බඩ සහ දේශපාලනය වෙනුවෙන් පිටිදූවේ පකිස් බූරුවා සහ ඇපල් විජේ සමඟි වීම

භික්ෂූන් වහන්සේලා සමඟි වීම ඉතාම අගනා ක්‍රියාවක්. ඒත් කලක් තිස්සේ ධර්මය සහ විනය පිළිබඳ විරුද්ධ මතවාද ඉදිරිපත් කරමින් සිටි සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා සහ ඇපල් විජේ සමඟි වීම පිළිබඳ ඉහත වීඩියෝව නැරඹූ විට මට ඇති වූයේ මේ මොන රැවටිලිකාර තුච්ඡ ක්‍රියාවක් ද යන අදහස.

වීඩියෝවේ කියැවෙන කරුණුවලට අනුව මේ බූරු ජෝඩුව එක් වෙලා තියෙන්නේ ආර්ථිකය කඩාවැටීම නිසා ලක් වැසියන් මේ වන විට දැඩි පීඩාවන්ට මුහුණ දෙන බැවින් ඔවුන්ව ඉන් මුදවා සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම පිණිස නායකත්වය ලබාදීමට. ඊට උපක්‍රමය ලෙස දෘෂ්‍ටිය තාවකාලික පැත්තක තබා බඩ වෙනුවෙන් මේ අවස්ථාවේ සමඟිව කටයුතු කළ යුතු බව කියැවෙනවා.

ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අහේනියට හේතු මොනවාද? මීට හේතු වචන දෙකකින් කියන්න පුළුවන්. ඒ මිනිසුන්ගේ අනුවණකම සහ තණ්හාව. ඒ අදහස්ම දැක්වෙන වෙනත් වචන යුගලයක් නම් මෝඩකම සහ කෑදරකම.

මිනිසුන්ගේ අනුවණකම සහ තණ්හාව නිසා ඔවුන් ආධ්‍යාත්මිකවත් පිරිහෙනවා, භෞතිකවත් පිරිහෙනවා.

කාම තෘෂ්ණාව ඇති පුද්ගලයින් කාම පිපාසාව සංසිදුවා ගැනීමට කාම ආස්වාදය සොයනවා, කාම ආස්වාදය ලැබීමෙන් තෘප්තියට පත්වෙනවා. අනුවණ පුද්ගලයින්ට මේ ක්‍රියාවේ ඇති ආදීනවය පෙනෙන්නේ නෑ. සමහර පුද්ගලයින්ට ධර්මය ගෙන හැර දක්වමින් කම් සැපම සෙවීම දුකම බදා ගැනීමක් ලෙස දැක්වූවත්, දුකෙන් මිදීමේ අන් ප්‍රතිපදාවක් ඇති බව පෙන්වූවත් අනුවණකම නිසා දුකෙන් මිදීමේ ප්‍රතිදාව වෙත යොමුවන්නේ නැහැ. මේ අනුවණකම නිසා සමහර පුද්ගලයින් "මේ වෙලාවේ සල්ලි ටිකක් හොයාගෙන ජීචිතය සැපවත් කරගන්න ඕනෑ, ධර්මයෙන් මොනවා ලබන්නද" ආදී අදහස් දරමින් ධර්මය බැහැර කොට කම් සැපම සෙවීම වෙත යොමු වෙනවා. අනුවණකමත් තණ්හාවත් නිසා දැඩි ආයාස සහිත මේ ක්‍රියාවේ යෙදීමෙන් ඔවුන්ට ඉතිරි වන්නේ දුකම බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ.

කාමභෝගී ජීවිත ගතකරන ගිහියන් නිස්සරණ ප්‍රඥාවෙන් කාමයන් භුක්ති විදීමයි සුදුසු වන්නේ. ඒ ක්‍රමයෙන් කම් සැප භුක්ති විදිමින් දුකෙන් මිදීමෙහි සෑහෙන තරම් අභිවෘද්ධියක් ලබන්න පුළුවන්. නිස්සරණ ප්‍රඥාව තවත් වැඩුණු සුදුසු කාලයකදී සුවසේ කම් සැප සෙවීම හැර දමන්නත් ඒ පුද්ගලයින්ට පුළුවන්. මේ තමයි ආධ්‍යාත්මික සහ භෞතික අභිවෘද්ධිය ලැබුමට පුද්ගලයින් යොමු විය යුතු සාර්ථක ක්‍රමය.

නිස්සරණ ප්‍රඥාවෙන් කාමයන් භුක්ති විදීම සුදුසු පුද්ගලයින්ට දැන් අපි දුප්පත්, අපිට ආහාර නෑ, අපිට බෙහෙත් නෑ, ඒ නිසා අපි නිස්සරණ ප්‍රඥා කතා පැත්තක තියා මුදල් සොයන්න, වගා කරන්න, නවෝත්පාදන කරන්න යොමුවෙමු, ඒවා සොයාගෙන සුඛිත මුදිත වී පසුව අපේ නිස්සරණ ප්‍රඥාව ඇතිකර ගන්න උත්සාහ ගමු යැයි යමෙක් කියනවා නම් ඒ පුද්ගලයා අනුවණයෙක්මයි. ඒ පුද්ගලයා ආරම්භයේදීම ජයග්‍රහණයේ මාවතින් අන් අයව බැහැර කිරීමකටයි ඒ යොමුවන්නේ.

කුමක්ද ගැටලුව? නිස්සරණ ප්‍රඥාව කාමයන් සෙවීමට, කාමයන් ලැබීමට, කාමයන් භුක්ති විදීමට බාධාවක් යෑ? නිස්සරණ ප්‍රඥාවෙන් යුතු කාමභෝගී ජීවියක් ගතකරන පුද්ගලයාටත් වීර්යයෙන් කාමයන් සෙවීමට පුළුවන්, සැප සේ කාමයන් භුක්ති විදීමට පුළුවන්.

කුමක්ද වෙනස? නිස්සරණ ප්‍රඥාවෙන් යුතු කාමභෝගී ජීවිතයක් ගතකරන පුද්ගලයා කම් සැප ලැබීම හමුවේ උද්දාමයට පත්වන්නේ නැතුව, කම් සැපයෙහි ගිලෙන්නේ නැතුව කම් සැප භුක්ති විදිනවා. කම් සැප නොලැබීම හමුවේ ඒ පුද්ගලයා පීඩාවට පත්වන්නෙත් නැහැ. නිස්සරණ ප්‍රඥාව නොමැති පුද්ගලයා කම් සැප ලැබීමෙන් ප්‍රීතියට පත්ව කම් සැපයෙහි ගිලෙනවා. කම් සැප නොලැබීම හමුවේ ඒ පුද්ගලයා පීඩාවට පත්වෙනවා. සැකෙවින් කියුවොත් නිස්සරණ ප්‍රඥාවෙන් යුතු කාමභෝගී ජීවිතයක් ගතකරන පුද්ගලයා නිස්සරණ ප්‍රඥාව නොමැති පුද්ගලයාට වඩා සැපවත් ජීවිතයක් ගතකරනවා. ඒ පුද්ගලයා මතු දුකින් මිදීමෙත් අභිවෘද්ධියක් ලබනවා. නිස්සරණ ප්‍රඥාව නොමැති පුද්ගලයා වැඩි පීඩා සහිතව ජීවිතය ගතකරනවා, ඒ පුද්ගලයාට මතු ඉතිරිවන්නෙත් දුකමයි.

බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ සැප දුක පෙරළෙන ලෝකය හමුවේ බඩ වෙනුවෙන් දෘෂ්ටිය පැත්තක තියන පිරිසක් නොවෙයි. දෘෂ්ටිය පැත්තක තැබීමෙන් විශේෂ ප්‍රතිලාභයක් ලැබෙනවා යෑ?

පිටිදූවේ පකිස් බූරුවා සහ ඇපල් විජේ තාවකාලිකව දෘෂ්‍ටිය පැත්තක තබා බඩ වෙනුවෙන් සමඟි වීම සහ අන් අයට ද එකතුවන්න යැයි කීම මේ බූරු ජෝඩුවේ මෝඩකමම ප්‍රදර්ශනය කරනවා. දෘෂ්ටිය තමයි පුද්ගලයින්ව නිවැරදි මාවතේ ගෙන යෑමට පූර්වාංගයක් වන්නේ. දෘෂ්‍ටිය පැත්තක තබා බඩ වෙනුවෙන් එකතුවන්න යැයි කීම ආධ්‍යාත්මික සහ භෞතික අභිවෘද්ධියේ මාවත වසා ගැනීමට යොමුවීමක්.

තවත් අයුරකින් විමසා බැලුවොත් කන්ඩ නැති උනාම ධර්මය විනය පැත්තකින් තියන පුද්ගලයින් මොන නායකයින්ද?

පිටිදූවේ පකිස් බූරුවාට සහ ඇපල් විජේට සැබෑ අභිවෘද්ධියක් වෙනුවෙන් සමඟි වෙන්න උවමනාවක් තිබුණා නම් කළ යුතුව තිබුණේ දෘෂ්ටිය පිරිසිදු කරගැනීමටම ප්‍රමුඛතාවය දී සමඟි වීම. එහිදී ධර්මය මෙයයි, අධර්මය මෙයයි, විනය මෙයයි, අවිනය මෙයයි ලෙස විමසමින් නිවැරදි බවට පැමිණෙමින් සමඟි වීමට උත්සාහයක් ගත්තා නම් අන්න ඒ ක්‍රියාව අගය කරන්න තිබ්බා. ඒ විදිහට උත්සාහ ගත්තා නම් ගිහියන්ටත් ඒ ක්‍රමය ආදර්ශයට ගනිමින් සමඟි වෙමින් භෞතික අභිවෘද්ධිය ඇතිකර ගැනීමටත් මනා පසුබිමක් සැකසෙන්න තිබ්බා.

ඉහත වීඩියෝවේ කියැවෙන කරුණුවලට අනුව මේ බූරු ජෝඩුවගේ සමඟි වීම තුළ දේශපාලන අභිලාෂයක් ඉටුකර ගැනීමේ උවමනාවක් ඇති බව පේනවා. ඒ දේශපාලන කණ්ඩායම් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එම පිරිසම වැඩි නියෝජනයක් කරන බවක් පෙනෙන ජාතික ජන බලවේගය යටපත් කිරීම. මිනිසුන්ගේ බඩගින්න විසදීම සඳහා සමඟි වෙමු යැයි මිනිසුන්ව එක්රැස් කිරීමක් සමග නීත්‍යානුකූලව රට තුළ ක්‍රියාත්මක වන තෝරාගත් දේශපාලන කණ්ඩායම් යටපත් කරන්න උත්සාහ ගැනීමක් පටලවා ගන්නේ කුමටද? මේ ක්‍රියාව දේශපාලකයින්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමේ පැවිද්දන්ට සුදුසු සීමාවෙන් ඔබ්බට යෑමක් බවයි මට සිතෙන්නේ. පිටිදූවේ පකිස් බූරුවාට සහ ඇපල් විජේට මේ ආකාරයේ ක්‍රියාවන් කෙරුමට උවමනා නම් තම වස්ත්‍ර මාරු කර ඒ ක්‍රියාවේ යෙදෙන්න තිබුණා.

ඇපල් විජේ කවර අදහස් දරනවාද යන්න පැහැදිලි කර ගැනීම සඳහා මම ඇපල් විජේ සහ ජාතික ජන බලවේගයේ වොයිස් කට් නිකායේ කැකිරාවේ සිරි සුදස්සන අතර කෙරුණු සාකච්ඡාවක් අන්තර්ගත පහත දැක්වෙන වීඩියෝවේ නැරඹුවා:

මේ සාකච්ඡාව දීර්ඝ උවත් බෙහෙවින්ම අසාර්ථක සාකච්ඡාවක්. සාකච්ඡා කෙරෙන ආකාරය ව්‍යාකූලයි.

ලංකාවේ මිනිසුන් අතර ජාතීන් වශයෙන් සහ ආගමික වශයෙන් බෙදී හිංසාකාරී ක්‍රියාවන් කරන පිරිස් සිටිනවා. ඇපල් විජේ ස්වකීය අත්දැකීම් මත ද පදනම්ව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති විමසමින් එම ප්‍රතිපත්ති හරහා මේ හිංසාකාරී ක්‍රියාවන්ට ඉඩ සැලසේ ද, මේ හිංසාකාරී ක්‍රියාවන්ට යොමුවන පිරිස් බලවත් වේ ද ආදී අදහස්වලට අනුරූපව සාකච්ඡාවේදී ප්‍රශ්න නඟනවා. ඒ ප්‍රශ්නවලට කැකිරාවේ සිරි සුදස්සන පවසන්නේ ඇපල් විජේ අනිසි බියක් ඇතිකරගෙන ඇති බව. ඕවා උත්තර යෑ? ජාතික ජන බලවේගයේ වොයිස් කට් නිකායේ කැකිරාවේ සිරි සුදස්සනට ඇපල් විජේට උත්තර දෙන්න සමත්කමක් නොතිබී ඇති බවයි පෙනෙන්නේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ඊට එක්ව සිටින ප්‍රධාන පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් තීක්ෂණව විශ්ලේෂණය කර ඉන් ඉස්මතු වන කරුණු මහජනතාවට දැක්වීමට හැකි නම් එය ඉතාම අගෙයි.

ඇපල් විජේට ඇති ගැටලුවලට ජාතික ජන බලවේගයේ නායකයින්ම පිළිතුරු සපයනවා නම් තමයි වටින්නේ. හැබැයි ඇපල් විජේ කළ යුත්තේ පැවිද්දන්ට සුදුසු සීමාවක් තුළ සිට ඒ පිළිබඳ කටයුතු කිරීම. එහෙම නැතුව අහවල් දේශපාලන පක්ෂයට ඡන්දය දිය යුතුයැයි සෘජුව කීමත් සුදුසු නැහැ, අහවල් දේශපාලන පක්ෂයට ඡන්දය නොදිය යුතුයැයි සෘජුව කීමත් සුදුසු නැහැ.

පිටිදූවේ පකිස් බූරුවා සහ ඇපල් විජේ මුල් වීඩියෝවේ කියැවෙන ආකාරයෙන් සමඟි වී කටයුතු කිරීම තුච්ඡ ක්‍රියාවක් බව තවත් ආකාරයකින් දකින්න පුළුවන්. ශාසන ප්‍රතිපත්ති පැත්තක තබා කණ්ඩායමක් සාදාගෙන දේශපාලන කණ්ඩායමක ප්‍රතිපත්ති ප්‍රශ්න කරන්න යෑම සදාචාරසම්පන්න වන්නේ කෙසේද? මේ තුච්ඡ පුද්ගලයෝ දෙදෙනා එක්කෝ තමන් ඉන්නේ හෙලුවෙන් බව වටහාගෙන නැහැ, එහෙම නැත්නම් මෙහෙම හැසිරෙන්න ලැජ්ජාවක් නැහැ.

ලංකාවේ දේශපාලනයට බට පුද්ගලයින්ගේ නොමනා දේශපාලන හැසිරීම් නිසා බුද්ධශාසනයේ මනා පැවැත්මට බාධා ඇතිවෙනවා. වසර ගණනාවක සිට දකින්නට හැකි වූයේ කිරීමට හැකියාව තිබියදීත් ශාසනය වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකීරීමට සුළු අවධානයක් දෙන හෝ ඒ යුතුකම් නොසලකා හරින දේශපාලකයින්. එසේ උවත් දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් ඔවුන් දැඩි ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බවක් පෙනෙන්න තිබුණා. මෙය ශාසනයට පමණක් සීමා වූ ගැටලුවක් නොවෙයි, ආර්ථිකය සහ අන් ක්ෂේත්‍රවලටත් දේශපාලකයින්ගේ මේ නොමනා දේශපාලන හැසිරීම් බලපා තිබෙනවා. මේ නොමනා හැසිරීම් තවමත් සමනය වී ඇති බව පෙනෙන්න නැහැ. මේ නොමනා හැසිරීම් පසුපස ඇත්තේ පුද්ගලයින්ගේ අනුවණකම සහ තණ්හාව.

ලංකාවේ පැවිද්දට බට පුද්ගලයින්ගේ නොමනා ශාසනික හැසිරීම් නිසාත් බුද්ධශාසනයේ මනා පැවැත්තමට බාධා ඇතිවෙනවා. මේ නොමනා හැසිරීම් පසුපස ඇත්තේත් පුද්ගලයින්ගේ අනුවණකම සහ තණ්හාව.

ලංකාව මුහුණ දෙන විවිධ ක්ෂේත්‍රවල බිඳවැටීම් පිළිබඳ භික්ෂූන්වහන්සේලා කවරක් කළ යුතු ද? මම නම් දකින්නේ පිරිහුණු භික්ෂූන් වර්තමානයේ බොහෝ සිටියත් භික්ෂූන් වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් දෙන අනුශාසනා ඇසීමට කන් යොමු කරන බොහෝ පිරිසක් ලංකාවේ තවමත් සිටිනවා. කපටි දේශපාලකයින් බහුලව කරන දෙයක් තමයි භික්ෂූන් වහන්සේලාගේ ඒ වටිනාකමින් අයුතු ප්‍රයෝජන ගැනීම. ඔවුන් තමන්ගේ නොමනා අභිලාශයන් සමාජගත කරන්න භික්ෂූන්වහන්සේලාව භාවිතා කරනවා. භික්ෂූන් වහන්සේලාගේ ඒ වටිනාකමින් යහපත් ප්‍රයෝජනයක් ගන්නේ කෙසේද? භික්ෂූන් වහන්සේලා ධර්මයෙන් විනයෙන් සමඟි වූවොත් සහ ඒ සමඟිය මත සිට ලක් වැසියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළොත් ඊට අනුරූපව සමාජයේ පිබිදීමක් ඇතිකර ගැනීම ඉතාම පහසුයි. මීට බාධා පවතිනවා නම් භික්ෂූන් වහන්සේලාගේ අනුවණකම සහ තණ්හාව තමයි ඊට හේතු වන්නේ.

සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ සහ ඇපල් විජේගේ සමඟි වීම රැවටිලිකාර තුච්ඡ ක්‍රියාවක්. එහි අගය කළ හැකි සමඟියක් නැහැ. තමන්ගේ හෙලුව ප්‍රදර්ශනය කරමින් ජනතාවට නායකත්වය දෙන්න කතා කරන මේ බූරු ජෝඩුවට ලැජ්ජාව ඇති වේවා යන අදහස් ඇතිව හූ කීම තමයි වටින්නේ.

හූ...!