බුදුන් වහන්සේ මෛත්‍රී, කරුණා, මුදිතා රහිත යැයි තිත්තගල්ලේ ආනන්දසිරි අන්ධබාල කථාවක් දෙසයි

[ කාලය 00:07:03 ]

කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි:

එතෙන්දි මං අනුනායක හාමුදුරුවන්ට දැනුවත් කරා මං බුදුන් වහන්සේට කිසිවිටෙක අපහාස කරේ නැහැ.

බුද්ධත්වය කියලා කියන්නේ අති ශ්‍රේෂ්ඨ තත්වයක්. ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕනෑ තත්වයක්. ඒක මාර්ගඵල ලාභියෙක් විතරක් දන්න තත්වයක්. මොකද බුදු සිතක කවදාවත් වෛරය, කෝපය, ඉරිසියාව, කුහකකමත් නැහැ; මෛත්‍රීය, කරුණාව, මුදිතාව ඒවත් නැහැ. මොකද ඒක පැහැදිලිවම කියන්න ඕනෑ ඒ සිත විමුක්ති සිතක්. විමුක්ති සිතක් ගැන මම මේ වෙලාවේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒක දාර්ශනිකව හැමදාම ඒ සාකච්ඡාව ලෝකේ තියේවි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කාටත් වෛර කරන්නෙත් නැහැ; බුදුහාමුදුරුවෝ කාටවත් මෛත්‍රීය කරන්නෑ; ඒ ප්‍රකාශය මම නැවත කරනවා. බුදුහාමුදුරුවෝ කාටවත් ආදරය කරන්නෙත් නැහැ; බුදුහාමුදුරුවෝ කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒ නිසා ඒ බුදු සිතක ආශ්චර්යය.

තිත්තගල්ලේ ආනන්දසිරි නම් කහකඩ තුච්ඡ පුද්ගලයාගේ මෝඩකම කෙබඳු දැයි එතැනිනුත් වටහා ගන්න පුළුවන්. බුදුන් වහන්සේ තුළ මෛත්‍රීය, කරුණාව, මුදිතාව නොතිබුනා නම් අහවල් දේකටද බුදුන් වහන්සේ ලෝක සත්වයාට හිතැතිව, ලෝක සත්වයාට අනුකම්පා ඇතිව, ලෝක සත්වයාට වැඩ සලසමින් කටයුතු කළේ?

තිත්තගල්ලේ ආනන්දසිරි නම් කහකඩ තුච්ඡ පුද්ගලයා විමුක්ති සිතක් ගැන පවසන ඒ මුසාවෙන් හැඟවෙන්නේ විමුක්ති සිතක් ඇත්තෙකු යනු යම් යම් කරුණු සමබන්ධව සිහියක් නොමැති විකාරශීලී පුද්ගලයකු මෙන් හැසිරෙන්නෙකු බව.

මේ ගොං හරකාට බුදුන් වහන්සේ බුදුන් වහන්සේට පමණක්ම සීමා වූ මහාකරුණාසමාපත්තිඥානයෙන් යුතු බව වත් සිහි වන්නේ නැද්ද? මහාකරුණා සමවතට සමවදින බුදුන් වහන්සේ දක්නා වූ උපකාර කළ හැකි තැනැත්තන් දුරින් සිටියත් සොයාගෙන ගොස් උපකාර කළ බව කෙතරම් කියැවෙනවාද?

තිත්තගල්ලේ ආනන්දසිරි වැනි තකතීරු, අමන, ගොං, මෝඩ, අසත්පුරුෂ පුද්ගලයින් විසින් බුදුන් වහන්සේගේ ඇති ගුණ නැතැයි කරනු ලබන මෙබඳු අපහාස බුද්ධ ශ්‍රාවකයින් විසින් පිළිකුලෙන් හෙලා දැකිය යුතුයි. මුං වාගේ ගොං හරක්ට විනය ක්‍රියාත්මක නොකරන අන් සිවුරුධාරීන්ට ද නින්දා වේවා!

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාකරුණාසමාපත්තිඥාන විස්තරය
  2. බුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම
  3. බුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම අරභයා නඩු පැවරීම