බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ

මහණෙනි, යම් සේ යම් තැනෙක්හි මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එකට මුසු වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුණක් හෝ දියබිඳු නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගීවු ද, කිමෙක් ඉබොහෝ ද,නගන ලද යම් දියබිඳු දෙක තුන හෝ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් හෝ දැ යි?

වහන්ස, ගඞ්ගා එක් වූ තැන යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ගඞ්ගා එක් වූ තැන දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසේයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්තථයක් නිපදවන්නේ වේ යි.

  - ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, අභිසමය වර්ගය, සම්භෙජ්‌ජ සූත්‍රය

බුදු දහමේ කියැවෙන ගංගාවන් අතර ගංගා, යමුනා, අචිරවතී, සරභූ සහ මහී යන මහා නදීන් පහ ගැන විස්තර බොහෝ සූත්‍රවල දැකිය හැකියි. එම සූත්‍රවල ගංගා (පාලි: ගඞ්ගා) ලෙස හැදින්වෙන ගංගාව අදත් හැඳින්වෙන්නේ ගංගා යන නමින්මයි. ඉංග්‍රීසියෙන් එය ගැනජීස් (Ganges) ලෙස හැඳින්වෙනවා. ගංගා නදියේ දිග 2525 km පමණ වන අතර එය හිමාල කඳු වැටියේ බටහිර දෙසින් ආරම්භ වී ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් හරහා මුහුදට ගලා බසිනවා.

පහත දැක්වෙන්නේ ගංගා ගඟ දැක්වෙන සිතියමක්.

Ganges river
අධිවිභේදන සිතියම (High resolution map): 1403x777
සිතියම ලබාගත් තැන: https://commons.wikimedia.org/wiki/File:Ganges-Brahmaputra-Meghna_basins...
(00:46, 1 May 2011 වේලාව සහ දිනයට අදාළ පිටපත)

ගංගා, යමුනා, අචිරවතී, සරභූ සහ මහී යන මහා නදීන් පහ යම් විටෙක එක්ව ගලන බව ඉහත දක්වන ලද සම්භෙජ්ජ සූත්‍රයේ සහ තවත් සූත්‍රවල සඳහන්ව පවතිනවා. මේ මහා නදීන් සියල්ලම එක්ව ගැලීම ආරම්භ වන්නේ වර්ථමානයේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇති පට්නා (Patna) ලෙසින් හැඳින්වෙන සහ පෙර කල පාටලීපුත්‍ර ලෙසින් හැඳින්වුනු නගරය ආසන්නයේ සිට බව සඳහන් විස්තර පවතිනවා. එම විස්තර 100% නිවැරදි යැයි තහවුරු කර ගැනීමට දැනට අපහසු අතර පසුව ඒ ගැන විස්තර මෙම ලිපියේම සටහන් කෙරෙනු ඇති. පහත ඡායා රූප දෙකෙන් දැක්වෙන්නේ පට්නා හිදී ගංගා නදිය හරහා ඉදිකර ඇති 5.75 km පමණ දිග මහත්මා ගාන්ධි පාලමයි:

River Ganga in Patna

Gandi Setu

පහත දැක්වෙන්නේ ගංගා ගඟ පිළිබඳව පීට් මැක්බ්‍රයිඩ් (Pete McBride) මහතා විසින් සිදු කරන ලද ගවේෂණයක් පිළිබඳව 2014 අවසානයේ ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝවක්. එහිදී ඒ මහතා පවසන සමහර කරුණු නිවැරදි නොවිය හැකියි. නමුත් ගංගා නදිය පිළිබඳව සත්‍ය විස්තර බොහෝ ප්‍රමානයක් එම වීඩියෝවේ අඩංගුයි.

ගංගා ගඟ පිළිබදව විකිපිඩීයා පිටුව:
https://en.wikipedia.org/wiki/Ganges

පීට් මැක්බ්‍රයිඩ් මහතාගේ ගංගා ගඟ ගවේෂණය පිළිබදව නැෂනල් ජියොග්‍රෆික් වෙබ් අඩවියේ පිටුව:
http://proof.nationalgeographic.com/2014/08/04/chasing-the-sacred-down-t...