ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ 2020 වසරේ කඨින පිංකම

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ 2020 වසරේ කඨින පිංකම නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යෙදෙමින් පවතිනවා. සැදැහැත්තෝ ඊට හැකි අයුරින් සහභාගී වෙත්වා!

තවද ආරණ්‍යයේ නඩත්තු කටයුතු සඳහා දායකත්වය දැක්විය හැකි පිංවතුන් ඊට උත්සුක වෙත්වා! පහත දැක්වෙනුයේ සේනාසනයේ සංවර්ධන සමිතියේ බැංකු ගිණුම පිළිබඳ විස්තර:

බැංකුව: සම්පත් බැංකුව
ශාඛාව: අනුරාධපුර සුපර් ශාඛාව
ගිණුමේ නම: ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසන සංවර්ධන සමිතිය
ගිණුමේ අංකය: 102161004187
Swift code: BSAMLKX
Bank code: 7278

මුදල් පරිත්‍යාග කෙරුමට කැමති අය එම ගිණුමට මුදල් දැමීමට පෙර ආරණ්‍ය සේනාසනය සමඟ සම්බන්ධ වී ගිණුම පිළිබඳ විස්තරවල නිරවද්‍යතාවය පරික්ෂා කර බැලීමත්, තමන් සහ තමන් කරන පරිත්‍යාග පිළිබඳ විස්තර ආරණ්‍ය සේනාසනයට දැනුම් දීමත් වඩාත් සුදුසුයි. මුදල් පරිත්‍යාග කරත් නොකරත් සෘජුවම ආරණ්‍ය සමඟ සම්බන්ධ වී අවශ්‍ය කටයුතු කර දෙන්න කැමති අයට ඊටද උත්සුක විය හැකියි.

"චිරං තිට්ඨතු ලොකස්මිං සම්මාසම්බුද්ධසාසනං,
තස්මිං සගාරවා නිච්චං හොන්තු සබ්බෙපි පාණිනො."