මිතුරන් නොලත් කීර්ති ධර්මසිරි සර්

එක්දහස් නවසීය අනූ පහ වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ විභාගය ලියූ මම භෞතික විද්‍යාව ඉගෙනීම පිණිස කීර්ති ධර්මසිරි සර්ගේ මහනුවර පැවති පන්තියට ගියා. හරවත්ව රසවත්ව භෞතික විද්‍යාව ඉගැන්වීමට එතුමා සමර්ථයෙක්. උසස් පෙළ සඳහා මම ගිය පාසැල උනේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය. එම වසරේ උසස් පෙළ ගණිත අංශයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබාගත්තේ මම. ඊට ගුරුවරයෙකු ලෙස කීර්ති සර්ගෙන් ලැබුණු උපකාරය කෘතගුණපූර්වකව සිහිපත් කරනවා.

ඉහත වීඩීයෝවේ දැක්වෙන්නේ මෑත කාලයේ කීර්ති සර් සහභාගී වූ සාකච්ඡාවක්. එම සාකච්ඡාවේ දී කීර්ති සර් පවසන දෑ ට අනුව පෙනෙන්නේ කීර්ති සර්ට මිතුරන්ගේ ඇසුර නොලැබී ඇති බවත්, බුද්ධිමතුන්ගේ ඇසුර නොලැබී ඇති බවත්. එවන් වූ සාකච්ඡාවක් දක්නට ලැබීම සංවේගය ඉපදීමට කාරණාවක්.

කීර්ති සර්ට මිතුරන්ගේ ඇසුර ලැබේවා! කීර්ති සර්ට බුද්ධිමතුන්ගේ ඇසුර ලැබේවා!

සබැඳිය:

  1. වැලිතලප මූසිලයාගේ කෙණහිල් නාදය