භික්ෂූන් වහන්සේලාව විවේචනය නොකරන්න යැයි වල්පොල ගෝතම හිමි ලබා දෙන මනස්ගාත උපදෙස්

[ කාලය 05:08]

දැං ඔය විවේචනය වෙච්ච දවස්වල මා එක්ක ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේත් කථා කරේ "බලන්ඩ මේකෙන් මිනිස්සු කොච්චර දැන් පව් පුරවා ගන්නවාද මෙහෙම වෙනකොට" කියලා.

පිංවත්නි, මං ඔබට කියන්නේ, කවුරුහරි ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් අසවල් ස්වාමීන් වහන්සේව මේ වගේ මෝඩයෙක්, පිස්සෙක් මොකක් හරි කියලා එහෙම විවේචනයක් කරොත් එහෙම ඒක ඒ හාමුදුරුවෝ කියපු දෙන්, ඔය ඇත්තෝ ඒක පුරුදු වෙන්ඩ එපා කවදාක්වත්. ...

වල්පොල ගෝතම හිමි ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිව විවේචනය කරමින් භික්ෂූන් වහන්සේලාව විවේචනය නොකන්න යැයි අනුන්ට උපදෙස් දෙන ආකාරය ඉහත වීඩියෝවේ දැක්වෙනවා. එම උපදෙස් දීම කෙතරම් විහිළු සහගත ද යත් වීඩියෝවේ කියැවෙන දෑ සත්‍යය නම් වල්පොල ගෝතම හිමි සහ ගලිගමුවේ ඥාණදීප හිමි යන හිමිවරුන් දෙදෙනාම නිරයේ වැටෙයි ද කියලත් හිතා බලන්ඩ වටිනවා. එපමණක් නොවෙයි, එම විහිළු සහගත උපදෙස් දීම පෙර කල වල්පොල ගෝතම හිමි පිටිදූවේ පකිස් බූරුවා ගැන කියා ඇති දෑ සමඟ ද සසඳා බැලීම සුදුසුයි. "පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ගැන වල්පොල ගෝතම හිමි පවසන දෑ" යන සබැඳියෙන් ඊට යොමු වන්න පුළුවන්.

භික්ෂූන් වහන්සේලා වේවා, වෙන යම් පුද්ගලයින් වේවා දුසිල්වත් පුද්ගලයින්ව විවේචනය නොකළ යුතු යැයි බුදු දහමේ ඉගැන්වෙන්නේ නෑ. වල්පොල ගෝතම හිමිගේ ඒ උපදෙස් දීම එහිමියන්ගේ මනස්ගතයක් පමණයි. දුස්සීල කෙනෙක්ව විවේචනය කර නිරයේ ගියපු අය ඉන්නවා යැයි වල්පොල ගෝතම හිමි ස්වකීය දේශණයේදී අතීත කතාවක් ගෙන හැර දක්වතත් එහිමියන් දුස්සීල කෙනෙක් යැයි වචන පටලවා ඒ පවසන්නේ දුස්සීල නොවන කෙනෙකුට බව එහිමියන්ගේ විස්තර කිරීමෙන්ම වටහා ගන්න පුළුවන්. නුවණැත්තෝ ත්‍රිපිටක බුද්ධ වචනය කියවා බලා කවර ආකාරයට විවේචනය කළොත් බොහෝ පව් සිදුවෙනවා ද, කවර ආකාරයට විවේචනය කළොත් බොහෝ පිං සිදුවෙනවා ද යන්න වටහා ගෙන ඊට අනුව කටයුතු කිරීමයි වටින්නේ. මනාව කරන විවේචනය පුද්ගලයින්ව පරිහානියෙන් වළකනවා. විවේචනය කළ යුතු තැන දී නොකර සිටීම අගය කළ හැක්කක් නොවෙයි.

ප්‍රසාදය ඇති කළ යුත්තන් කෙරෙහි ප්‍රසාදය ඇතිකරවීමත්, අප්‍රසාදය ඇති කළ යුත්තන් කෙරෙහි අප්‍රසාදය ඇතිකරවීමත්, ප්‍රසාදය ඇති කළ යුතු දෑ කෙරෙහි ප්‍රසාදය ඇතිකරවීමත්, අප්‍රසාදය ඇති කළ යුතු දෑ කෙරෙහි අප්‍රසාදය ඇතිකරවීමත් සත්පුරුෂ ස්වභාවයක්.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ දුකනිපාතයේ තතියපණ්ණාසකයේ ආයාචනවග්ගයේ පඤ්චම සූත්‍රයේ සිට ඉදිරියට ඇති සූත්‍ර හතර
  2. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ පඨමපණ්ණාසකයේ භණ්‌ඩගාමවග්ගයේ පඨමඛත සූත්‍රය
  3. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චකනිපාතයේ තතියණ්ණාසකයේ අන්‌ධකවින්‌දවග්ගයේ වණ්‌ණ සූත්‍රයේ සිට ඉදිරියට ඇති සූත්‍ර පහ
  4. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චකනිපාතයේ පඤ්චමපණ්ණාසකයේ ආවාසිකවග්ගයේ පඨමඅවණ්ණාරහ සූත්‍රයේ සිට ඉදිරියට ඇති සූත්‍ර තුන
  5. රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාළ නැත
  6. අන් අයගේ ගුණ දොස් කීම පුණ්‍ය ක්‍රියාවක්ද, පාප ක්‍රියාවක්ද, නොකියා සිටීම උතුම්ද?
  7. පැවිද්දන්ට සහ ආගම්වලට ගැරහීම ගැන ගරු මහින්ද රාජපක්ෂ මහතා නොමනා ආකල්පයකට එළඹ සිටීම