Submitted by Kamal Wickramanayake on November 10, 2019 - 11:46 +0000
පහත දැක්වෙනුයේ උක්ත වීඩියෝව යූටියුබ් වෙබ් අඩවියේ පළ කර ඇති සේපාල් අමරසිංහ නම් තැනැත්තෙකු සමඟ එම වීඩියෝවේ ප්‍රතිචාර යටතේ කෙරුණු සංවාදයක්:
- Trekmentor
Fri, 08 Nov 2019 20:48:10 +0530
- Sepal Amarasinghe
Sat, 09 Nov 2019 15:10:27 +0530
- Trekmentor
Sun, 10 Nov 2019 01:50:10 +0530
- Sepal Amarasinghe
Sun, 10 Nov 2019 07:59:19 +0530
> සමාජ දේශපාලනික දේ යනු,
> සම්පුර්ණයෙන්ම ලෞකික දේ ය
> ඒවා ගැන කටයුතු කිරීම එකී ලෞකික
> සමාජයේ ජීවත් වන පිරිස විවිධ අන්දමින්
> විවිධ හැලහැප්පීම් මැද සිදුකර ගනී
> නමුත්, යම් විටෙක එයට ආගම මැදිහත්
> වනවා යනු, එය සාමාන්‍ය ලෞකික සමාජයට
> කෙරෙන අනියම් බලහත්කාරයකි
> කිසිම ආගමකින් හෝ ආගම් නියෝජනයකින්
> අප එවැන්නක් බලාපොරොත්තු වන්නේ නැත
> බලාපොරොත්තු විය යුතු ද නැත...'
බුදු දහම ඔබ හිතාගෙන ඉන්න ආකාරයේ ආගමක් නොවේ. බුදුරජානන් වහන්සේත් සාමාන්‍ය මිනිසුන්ගේ හැලහැප්පීම් නිරාකරණය කිරීමට කටයුතු කළ අවස්ථා තිබෙනවා. ගිහි සමාජයේ මනා පැවැත්මට බුදුසසුන බලපානවා සේම බුදුසසුනේ මනා පැවැත්මට ගිහි සමාජය බලපානවා. ඒ නිසා ගිහියන් සහ පැවිදි ප්‍රජාව එකිනෙකාගේ යුතුකම් පිළිබඳ උත්සුක වනවා සේම එය බලාපොරොත්තු වීමද දෙපිරිසේම සුභසිද්ධිය පිණිස හේතු වනවා. දෙපිරිසම නුසුදුසු ලෙස අන් පිරිසගේ කටයුතුවලට බාධා නොකර කටයුතු කිරීමයි සිදුවිය යුත්තේ. දේශපාලකයින් අගතිගාමී ලෙස හැසිරෙන විට ඉන් සමාජයටත්, බුදුසසුනටත් සිදුවන අගතිය සලකා එම අගතිගාමී ක්‍රියා පිළිවෙත්වලින් දේශපාලකයින්ව බැහැර කොට ධාර්මික පාලනයක් වෙත යොමුකරවීමට භික්ෂූන් කටයුතු කරනවා නම් එහි යහපත් ප්‍රතිඵල දේශපාලකයින්ට සේම අන් ගිහියන්ටත් ලැබෙනවා. දේශපාලනික ප්‍රවාහයන් සමඟ එක්ව ඉන්නා භික්ෂූන්ව තමයි ගැරහිය යුත්තේ. එහෙම නැතුව ගිහි සමාජය යහපතට යොමු කරවන භික්ෂූන්ව අගය කළ යුතු අය. ඔබ එතැනදී පටලවාගෙන. කොහොම නමුත් උඩුදුම්බර කාශ්‍යප හිමි වෙන ආකාරයකට උත්සාහ කරානම් තමයි හොඳ.
"උඩුදුම්බර කාශ්‍යප හිමිගේ නොමනා මාරාන්තික උපවාසය"
http://www.trekmentor.com/si/content/book/1301