නාගානන්ද කොඩිතුවක්කුට දස රාජ ධර්මය බුද්ධ ධර්මයටත් වඩා විපුලයි ලු!

ප්‍රශ්නය: ඔබේ ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී නැද්ද?

නාගානන්ද: ඇයි ඔබට එහෙම ප්‍රශ්නයක් අහන්ඩ හේතු උනේ ඇයි?

ප්‍රශ්න කරු: යෝජිත ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ වගන්තියයි වත්මන් ව්‍යවස්ථාවේ වගන්තියයි වෙනස් නිසා

නාගානන්ද: දැනට තියෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙන්නේය, බුද්ධාගම පෝෂණය කිරීමට රජය බැදී සිටින්නේය කියලා මේ වාක්‍යය ඛණ්ඩය තියෙනවා. නමුත් මේ හඳුන්වා දෙන නව ජනසම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ ඊට වැඩිය ඒ සීමාව ඉක්මවා ගිය විධිවිධානයක්. ඒක වචන ඛණ්ඩයකට සීමා වෙන්නෑ. මේකේ හඳුන්වා දෙන්නේ "ජනරජය බෞද්ධ දර්ශනය මත පදනම් වූ රාජ්‍යයක් ලෙස පිළිගන්නා අතර ඓතිහාසික උරුමය, සංස්කෘතිකාංග ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට රජය බැඳී සිටින්නේය.". ...

... දැනට තියෙන සද්ධර්මය ගැන තියෙන ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානයෙන්ම පැහැදිලි වෙනවා, ඒක හඳුන්වා දෙන්නේ ආගමක් විදිහට. "බුද්ධාගම". නමුත් මේක ආගමක් නොවෙයි. ඊට වඩා බොහොම සීමාව ඉක්මවා ගිය දර්ශනයක් මේක. මේක බෞද්ධ ආගමක් හැටියට අරගෙන වෙනත් ආගම්වලට සමඟ සැසඳීමට ගන්නා උත්සාහයම සම්පූර්ණයෙන්ම වැරදියි. ...

මේ මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වාදෙන එක ඇවිල්ලා සහමුලින්ම රාජ්‍යය ප්‍රතිපත්තිය තීරණය කරන්නේ දස රාජ ධර්මය මිසක් හුදෙක් ආගමක් හැටියට සද්ධර්මය දක්වලා ඒක හෑල්ලු කිරීමක් නෙවෙයි; ඊට වැඩිය සීමාව හුගක් ඉක්මවා ගිය වැඩපිළිවෙලක් තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා කොහෙත්ම මේ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සද්ධර්මය බුද්ධාගම කියන මේ ව්‍යවස්ථා ඛණ්ඩය සහ මේ හඳුන්වා දෙන එක අතර සසඳන්ඩ බෑ. ඊට වඩා හුගක් ඉහළ තත්ත්වයකට ගෙනත් තියෙනවා බුද්ධ දර්ශනය.

ප්‍රශ්නය: දස රාජ ධර්මය ගුරු කොට ගනී යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද?

නාගානන්ද: ඒ කියන්නේ ...

...

... ඇත්තටම ධර්මය, මේ ධර්මය ආගමක් විදිහට හැඳින්වීම බරපතල වරදක්. සද්ධර්මය කියන්නේ ඊට වැඩිය බොහොම ඉක්මවා ගිය එකක්. ...

... නමුත් අපි ගේන්ඩ හදන මේ වැඩපිළිවෙල ඊට වැඩිය හාත්පසින් වෙනස්. මේ කරන්ඩ හිතන වැඩපිළිවෙල ඊට වැඩිය බොහොම ඉහළ ස්ථරයකට යන දෙයක් ...

බුද්ධ ධර්මයත් යහපත්, දස රාජ ධර්මයත් යහපත්. එසේ උවත් විපුලත්වය අනුව දස රාජ ධර්මය සහ බුද්ධ ධර්මය අතර ඇති වෙනස කෙන්ද සහ කන්ද අතර ඇති වෙනස බඳුයි. නාගානන්ද කොඩිතුවක්කු තම යෝජිත ව්‍යවස්ථාවෙන් කර ඇත්තේ බුද්ධ ධර්මය යටපත් කොට දස රාජ ධර්මය ඉස්මතු කිරීම. එසේ උවත් එම යෝජිත ව්‍යවස්ථාව ගැන විස්තර කරන නාගානන්ද ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි රැවටිලිකාර වචනවලින් උත්සාහ කර ඇත්තේ තම යෝජනාවෙන් බුද්ධ ධර්මය වඩාත් ඉස්මතු වේ යැයි දැක්වීමට. නාගානන්ද කර ඇත්තේ කන්ද පෙනීම සඟවා කෙන්ද කන්ද සේ විස්තර කිරීම බඳු වංචාවක්.

සබැඳි:

  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (PDF)