අහිමිවූ කාමයන් නිසා ශෝකයට පත් සත්වයාව අමා පැන් සිසිලසින් සනසන බලංගොඩ රාධ හිමි

ඉහත දැක්වෙන්නේ මෑත කාලයේදී මට අසන්නට ලැබුණු විශිෂ්ට ගණයේ ධර්ම දේශනාවක් ඇතුලත් වීඩියෝවක්. මෙම අගනා ධර්ම දේශනාව පවත්වන්නේ බලංගොඩ රාධ හිමි විසිනුයි. උන්වහන්සේ මනා සංයමයකින් යුතුව වචන හසුරුවමින් ධර්මය දේශනා කරනවා. මාතෘකාවෙන් පිට පැන අනවශ්‍ය දෑ පැවසීමක් එහි නැහැ. ධර්ම අවබෝධය ඇතිවන ලෙස මිස මිනිසුන් හිනස්සා සතුටු කිරීමට කියන නිශ්ඵල දෑ හෝ තමන්ව හුවා දක්වා ගැනීමක් මෙම දේශනාවේ ඇත්තේ නැහැ. පහසුවෙන් අවබෝධ කළ හැකි ලෙස සහ අසන්නා තුළ අනුක්‍රමයෙන් අවබෝධය තීව්‍ර වන ලෙස මනා පිළිවෙළකට අනුව ධර්මය ඉදිරිපත් කිරීම සිදුකෙරෙනවා. අහිමි වූ කාමයන් නිසා ශෝකයට පත් විමසුම් බුද්ධියක් ඇති අයෙකුට මෙම දේශනාව අවධානයෙන් අසන්නට ලැබුණොත් ඇසූ පමණින් එම තැනැත්තාට ශෝකයෙන් නැඟී සිටීමට හැකිවන ආකාරයේ අමා පැන් පෙවීමකුයි මේ දේශනාවෙන් කෙරෙන්නේ.

තව ද දේශනාව ශ්‍රවණය කරන අය තුළ බුදුරජානන් වහන්සේත්, ධර්මයත්, සංඝයාත් කෙරෙහි ඇති ගුණ ඇති සැටියෙන් දැන ප්‍රසාදය උපදින ආකාරයටයි උන්වහන්සේ දහම් දෙසන්නේ.

මෙබඳු විශිෂ්ට ධර්ම දේශනා අසන්නට ලබන්නට තරම් අපිත් භාග්‍යවන්තයෝ වීම කෙතරම් සතුටට කාරණාවක් ද?

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ ජාතකපාළියේ ද්‌වාදසකනිපාතයේ කාම ජාතකය
  2. අටුවාවේ කාම ජාතක වණ්ණනාව
  3. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ සුත්තනිපාතයේ අට්‌ඨකවග්ගයේ කාම සූත්‍රය
  4. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ මහානිද්දෙසපාළියේ කාමසූත්‍රනිර්දේශය
  5. දේශනාව බාගත කරගැනීම: https://www.endchannel.com/watch?v=yt/PvNSldOq98w