:

  1. මීහරක් Fernando (පෙර "මිසදිටු Fernando")
  2. About EndChannel
  3. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ YouTube Copyright Strike