පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා රහතුන්ට සිල් දෙන්න ඉන්න මෝඩයා කවුදැයි විමසීම

ඉහත වීඩියෝවේ විනාඩි 57යි, තත්පර 25න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:

මම රහතෙක්, සත්‍යාවබෝධයට පත් වෙච්ච කෙනෙක්. එවැනි කෙනෙකුට සිල් පණවන්න ඉන්න මෝඩයා කවුද? බුදුවරුන්ට, රහතුන්ට සිල් දෙන්න ඉන්න මෝඩයා කවුද? කිසිම කෙනෙක් නෑ. ඒ සියල්ල පවතින්නේ සාම්ප්‍රදායික රාමුවට විතරයි.

සිරිධම්ම පොඩ්ඩා රහතන් වහන්සේලාට සිල් පණවන්න කිසිම කෙනෙක් නැතැයි කීවද රහතන් වහන්සේලාට සිල් පණවන ලද අයෙක් ඇත. ඒ සම්මා සම්බුදුරජානන් වහන්සේයි. භූතාරොචනශික්ෂාපදය ඇසුරෙන් ඒ බව පහසුවෙන්ම පෙන්වා දිය හැක. යම් භික්ෂූවක් සැබෑවටම රහත් නම්, එම රහත් බව අනුපසම්පන්නයීන්ට කීමද භූතාරොචනශික්ෂාපදය පැණවීමෙන් සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් වලකා ඇත. එම ශික්ෂා පදය පැණවීම රහතන් වහන්සේලාටද අදාළ ලෙස පණවා තිබේ. එසේ ඇති විට රහතන් වහන්සේලාට සිල් පණවන්න කිසිම කෙනෙක් නැතැයි කීම වරදවා ගැනීමකි.

රහතන් වහන්සේලා භූතාරොචනශික්ෂාපදය පමණක් නොව ශාස්තෘන් වහන්සේ විසින් පණවන ලද අන් ශික්ෂා පදද රකිති. ඊට එක් උදාහරණයක් ලෙස ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ ආවසථපිණ්ඩ ශික්ෂාපදය දැක්විය හැකියී. ආගන්තුක දන් දෙන දන් සැලකට ගිය සැරියුත් තෙරණුවන්ට දන් වළදා අවසන් වූ පසු බලවත් රෝගයක් වැළදී දන් හලින් පිටට යාමට නොහැකිව දෙවන දිනද එහිම ඉන්නා විට බුදුරජානන් වහන්සේ විසින් වසමින් එක් වරකට වඩා ආගන්තුක දන් වැළදීම ප්‍රතික්ෂේප කරන ලදැයි යන්න සලකා බත් තිබුනද සැරියුත් තෙරණුවන් විසින් බත් නොකා සිටීම ගැන එහි සඳහන් වේ.

භූතාරොචනශික්ෂාපදය පිළිබඳ කරුණු "පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම" යන ලිපියේද සඳහන් කර ඇත.

සිරිධම්ම පොඩ්ඩාගේ "රහතුන්ට සිල් දෙන්න ඉන්න මෝඩයා කවුද?" යන කථාවෙන් පොඩ්ඩාගේම වරදවා ගැනීම විද්‍යමාන වේ.