ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නෑ ලු!

[ කාලය 00:02:46 - 00:09:32 ]

මං අද ඔබට පූජාවලියේ අවසාන පරිච්ඡේදයේ ලංකාව සම්බන්ධයෙන් කරන මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍රයන් වහන්සේ ලංකාව සම්බන්ධයෙන් කරන ප්‍රකාශය අපි ඔබට අද උපුටා දක්වන්නම්.

...

"එසේ හෙයින් මේ ලක්දිව මිත්‍යාදෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්සයින්ගේ වාසය ස්ථිර නොවූවා සේම ස්ථිර නොවේමය." ... ඒ වගේ තමයි මිසදිටු, මිත්‍යාදෘෂ්ටිකයන් මේ ලංකාව අල්ලාගෙන තමන්ගේ සන්තකයේ රඳවාගන්ඩ කොතරම් දැඟලුවත් ඒක කරන්ට බෑ කියන එකයි මේ කියන්නේ. "මිත්‍යාදෘෂ්ටික රජෙක් ලක්දිව බලහත්කාරයෙන් කිසිකලෙක රාජ්‍යය කළේ වී නමුත් ඔහුගේ වංශ ප්‍රතිෂ්ඨා නොවනු බුදුන්ගේම ආනුභාව විශේෂයක්මය.". ...

...

එතකොට මේකෙ කියන්නේ මේ "මිසදිටු ගත් මිත්‍යාදෘෂ්ටි ගත් රජෙක් ලක්දිව බලහත්කාරයෙන් කිසිකලෙක රාජ්‍යය කළේ වී නමුත් ඔහුගේ වංශ ප්‍රතිෂ්ඨා නොවනු බුදුන්ගේ ආනුභාව විශේෂයක්මය.". එහෙනං බුද්ධානුභාවයෙන් තමයි ඒවා අස්ථාවර වෙන්නේ. ඒවා නැතිවෙලා යන්නේ බුද්ධානුභාවයෙන්. "එසේ හෙයින් මෙලක්දිව සම්‍යක්දෘෂ්ටි ගත් රජුන්ටම සීහෙන හෙයින් උන්ගේ කුලප්‍රවේණිය පවතින්නේද ඒකාන්තමයි.". ඒ නිසා සම්‍යක්දෘෂ්ටි ගත් රජවරුන්ගේ පරම්පරාව විතරයි ස්ථිරව පවතින්නේ. වෙන මොකෙක් ආවත් මේක ස්ථිරව පවත්වන්ඩ බෑ. ඒ කියන්නේ මෙහෙ වැඳලා ගිහිල්ලා තිරුපති වැඳලා, මෙහෙ වැඳලා ගිහිල්ලා මේ තෙරුවන්(?) වැඳ වැඳ ගිහිල්ලා වෙන කේන්දර නැකත් පස්සෙ ගිහිල්ලා රජ පරම්පරාවල් මෙහෙ පිහිටන්නේ නෑ. මේ කියන්නේ ඒකයි. "එසේ හෙයින් මෙලක්දිව සම්‍යක්දෘෂ්ටි ගත්", සම්‍යක්දෘෂ්ටි ගත් කියන්නේ, මේ දිවිපුදා මනාකොට තෙරුවන් සරණේ පිහිටපු, මේ උඩින් එකයි යටින් එකයි නෙවෙයි, "දිවි පුදා මනාකොට තෙරුවන් සරණ පිහිටපු රජුන්ටම සීහෙන හෙයින්", ඒ රජවරුන්ට පමණයි, "සීහෙන හෙයින් උන්ගේ කුලප්‍රවේණිය පවතින්නේද ඒකාන්තමය.". ඒ රජවරුන්ගේ කුලපරම්පරාව හරි විදිහට පවතිනවා.

"මේ කාරණයෙන් ලංකාධිපති රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමාන්නයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවේ අප්‍රමාදව", එහෙනං ලංකාවේ රාජ්‍යය යමෙක් ගන්නවා නං, තෙරුවන් සරණේ පිහිටපු සම්‍යක්දෘෂ්ටික රජෙක්, මේකෙ තියෙන්නේ කොහොමද, "බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමාන්නයෙන්", ස්වභාවයෙන්ම තෙරුවන් කෙරෙහි ආදරය පිහිටපු, අනික මේ ග්‍රන්ථය ලියන කාලේ දෙවන පැරකුම්බා රජු තමයි එතකොට දඹදෙණියේ රාජ්‍යය කළේ, ස්වභාවයෙන්ම තෙරුවන් සරණේ පිහිටපු රජෙක්. ඒ රජු තමයි සංවිධානය වෙලා කාලිංගමාඝ සටන පරාජයට පත්කරලා ආයෙ ලංකාව එක්සේසත් කරන්නේ.

"... පවතින්නේ ඒකාන්තමය. මේ කාරණයෙන් ලංකාධිපති රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමානන්යෙන්", ස්වභාව වූ ආදර බහුමාන්නයෙන් කියන්නේ මේ ජනයා රවට්ටන්ට, එහෙම නැත්තං සංඝයා මුළා කරලා අන්දන්ට, එහෙම නෙමෙයි, තෑගිභෝග දීලා සංඝයා රවට්ටලා තමන්ගේ පැත්තට ප්‍රකාශ නිකුත් කරවා ගන්ට, මෙව්වා නෙමෙයි මේ කියන්නේ, ස්වභාවයෙන්ම ආදරය තියෙන "රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදරය" කියන වචනය වැදගත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ හාමුදුරුවන්ට ලියන්ඩ තිබුනා "බුදුන් කෙරෙහි ආදර බහුමාන්නයෙන්". "බුදුන් කෙරෙහි ආදර බහුමාන්නයෙන්" නොලියා, "බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමාන්නයෙන්", ස්වභාවයෙන්ම පිහිටි කියලා කියන්නේ, හදවතට එකඟව, හදවතින්ම තෙරුවන් සරණේ පිහිටපු, "ස්වභාව ආදර බහුමාන්නයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවෙහි අප්‍රමාදව ආඥාචක්‍ර ධර්මචක්‍ර රක්ෂා කොට රාජ්‍ය කොට කුලප්‍රවේණිය රක්ෂා කළ යුතුයි.".

එතකොට එහෙනං රජවරුන්ගේ කුලපරපුර රැකෙන්නේ මේ ක්‍රමයෙන් විතරයි. ඒ කියන්නේ රජවරුන්ගේ රාජ නීතියයි, බුදුරජානන් වහන්සේගේ ධර්ම නීතියයි එක්කොට කරන රාජ්‍ය කුලපරම්පරාව තමයි පරම්පරාව පවතින්නේ. එහෙම නැත්තං පවතින්නෑ. එතකොට මේ විදිහට තමයි මේ ලංකාවේ රජවරු රාජ්‍ය කරලා තියෙන්නේ.

--

සබැඳි:

  1. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි
  2. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ලු!
  3. වත්මන් බුද්ධශාසන අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා මිසදිටු සරණ යමින් බුදු සසුනේද අගතියට කටයුතු කිරීම
  4. ගරු සජිත් ප්‍රේමදාස මහතා සරණ යන්නේ කවරෙක්වද?