අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ඛේදවාචකය පිළිබඳ මාවරලේ භද්දිය හිමි පවසන දෑ

ඉහත වීඩියෝවේ සමහර තැන්වල මාවරලේ භද්දිය හිමි සමාජ මාධ්‍ය ජාල තුළ අසභ්‍ය දෑ ප්‍රචාරය වීම වැළැක්විය නොහැකි යැයි පවසනවා. එය සත්‍යයක් නොවේ. සමාජ මාධ්‍ය ජාල තුළ එබඳු දෑ ප්‍රචාරය වීම උවමනා නම් වළක්වන්න පුළුවන්, උවමනා නම් අවම කරන්න පුළුවන්. නමුත් ලංකාවේ දැනට එසේ සිදු නොවන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා පතිරණ, අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක සහ එහි හිටපු සභාපති වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වැනි තුච්ඡ පුද්ගලයින්ගේ නොකිරියාව නිසා. නිලතල දරන මේ ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයින් රටවැසියාගේ බදු මුදලින් බඩ වියත රැකගත්තත් රටවැසියාගේ යහපතට, අභිවෘද්ධියට, ආරක්ෂාවට හේතු වන ස්වකීය විෂය පථයට අයත් වන කටයුත්තක නියැලීමට මැලි වීම නිසා රටවැසියන් මහත් පිරිහීමකට ලක්වෙනවා, රටම අපකීර්තියට ද පත් වෙනවා.

සමාජ ව්‍යසනය හමුවේ මුනිවත රකින මහජනතාවගේ මුදලින් නඩත්තු වන ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයින්ට නින්දා වේවා!

සබැඳි:

  1. අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීම - I
  2. අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීම - II
  3. YouTube වෙබ් අඩවියටත් අන් සමහර පුද්ගලයින්ටත් ලියන ලද ලිපි සමහරක්: help.endchannel.com/resources/letters