රට කෙසේ සකසා ගත යුතු ද යන්න පිළිබඳ කිරුළපන ධම්මවිජය හිමිගේ අදහස්

කිරුළපන ධම්මවිජය හිමි කරන කියන හැම දෙයක්ම සුදුසු යැයි මම පිළිගන්නේ නැහැ. ඒත් මේ වීඩියෝවේදී උන්වහන්සේ යම් මධ්‍යස්ථ ස්වභාවයකින්, පැහැදිලි බවකින්, තමන් දක්වන අදහස්වලට හේතු වන පසුබිම් කාරණා ද ඉස්මතු වන පරිදි සහ මිනිසුන්ට වැඩදායක බවක් ඇති ලෙස අදහස් දක්වන බවක් පෙනෙන්න තිබෙනවා. බුදුදහමේ සුරක්ෂිත බව රටේ යහපත් පාලනයක් පැවතීම සමඟ ප්‍රතිබද්ධව පවතිනවා. ඒ නිසා ආධ්‍යාත්මික සහ භෞතික දියුණුවට උපකාරී වන ලෙස රට කෙසේ සකසා ගත යුතු ද යන්න පිළිබඳ උත්සුක වන අය කිරුළපන ධම්මවිජය හිමි මේ වීඩියෝවේ දක්වා ඇති අදහස්වලට සිත් යොමු කොට විමසා බැලීම වටිනවා. මේ වීඩියෝවේ ඒ පිළිබඳ බොහෝ අදහස් හෝ ගැඹුරු විග්‍රහ ඇත්තේ නැහැ. නමුත් ඒ පිළිබඳ යම් නිවැරදි යොමුවක් ඇතිකර ගැනීම පිණිස මෙය උපකාරී වනු ඇති.

සබැඳිය:

  1. බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියේ පළ කරන සැවොම ශාසනයට කරන විනාශය