රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාළ නැත

රාජගිරියේ අරියඥාණ හිමි:

... භික්ෂුව කියන්නේ ගින්දරක් කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි හොයන්න යන්න අදාළ නැහැ. ...

රාජගිරියේ අරියඥාණ හිමි:

... නමුත් ඒ බුදුරජානන් වහන්සේ එහෙම දේශනා කළත් කිසිම වෙලාවක පුතේ ඔබලා ස්වාමීන් වහන්සේගේ වැරදි හොයන්න යන්න එපා. ...

ඉහත වීඩියෝවේ විනාඩි 54යි තත්පර 59න් පමණ ඉදිරියට රාජගිරියේ අරියඥාණ හිමි:

... ඒ නිසයි බුදුරජානන් වහන්සේ කාසායකණ්ඨකටත් දන් දෙන කාරණය තුළ කියන්නේ කොතනකදවත් ස්වාමීන් වහන්සේලාගේ සීලය හොයන්න යන්න එපා. ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න එපා. ඒක අපිට අදාළ නැහැ. උන් වහන්සේ වැරදි කළොත් උන් වහන්සේලා ඒවා අරගෙන යාවි. ඒ නිසා බුදුරජානන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මොන වැරැද්ද දැක්කත් ගිහි කෙනෙක්ට ඒක ඇඟිලි ගහන්න යන්න [එපා කියලා]. සංඝයා අරමුණු කරගෙන ඔබ දන් දුන්නා නම් සංඝයා අරමුණු කරගෙන ලැබෙන්නා වූ දානය අපට ලැබෙනවා. එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ...

රාජගිරියේ අරියඥාණ හිමියන් පවසන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි නොසෙවිය යුතුය, භික්ෂූන් වහන්සේලාගේ මොන වැරැද්ද දැක්කත් ගිහියන්ට එය අදාළ නැතිය, භික්ෂූන් වහන්සේලාගේ වැරදි සොයන්න යෑමෙන් අප්‍රමාණ අකුසල් සිදුවේ ආදී අදහස් ධර්මයට සහ විනයට නොගැළපෙන්න අධාර්මික සහ අවිනය ප්‍රකාශයි. සමාජයක එවන් අදහස් පැතිරවීම අසත්පුරුෂ සමාජයක් නිර්මාණය කිරීමට හේතු වෙනවා. ගිහි පැවිදි බොහෝ පිරිස් එවන් අදහස් නිසා නොමඟ යනවා, පරිහානියට පත්වෙනවා. යම් පුද්ගලයෙක් අන් අයගේ ලාභාන්තරයට හේතු වන එවන් අදහස් ඇතිව ඉන්නවා නම් එය එම පුද්ගලයාගේ මිත්‍යා දෘෂ්ටියක් වන අතර එය එම පුද්ගලයා නිරයේ හෝ තිරිසන් සතෙකු ලෙස ඉපදීමට හේතු වෙනවා. එවන් අදහස් පැවසීම සහ පිළිගෙන ඊට අනුරූපව ක්‍රියා කිරීම සම්මා සම්බුද්ධ සාසනය වහ වහා අතුරුදහන් කිරීමට හේතුවක්.

බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර සහ විනය කරුණු දෙස එකවර නොබලා විමසුවත් යම් නොමඟ යන භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුමඟට යොමුකිරීමට ගිහියන්ට කටයුතු කළ හැකි නම් එසේ කිරීම එම භික්ෂූන් වහන්සේගේ හෝ භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිසත්, එම භික්ෂූන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේලා එසේ අභිවෘද්ධියට පත්වීම ගිහියන්ගේ අභිවෘද්ධිය පිණිසත්, එවිට එය සම්මා සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිසත් හේතු වන බව වටහා ගන්න පුළුවන්.

අනෙකුත් භික්ෂූන් විසින් තමන්ට ඔවදන් දීම ගැන ඔවදන් ලබන භික්ෂූන් විසින් කෙසේ සලකනවාද, කෙසේ ඒ ගැන කටයුතු කරනවාද යන්නට අනුව අසත්පුරුෂයින් එක්ව වසනා ආකාරය සහ සත්පුරුෂයින් එක්ව වසනා ආකාරය ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ  සඳහන් වෙනවා.

එම සූත්‍රයට පරිදි අසත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් නොදේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් නොදෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට අහිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, හිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් ප්‍රතික්ෂේප කරන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් කරන්නෙමැයි හිතනවා, එම වැරදි තමන්ගේ ඇතැයි දැක්කත් ඊට පිළියම් නොකරන්නෙමැයි හිතනවා.

එම සූත්‍රයට පරිදි සත්පුරුෂයින් කෙසේ එක්ව වසනවාද යත්: තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් අන් තෙර, මධ්‍යම සහ නවක භික්ෂූන් තමන්ට ඔවදන් දේවා යැයි හිතනවා, තමනුන් ඔවුන්ට ඔවදන් දෙන්නෙමැයි හිතනවා, තමන්ට ඔවදන් දෙනවා නම් ඒ ඔවදන් දෙය අය තමන්ට හිතානුකම්පීවයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, අහිතානුකම්පීව නොවෙයි ඔවදන් දෙන්නේ යැයි හිතනවා, එම කීම් මනා යැයි පිළිගන්නෙමැයි හිතනවා, කියන කෙනාව වෙහෙසට පත් නොකරන්නෙමැයි හිතනවා, එම වැරැදි දැක ඊට පිළියම් කරන්නෙමැයි හිතනවා.

එම සූත්‍රයට අනුව භික්ෂූන් වහන්සේලා අන් භික්ෂූන් වහන්සේලාගේ අවවාද කෙරෙහි සත්පුරුෂයින් එක්ව වාසය කරන ආකාරයට අනුව කෙසේ එළැඹිය යුතු දැයි වටහා ගන්න පුළුවන්. එම සූත්‍රයෙහි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාගේ වැරදි නිවැරදි කිරීම ගැන විස්තර සඳහන් වී නැහැ. එනමුත් ගිහි වේවා, පැවිදි වේවා තමා තුළ ඇති වරදින් මිදීමටත්, තමා මතු වරද කිරීමට යොමු වීමෙන් වැලැක්වීමටත්, තමා තුළ නැති ගුණ වඩා ගැනීමටත්, තමා තුළ ඇති ගුණ තව තවත් වඩා ගැනීමටත් ඉහත සූත්‍රයේ සඳහන් පරිදි සත්පුරුෂයින් ලෙස වාසය කිරීම උපකාරී වන බව එම සූත්‍රය මනා සේ විමසන පුද්ගලයින්ට වටහා ගත හැකියි. එපරිදි විමසා දකින පුද්ගලයෙක් තමා ගිහි උවත් පැවිදි උවත්, තමාව යම් අයහපතකින් මුදවනවා නම්, තමාට යහපතක් උදාකරනවා නම් ගිහි වේවා පැවිදි වේවා, එසේ තමාව අයහපතින් මුදවන, තමාට යහපත උදා කරන පුද්ගලයින්ගේ ඊට අදාළ ක්‍රියාවන් කවර හේතුවක් නිසා නුසුදුසු යැයි දකින්නද?

යම් පුද්ගලයෙක් තමා ගිහි වේවා, පැවිදි වේවා අන් ගිහි හෝ පැවිදි අයව වරදින් මුදවාලීමට හේතු වන, ඔවුන්ගේ අභිවෘද්ධියට හේතු වන ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන අන් ගිහි හෝ පැවිදි පුද්ගලයින්ගේ ක්‍රියාව නුසුදුසු යැයි අන් අයට පවසනවා නම් එසේ පවසන එම පුද්ගලයා අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන පුද්ගලයෙක්. අන් අයගේ අභිවෘද්ධියට හානි වන පරිදි සිතන බැවින් එම පුද්ගලයා අන් අය කෙරෙහි අහිතානුකම්පී පුද්ගලයෙක්. අහිතානුකම්පී පුද්ගලයාට සතුරු සිත් එළැඹ පවතිනවා. සතුරු සිත් එළැඹ පැවැත්ම මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියෙන් යුතු අයට මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම බව බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා. එසේ අන් අයගේ ලාභාන්තරයට කටයුතු කිරීම අහිතානුකම්පී බවක්, සතුරු සිත් ඇති බවක්, මිත්‍යා දෘෂ්ටියක් හා මරණින් මතු නිරය හෝ තිරිසන් යොනිය උරුම වීමට හේතුවක් බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධ වග්ගයේ ලොහිච්ච සූත්‍රයට අනුව වටහා ගත හැකියි.

මිලින්ද ප්‍රශ්නවල දැක්වෙන පරිදි මිලින්ද රජතුමා විසින් නාගසෙන හිමියන්ගෙන් කොපමණ අංගයන්ගෙන් යුත් භික්ෂූන් අරහත්ඵලය සාක්ෂාත් කරන්නේ දැයි ඇසූ විට ඊට පිලිතුරු දුන් නාගසෙන හිමියන් අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් සතු විය යුතු අංගයන් බොහෝ ගණනක් පවසා තිබෙනවා. ඒ බොහෝ වූ අංගයන් අතුරෙන් වෘෂභයාගේ ගත යුතු අංග හතරෙන් හතර වන අංගය ගැන විස්තර කිරීමේදී නාගසෙන හිමියන් මෙසේ පවසා තිබෙනවා:

පුන ච පරං මහාරාජ ගොරූපො යෙන කෙනචි වාහියමානො වහති එවමෙව ඛො මහාරාජ යොගිනා යොගාවචරෙන ථෙරනවමජ්‌ඣිමභික්‌ඛූනම්‌පි ගිහිඋපාසකස්‌සාපි ඔවාදානුසාසනී සිරසා සම්‌පටිච්‌ඡිතබ්‌බා.

එය සිංහල මිලින්දප්‍රශ්නය නම් පොතේ 564 පිටුවේ මෙසේ දැක්වෙනවා:

තවද, මහරජානෙනි, වෘෂභතෙම යම් කිසිකෙනෙකුන් විසින් උසුලවනු ලබන්නේ ම උසුලන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගී වූ යොගාවචරයා විසින් ථෙර නවක මධ්‍යම භික්ෂූන්ගේ ද ගෘහස්ථ උපාසකඋපාසිකාවන්ගේ ද අවවාදානුශාසනාතොමෝ මස්තකයෙන් පිළිගත යුත්තේ ය.

[ ඉංග්‍රීසි පරිවර්තනය: The Questions of King Milinda - Part II, T. W. Rhys Davids, 1894, p. 333 ]
[ පාලි (රෝමන් අක්ෂර): The Milindapañho, Vilhelm Trenckner, 1880, p. 397 ]

භික්ෂූන් විසින් එපරිද්දෙන් අවවාදානුශාසනාවන් මස්තකයෙන් පිළිගැනීම යන කරුණට අනුරූපී වූ සද්ධර්ම සෙනාධිපති වූ ශාරිපුත්‍ර තෙරණුවන් විසින් පවසන ලද ගාථාවක්ද නාගසෙන හිමියන් එහිදී මිලින්ද රජතුමාට ගෙන හැර දක්වා තිබෙනවා. එහි මුල් පේළි දෙක මෙසේයි:

තදහු පබ්‌බජිතො සන්‌තො, ජාතියා සත්‌තවස්‌සිකො,
සොපි මං අනුසාසෙය්‍ය, සම්‌පටිච්‌ඡාමි මත්‌ථකෙ.

එම පේළි දෙක "මනුෂ්‍යජාතියෙන් සත්හවුරුදු වූ සත්පුරුෂගුණයෙන් යුක්ත වූ එදවස්හි ම පැවිදි වූ ඒ ලදරු සාමණෙරතෙම ද මට ධර්මයෙන් අනුශාසනා කරන්නේ වී නම්, මම මාගේ ශිරොමස්තකයෙන් පිළිගන්නෙමි යි." ලෙසින් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. අග්‍රශ්‍රාවක සැරියුත් හිමියන් විසින් තමන් වහන්සේ එසේ අවවාදානුශාසනාවන් සිරසින් පිළිගන්නා බව පවසන ලද මිලින්ද ප්‍රශ්නවල සඳහන් එම ගාථා පද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සගාථ වග්ගයේ දෙවපුත්‌ත සංයුත්‌තයේ නානාතිර්ථය වග්ගයේ ඇති සුසීම සූත්‍රය පිළිබඳ විස්තර අඩංගු සාරත්ථප්පකාසිනී සංයුත්තනිකායට්ඨකථාවන්හි දෙවපුත්තසංයුත්තවණ්ණනාවේ දැකිය හැකියි.

භික්ෂූන්ගේ පමණක් නොව ගිහි උපාසකඋපාසිකාවන්ගේ අවවාදානුශාසනාත් භික්ෂූන් විසින් සිරසින් පිළිගත යුතු යැයි ඉහත පරිදි ධර්මයෙහි අඩංගුව පවතිනවා. මෙම ලිපියේ මුලින් දක්වන ලද විස්තර කිරීම්වලට අනුව අර්ථ ලෙසිනුත් එය එසේම විය යුතු යැයි දැකිය හැකියි. එසේ ඇති විට පැවිදි පිරිස ගිහියන්ට වඩා උතුම් බැවින් ගිහියන් විසින් පැවිද්දන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාළ නැතය ආදී කථා අනර්ථය පිණිස පවත්නා අධර්ම අවිනය කථාවන් මිස අර්ථය පිණිස පවත්නා ධර්මයට විනයට ගැළපෙන කථාවන් නොවේ.

රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාළ නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවෙයි. බුදු සසුන මෙසේ යැයි ඔවැනි අධර්ම අවිනය මතයන් පැතිරවීම බුදු සසුන තුළ මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුළ නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

අංග අටකින් සමන්විත භික්ෂූවට උපාසකයෝ කැමති වෙත් නම් අප්‍රසාදය දන්වන්නේ යැයි බුදුරජානන් වහන්සේ පවසා ඇති අයුරු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ සති වග්ගයේ අප්පසාදප්පසාද සූත්‍රයේ සඳහන්. ඊට අනුව ගිහියන්ට අලාභය පිණිස උත්සාහ කරයි නම්, ගිහියන්ට අනර්ථය පිණිස උත්සාහ කරයි නම්, ගිහියන්ට ආක්‍රොෂ කරයි නම්, ගිහියන් ගිහියන් හා බිඳුවයි නම්, බුදුන්ගේ අයුණු කියයි නම්, දහම්හි අයුණු කියයි නම්, සඟුන්ගේ අයුණු කියයි නම්, අගොචරයෙහිදු භික්ෂූව දකිත් නම් එම අංග අටින් සමන්විත භික්ෂූවට උපාසකයෝ කැමති වෙත් නම් අප්‍රසාදය දන්වන බව සඳහන්.

එම අප්‍පසාදප්පසාද සූත්‍රයට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාළ නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන කථා නොවන බව දැකිය හැකියි.

තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයේ දාරුකම්‌මික සූත්‍රයේ සඳහන්ව ඇති පරිදි ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් යම් යම් කරුණු සලකා ඒ ඒ කරුණුවලට අනුව භික්ෂූන් වහන්සේලාව ගැරහීම හෝ පැසසීම කළ යුතු යැයි බුදුරජානන් වහන්සේ විසින් දාරුකම්මික ගෘහපතිට පවසා තිබෙන බව දැකිය හැකියි. එහි සඳහන් ගැරහීම යනු පරුෂ වචනයෙන් භික්ෂූන් වහන්සේලාට බැණ වැදීම නොවෙයි. දාරුකම්මික සූත්‍රයේ සඳහන් පරිදි ගිහියන් විසින් ඒ ඒ කරුණුවලට අනුව භික්ෂූන් වහන්සේලාව ගැරහීම කළ යුතු යැයි වැනි දහම් කරුණු බුදුරජානන් වහන්සේ විසින් නොපවසා තිබුනා නම් බුදු සසුනේ උපන් අඥාන භික්ෂූන් බුදු සසුන වහ වහා අතුරුදන් කරනවා. බුදුරජානන් වහන්සේ විසින් දාරුකම්මික සූත්‍රයේ සඳහන් පරිදි ගිහියන්ට භික්ෂූන් වහන්සේලාව ගැරහිය යුතු යැයි පවසා තිබීමෙනුත් බුදුරජානන් වහන්සේ අඩුවක් නැතිව පූර්ණව ධර්මය දේශනා කර ඇති බව ගම්‍ය වෙනවා.

එම දාරුකම්මික සූත්‍රයට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාළ නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියි.

රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාළ නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම බුදු සසුන තුළ මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුළ නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකා පාළියේ සඞ්ඝාදිසෙසකාණ්ඩයේ කුලදූසකශික්ෂාපදය විස්තරයේ අස්සජි පුනබ්බසුක නම් කීටාගිරි දනව්වෙහි ආවාසික වූ අලජ්ජී වූ පාප භික්ෂූන්ගේ එම අලජ්ජී වූ පාප ක්‍රියාවන් ගැන කීටාගිරියට පැමිණි අන් භික්ෂූන් වහන්සේ නමකගේ මාර්ගයෙන් බුදුරජානන් වහන්සේට දැන්වීමට ක්‍රියා කරන උපාසකයෙකු ගැන සඳහන් වෙනවා. එම අලජ්ජී වූ පාප භික්ෂූන් හේතුවෙන් කීටාගිරියේ ගිහි සහ පැවිදි පිරිසට සිඳුවන අවැඩ වලක්වා කීටාගිරියෙහි ආවාසය මැනවින් පිහිටවීම පිණිස කරණ ලද එම උපාසකයාගේ මනා ඉල්ලීම ඇසීමෙන් බුදුරජානන් වහන්සේ එම ඉල්ලීමට අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති අයුරු එහි දැක්වෙනවා.

කුලදූසකශික්ෂාපදය විස්තරයේ අඩංගු අවැඩ පිණිස නොව වැඩ පිණිස වන, පණිවිඩය රැගෙන ගිය භික්ෂූවද ප්‍රතික්ෂේප නොකළ සහ බුදුරජානන් වහන්සේද අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති එම උපාසකයාගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාළ නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියි.

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ හස්සධම්ම ශික්ෂාපදය විස්තරයේ අචීරවතී නදියේ දිය කෙළින භික්ෂූන් වහන්සේලා පිරිසක් ගැන පසෙනදි කොසොල් රජතුමා විසින් උපායකින් බුදුරජානන් වහන්සේට දන්වන ආකාරය සහ බුදුරජානන් වහන්සේ ඊට අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති ආකාරය දැකිය හැකියි.

හස්සධම්ම ශික්ෂාපදය විස්තරයේ අඩංගු අවැඩ පිණිස නොව වැඩ පිණිස වන සහ බුදුරජානන් වහන්සේද අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති පසේනදි කොසොල් රජතුමාගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාළ නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියි.

ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ග පාළියේ චීවරක්ඛන්ධකයේ විසාඛාවත්ථු විස්තරයේ විසාඛා මිගාරමාතාව විසින් බුදුරජානන් වහන්සේගෙන් වර අටක් ඉල්ලිම ගැන සඳහන්. එයින් පළමු වැන්න නම් විසාඛා මිගාරමාතාවගේ දාසිය විසින්ද දුටු භික්ෂූන්ගේ නග්නභාවය නො හොබිනා බැවින්, ලැජ්ජා සහිත බැවින් සහ පිළිකුල් වූ බැවින් එම කරුණ දැක දිවිහිම් කොට සංඝයාට වැසිසළු දීමට ඉල්ලන වරයයි. දෙවැන්න නම් දිවි ඇති තාක් සඞ්ඝයාට ආගන්තුකබත් දීමට ඉල්ලන වරයයි. එහිදීද විසාඛා මිගාරමාතාව ආගන්තුක භික්ෂූන් යා යුතු නොයා යුතු තැන් නොදන්නා බැවින් සිදු විය හැකි අයහපත ගැන සලකා බලා තිබෙනවා. අටවන වරය ලෙස දිවි තෙක් භික්ෂුණී සඞ්ඝයාට දියසළු දීමට වරයක් ඇය ඉල්ලා තිබෙනවා. එහිදී මෙහෙණහු අචීරවතී නදියෙහි වෙසඟනන් සමග නග්නව එක් තොටෙහි ස්නානය කිරීමේදී වෙසඟනන් විසින් නොමනා බස් පවසා එම මෙහෙණහු වෙහෙසනු ලැබීමත්, එම මෙහෙණහු එයින් ලජ්ජිත වීමත් යන්න ගැන විසාඛා මිගාරමාතාව සලකා බලා මාගමගේ නග්නභාවය නො හොබිනා බැවින්, ලැජ්ජා සහිත බැවින් සහ පිළිකුල් බැවින් එම කරුණ දැක දිවි තෙක් භික්ෂුණී සඞ්ඝයාට දියසළු දීමට එම වරය ඉල්ලා තිබෙනවා.

එසේ වරයන් අටක් ඉල්ලන්නේ කවර අනුසස් දැක දැයි බුදුරජානන් වහන්සේ විසාඛාවගෙන් විමසීමේදී එම වර අටෙන් ඉල්ලන දෑට අනුව ඇය කරන ක්‍රියාවන් ඇයගේ ඉන්ද්‍රියභාවනාව, බලභාවනාව, බොජ්ඣඬ්ගභාවනාව අනුසස් කොට ඇති අයුරු ඇය විසින් මනාව විස්තර කර තිබෙනවා. බුදුරජානන් වහන්සේ ඇය පැවසූ දෑ පිළිගෙන ඇති අයුරු දැක්වෙන්නේ මෙසේයි:

සාධු සාධු විසාඛෙ, සාධු ඛො ත්වං විසාඛෙ, ඉමං ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසි. අනුජානාමි තෙ විසාඛෙ, අට්ඨ වරානි.

එහි සිංහල තේරුම:

විශාඛාව, ඉතා යහපති. විශාඛාව, තී මේ අනුසස් දක්නී තථාගතයන් වහන්සේගෙන් වර අට ඉල්වන්නෙහි ද, ඒ යහපති. විශාඛාව, තිට වර අට අනුදනමි.

එහිදී බුදුරජානන් වහන්සේ විසාඛා මිගාරමාතාවට සීලසම්පන්න ශ්‍රාවිකාවකගේ දානයේ ඵලයන් ගැන ගාථාවන්ගෙන්ද අනුමෝදන් කර තිබෙනවා.

විසාඛාවත්ථු විස්තරයේ දැක්වෙන පරිදි භික්ෂූ සංඝයාගේ සහ භික්ෂුණී සංඝයාගේ නො හොබිනා වූ, ලැජ්ජා සහිත වූ, පිළිකුල් වූ නග්නභාවය ගැන සලකා, ආගන්තුක භික්ෂූන් යා යුතු නොයා යුතු තැන් ගැනද සලකා, තවත් වෙනත් කරුණු ගැනද සලකා, ඉල්ලන ලද එම වර අටට අනුව තමන් කරනා ක්‍රියාවන් තමන්ගේ ඉන්ද්‍රියභාවනාව, බලභාවනාව, බොජ්ඣඬ්ගභාවනාව අනුසස් කොට ඇති අයුරුත් දක්වා, බුදුරජානන් වහන්සේ විසින්ද "සාධු සාධු" යැයි කියමින් පිළිගත් සහ දානයේ මනා වූ විපාක දැක්වෙන ගාථාවන්ගෙන් අනුමෝදන් ලැබීමට හේතු වූ විසාඛා මිගාරමාතාවගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාළ නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියි.

http://www.trekmentor.com/si/content/book/677 යන තැන ඇති ලිපියෙන් දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි විසින් භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාළ නැතය යන අධර්ම අවිනය මතයද අඩංගු කොට අට මහා අකුසල් යන කරුණක් පැනවීම ගැන විස්තරයක්.

රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාළ නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම බුදු සසුන තුළ මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුළ නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.