ටොලමිගේ සිතියම්වලට අනුව ගංගා නදියේ පිහිටීම

ක්ලවුඩියස් ටොලමි (Claudius Ptolemy) යනු ක්‍රිස්තු වර්ෂ 100-170 පමණ අතර කාලයේදී සිටි ග්‍රීක-රෝම ලේඛකයෙක්. ඔහු ගණිතඥයෙකු, තාරකා ශාස්ත්‍රඥයෙකු, භූගෝල විද්‍යාඥයෙකු, ඡ්‍යෝතීර්වේදියෙකු සහ කවියෙකු ලෙස කටයුතු කර ඇති බවට විස්තර තිබෙනවා. විද්‍යාත්මක ග්‍රන්ථ කිහිපයක කතුවරයෙකු වන ඔහු එකල රෝමන් අධිරාජ්‍යයේ පැවති භූගෝල දැනුමට අනුව ලොව නොයෙක් ප්‍රදේශ දැක්වෙන සිතියම් සකසා තිබෙනවා. භූගෝලීය ප්‍රදේශ පිළිබඳව රෝමන් අධිරාජ්‍යයේ එකල පැවති දැනුම සීමා වීම නිසා එම සිතියම්වලින් දැක්වෙන භූගෝලීය පිහිටීම් සර්වප්‍රකාරයෙන්ම නිවැරදි වන්නේ නැහැ.

ටොලමි විසින් නොව වෙනත් අයෙකු (Wikipedia හි Pfly නම් පරිශ්‍රීලකයා) විසින් මෑත කාලයේදී (2011 වසරේදී) සකසන ලද ගංගා නදියේ සිතියමක් (ටොලමිගේ සිතියම් සැසදීම පිණිස):

Ganges River
අධිවිභේදන සිතියම (High resolution map): 1403x777
සිතියම ලබාගත් තැන: https://commons.wikimedia.org/wiki/File:Ganges-Brahmaputra-Meghna_basins...
(00:46, 1 May 2011 වේලාව සහ දිනයට අදාළ පිටපත)

 

පහත දැක්වෙන්නේ ගංගා නදිය ඉන්දියාව හරහා ගලා ගොස් බෙංගාල බොක්කෙන් මුහුදට පිවිසෙන අයුරු දැක්වෙන ටොලමිගේ සිතියමක්. එහි වම් පස ගංගා නදිය දැක්වෙනවා. INDIA INTRA GANGEM ලෙස ටොලමිගේ අන් සිතියම්වලද දක්වා ඇති ඉන්දියාවේ ගංගා නදියෙන් මෙපිට අභ්‍යන්තර ප්‍රදේශය සහ INDIA EXTRA GANGEM ලෙස දක්වා ඇති ඉන්දියාවේ ගංගා නදියෙන් එපිට බාහිර ප්‍රදේශය මෙම සිතියමේත් දැකිය හැකියි. සිතියමේ දකුණු පසින් SINAE ලෙස දැක්වෙන්නේ චීනයයි.

South-East Asia from Ptolemy's geography
අධිවිභේදන සිතියම (High resolution map): 1787x1820
සිතියම ලබාගත් තැන: https://en.wikipedia.org/wiki/File:Ptolemy_Asia_detail.jpg
(21:57, 25 August 2005 වේලාව සහ දිනයට අදාළ පිටපත)
විස්තරය: South-East Asia from Ptolemy's geography. Redrawn in the 15th century. The British Library Harley MS 7182.

 

ඉන්දියාවේ ගංගා නදිය දැක්වෙන ටොලමිගේ තවත් සිතියමක්:

Ptolemy's 10th map of Asia

සිතියම ලබාගත් තැන: https://en.wikipedia.org/wiki/File:Porro_map.png
(21:59, 10 January 2007 වේලාව සහ දිනයට අදාළ පිටපත)
විස්තරය: Ptolemy's map of India within the Ganges (India intra Gangem), his 10th map of Asia (Tabula Asiae X), as reconstructed by Girolamo Porro

 

ඉන්දියාවේ ගංගා නදිය, වෙනත් නදීන් සහ ඉන්දියන් සාගරයේ ඇති Taprobane (ශ්‍රි ලංකාව) ද දැක්වෙන වෙනත් තොරතුරුද ඇතුලත් ටොලමිගේ ලෝක සිතියම:

A mid-15th century Florentine map of the world based on Jacobus Angelus's 1406 Latin translation of Maximus Planudes's late-13th century rediscovered Greek manuscripts of Ptolemy's 2nd-century Geography. Ptolemy's 1st (modified conic) projection.
අධිවිභේදන සිතියම (High resolution map): 1500x1026
සිතියම ලබාගත් තැන: https://en.wikipedia.org/wiki/File:PtolemyWorldMap.jpg
(23:02, 27 July 2014 වේලාව සහ දිනයට අදාළ පිටපත)
විස්තරය:  A mid-15th century Florentine map of the world based on Jacobus Angelus's 1406 Latin translation of Maximus Planudes's late-13th century rediscovered Greek manuscripts of Ptolemy's 2nd-century Geography. Ptolemy's 1st (modified conic) projection.

 

ටොලමි පිළිබඳ විකිපීඩියා පිටුව:
https://en.wikipedia.org/wiki/Ptolemy

ටොලමිගේ ලෝක සිතියම පිළිබඳ විකිපීඩියා පිටුව:
https://en.wikipedia.org/wiki/Ptolemy%27s_world_map