නුවර ඛේදවාචකයෙන් මියගිය මල්ලි සහ තමන් ගැන අයියාගේ නොමනා ප්‍රාර්ථනාව

යම් තැනක ඉපදීමක් ඇද්ද ඒ දිරීම, මරණය, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ගේ ඉපදීමයි. ඉහත වීඩියෝවේ අවසානයේ දැකිය හැකි දුකින් පීඩිතව කෙරෙන අයියාගේ ප්‍රාර්ථනාව දුකම ප්‍රාර්ථනා කිරීමක්.

සද්ධර්මයට නමස්කාර වේවා! සහනයක් වේ යැයි අවිද්‍යාවෙන් දුකේම පැටලෙන සත්ත්වයාට වෙන කවර පිළිසරණක් ද?

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයෙන් [246 පිටුව] උපුටා ගැනීමක්:

[පාලි]
අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

[සිංහල පරිවර්තනය]
සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ.
ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ නිදානවග්ගයේ අභිසමයසංයුත්තයේ බුද්ධවග්ගයේ පටිච්චසමුප්පාද සූත්‍රය
  2. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ මහාසතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා විස්තරයේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය විස්තරය