සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය පටලවා ගෙන කරන අන්ධබාල කතාබහක් ඉහත වීඩියෝවේ දකින්න පුළුවන්. ඒ මෙසේයි:
[ කාලය 01:10:00 ]
පිටිදූවේ පකිස් බූරුවා: දැන් මං ප්‍රශ්නයක් ගේන්නං. අත්තකිලමථානුයෝගය, ඕගොල්ලෝ ඔයා කියන්ඩ මොකක්ද ඒකේ තේරුම.
හරේන්ද්‍ර: දුක් විඳීම කියන එකනේ අපි දන්නේ.
පිටිදූවේ පකිස් බූරුවා: ඒ ජෛන අර්ථ දැක්වීමක්. මං මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අර අපි අර පරවි කාවාඩි දැකලා තියෙනවා නේ. පරවි කාවාඩි කියන්නේ අර පිටේ කටු ගහලා පද්දන්නේ. එතකොට ඒ පරවි කාවාඩිය පදින මිනිහා ඒ පරවි කාවාඩිය නටන්නේ කැමැත්තෙන් ද, අකමැත්තෙන් ද? දේව භක්තිය නිසා කැමැත්තෙන්.
හරේන්ද්‍ර: කැමැත්තෙන්, ඒක තමා.
පිටිදූවේ පකිස් බූරුවා: අකමැත්තෙන් නෙමේ නටන්නේ. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද ඒක අත්තකිලමථානුයෝගයක් කියලා?
හරේන්ද්‍ර: ඔව්, දැඩිව දුක් දීම.
පිටිදූවේ පකිස් බූරුවා: ඔයාට හිතෙනවා. එතකොට එයා එයාගෙන් ඇහුවහම, දැන් අපි ගිහිලා අහනවා, මල්ලී, දැං ඔයා පරවි කාවාඩිය නටනවා, ඔයා කැමැත්තෙන් ද නටන්නේ, අකමැත්තෙන් ද? මං කැමැත්තෙන් නටන්නේ. ඔයාට සතුටක් ද තියෙන්නේ දුකක් ද? මට තියෙන්නේ සතුටක්. එතකොට එයාට කාමසුඛල්ලිකානුයෝගයක් නේ? මං කියන එක පැහැදිලි ද? අර්ථ දැක්වීම්වල ප්‍රශ්න තියෙනවා. මං කියන්නං අර්ථ දැක්වීම.
හරේන්ද්‍ර: දුක නම් දුකම විය යුතුයි.
පිටිදූවේ පකිස් බූරුවා: [ දුක නම් දුකම ] විය යුතුයි එයාටත්. ...
වෙදනාව නොයෙක් ආකාරයෙන් බෙදා දක්වන්න පුළුවන්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ මජ්ඣිම පණ්ණාසකයේ ගහපතිවග්ගයේ බහුවෙදනිය සූත්‍රයේ, එම සූත්‍රයේ අට්ඨකථාවේ, සංයුත්‌තනිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්‌ඨසතපරියායවග්ගයේ අට්‌ඨසතපරියාය සූත්‍රයේ, සංයුත්තනිකායේ මහා වග්ගයේ ඉන්ද්‍රියසංයුත්තයේ සුඛීන්ද්‍රියවග්ගයේ විභඞ්ග සූත්‍රයේ සහ ත්‍රිපිටකයේ සහ අට්ඨකථාවල තවත් බොහෝ ස්ථානයන්හි වෙදනාව බෙදා දැක්වෙන ආකාර ගැන විස්තර සඳහන්ව තිබෙනවා.
යම් අයෙක් කයට දුක් දෙමින් අත්තකිලමථානුයෝගයේ යෙදේ නම් එම දුක් දීම සමග පවත්නා වෙදනාව කායිකයි. එම තැනැත්තා ඉන් යම් යහපතක්, විමුක්තියක් වේ යැයි සිතමින් සතුටු වේ නම් එම සතුටු වීම සමග පවත්නා වෙදනාව චෛතසිකයි. මේ එකිනෙකට වෙනස් කාරණාවන් දෙකක්. එම චෛතසික වෙදනාව සුව වූවා කියා විඳි කායික දුක් වෙදනාව සුව වෙදනාවක් වන්නේ නැහැ. යම් ඒ කායික දුක් විඳීමක් පැවතියා නම් එය දුක් විඳීමක්ම තමයි.
කයට දුක් දෙමින් අත්තකිලමථානුයෝගයේ යෙදෙන තැනැත්තෙකුගේ දෘෂ්ටි ආස්වාදය ගැන සලකා එම තැනැත්තා යෙදෙන අත්ථකිලමථානුයෝගය අත්ථකිලමථානුයෝගයක් නොව කාමසුඛල්ලිකානුයෝගයකැයි සිතීම අන්ධබාල සිතීමක්.
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ ඔවැනි බූරු කථා අගනා දහම් කථා යැයි හිතන අය නූගත් දූපත් මානසික පිස්සන්.